spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වන ජීවි නිලධාරිහු ලෙඩ වෙති..

Must read

1467355419_5958860_hirunews_Protest1අද (7දා) දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් අසනීප නිවාඩු දමා විරෝධතාවයක යෙදීමට තීරණය කර ඇත. මේ සඳහා මූලිකත්වය ලබාදෙන්නේ ඒකාබද්ධ වනජීවි සංගමයයි.

පසුගිය දිනවල පොලොන්නරුව ජල ගැලුම් ජාතික වනෝද්‍යානය සම්බන්ධව වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා සහ වනජීවී නිලධාරීන් අතර ගැටුමක් අැතිවිය. මනම්පිටිය සිට යක්කුරේ දක්වා එම ප්‍රදේශ යා කරමින් පාරක් කැපීමත්, ගව ගාලක් අැති කිරීමත් ඊට ප්‍රධාන හේතුව වී ඇත.

මේ නිසා පාරිසරික ගැටළු ගනනාවක් මතුවන බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙති. නමුත් ජනතා අවශ්‍යතාවය දඩමීමා කර ගනිමින් වනජීවී ආඥා පනත උල්ලංඝනය වනසේ කටයුතු සිදුවන බව වනජීවී නිලධාරීන් චෝදනා කරති. මෙහිදී වනජීවී නිලධාරීන්ට එකී අාඥා පනත උල්ලංඝනය කරන ලෙස වනජීවී ඇමති බලපෑම් කරන බවත්, එසේම ඔවුන්ට එරෙහිව වැරදි මතවාදයක් නිර්මාණය කර ඇති බවත් , පැහැදිළි කරන වනජීවී සංගමය මේ සියළු කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මෙම වෘත්තීය සමීති ක්‍රියා මාර්ගය ගන්නා බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article