spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තවත් සොරුන්ගේ කතාවක්..

Must read

දැනට අවුරුද්දක දෙකක පමණ කාලයක සිට මීගමුවේ සොරකම් සහ මංකොල්ලකෑම් වේගයෙන් වර්ධනය වන අතර මේවාට සම්බන්ධ පුද්ගලයන් ද අත්අඩංගුවට ගැනෙන්නේ හෝ නීතිය ඉදිරියට ගෙන එන්නේ ඉතාම අහඹු අවස්ථාවකදී පමණී. මෙම සොරකම් වලට යතුරු පැදි, රත්තරන් චේන් , ව්‍යාපාරික ස්ථාන වල භාන්ඩ, නිවෙස් වල වටිනා බඩු නැතිවීම අයත් විය. මීගමුව නගරයේ  ප‍්‍රධාන ව්‍යාපාරික ස්ථානයක් වූ Ever Exe  ආයතනය 2012 වසර තුළදී දෙවතාවක් මංකොල්ල කෑ අතර  නගරයේ ෆාමසි කීපයක් ද හේෂා මෝටර්ස් ව්‍යාපාරික ආයතනය ද පසුගිය කාලයේ මංකොල්ල කා තිබුණි. වාර්තා වී ඇති මංකොල්ලකෑම් එපමණ වුවද වාර්තා වී නැති ප‍්‍රමාණයයක් ද ඇත. මේවාට අමතරව නගරයේ ප‍්‍රධාන රෙදි පිලි ආයතන වලද නිරන්තරයෙන් සොරකම් සිදුකෙරේ. මෙම තත්ත්වය පාලනය කරගැනීමට තවමත් අදාළ වගකිවයුත්තන්ට නොහැකි වී ඇති බව කිව යුතුය. ඒ අතර දී ඉදහිට ආයුධ හෝ හොරබඩු සමඟ සොරෙකුව අත්අඩංගුවට ගැනීමට ද පොලීසිය සමත්වේ. නමුත් සොරකම නැවතී නැත. නගරයේ ප‍්‍රධාන ව්‍යාපාරික ස්ථාන වලට රාත‍්‍රී කාලයේ පැන මංකොල්ලකෑම නැවතී නැත. පහල පළවන්නේ ද පසුගියදා මිගමුව නගරයේ පුරවැසියෙකුට අත්විඳින්නට සිදුවූ සිදුවීමකි. ඒත් සොරුන්ගේ කතාවකි.
අපේ‍්‍රල්  03 වන අඟහරුවාදා මීගමුව පෙරියමුල්ලේ පදිංචි නිවෙසියෙකුගේ නිවසක රත්තරන් බඩු කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර ඇති බව ඔවුන් දැනගත්තේ දේවස්ථානයට ගොස් යලිත් නිවසට පැමිණි අවස්තාවේදීය. උදේ  8-30 ත්  9.00ත් අතර වේලාවේදී  මෙම සිදුවීම වන විට  නිවසේ සියලූ දෙනාම දළුවකොටුව දේවස්ථානයට ගොස් තිබුණි. ඔවුන් නිවසට  එනවිට නිවසේ එක් ජන්ලයක් කඩා සොරෙකු ඇතුලූ වී ඇත බව දැනගත් අතර ගේ ඇතුලට ගොස් බලන විට තමන්ට හිමිව තිබූ වටිනා රන් ආභරන  අල්මාරියක් කඩා ගෙනගොස් ඇති බව දැනගත්තේය. ලක්ෂ 05කට අධික වූ එම පවුලේ පිරිමි දරුවන් දෙදෙනා සහ දියණියගේත් , මවගේත් රන් ආභරණ වූ ,රත්තරන් මාල, කරාබු, සහ බේස්ලට්, වලලූ  මේ සොරගත් රන් ආභරණ අතරට අයත් වී තිබුනි. එයට අමතරව ජංගම දුරකථනක් ද නැතිවී තිබිණි.  සිද්ධිය දැනගත් වහාම ඔවුන් මීගමුව පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් කළේය.
අපේ‍්‍රල් 05 වෙනිදා ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය විසින් පුද්ගලයෙකුව කොළඹ දී සොරකම් කළ බවට සැක සහිත රත්තරන් බඩු සමග අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ මේ පුද්ගලයා රන් ආභරණ උගස් කිරීමට ගොස් සිටි අවස්තාවේදීය. එම අවස්තාවේදී  මෙම පුද්ගලයා ඔහුගේ මස්සිනාගේ හැඳුනුම්පත පාවිචිකරමින් රත්තරන් බඩු උගස් කිරීමට උත්සාහා දරමින් සිට ඇති අතර  ග‍්‍රෑන්ඞ්පාස් පොලීසියේ නිලධාරීන් විසින් මොහුව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර ඇත. ඒ අනුව මෙම පුද්ගලයා මීගමුවේ පදිංචි පුද්ගලයෙකු බවත් ඔහුගේ මස්සිනා මට්ටක්කුලියේ පදිංචිව සිටින බවත් හෙළිවී තිබේ.  එමෙන්ම ඔහු ළඟ තිබී වෙනත් ස්ථාන වලට රත්තරන් බඩු උගස් කළ කුවිතාන්සි ද සොයාගෙන තිබේ. මෙම සැකකටයුතු පුද්ගලයාගෙන්  රත්තරන් බඩු පිළිබඳව විමසීමේදී ඔහු පොලීසියට පවසා තිබුණේ ඒවා බිම වැටී තිබී අහුලාගත් බවකි. නමුත් ඒ අවස්තාවේදී ඔහු ලග තිබී වළලූ 4ක්, චේන් එකක් සහ බේස්ලට් එකක් සොයා ගෙන තිබුණි. ඉන්පසු ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය විසින් මේ ආකාරයේ රත්තරන් බඩු පිළිබඳව පැමිණිල්ලක් කිසිවෙකු විසින් කර ඇතිද යන්න  මීගමුව පොලීසියෙන්  විමසා ඇති අතර පසුව විමර්ශන කටයුතු අරඹා ඇත. අපේ‍්‍රල් 03 වෙනිදා පෙරියමුල්ලේ දී නැතිවූ රන්භාන්ඩ පිළිබඳව කළ පැමිණිල්ලේ විස්තර සමඟ එම සැකකටයුතු පුද්ගලයා අත ලග තිබූ රන්භාන්ඩ වල සමානකමක් ඇති බව තහවුරු වූ පසුව මීගමුව පොලීසිය විසින් මේ පිළිබඳව පෙරියමුල්ලේ පදිංචි එම පැමිණිල්ල සිදුකළ පවුලේ සාමාජිකයන් වෙත දන්වා තිබුණි. මෙම පුද්ගලයා සමඟ මෙම සොරකමට ඔහුගේ මස්සිනා ද සම්බන්ධ වී ඇති බවට සැක කරමින් මොවුන් දෙදෙනාවම ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අපේ‍්‍රල් 19 වනදා මීගමුව අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී එම සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති  අතර නැවත ඒ පිළිබඳව නඩු විභාගයක් මැයි මස 02 දාට විභාග වීමට නියමිතය. මේ වන විට මේ මංකොල්ලකෑම සම්බන්ධ පරීක්ෂණ කටයුතු මීගමුව පොලීසිය විසින් ඉදිරියට ගෙන යාමට නියමිතය.  සිය රන්භාන්ඩ සොරාගත් පුද්ගලයින් පිලිබඳව සොයාගැනීමට කටයුතු කළ ග‍්‍රෑන්ඞ්පාස් පොලීසියේ අපරාධ අංශයේ අයි. පී. වීරරත්න මහතා, පොලිස් සැරයන් බන්ධුල මහතා (20857)  පොලිස් සැරයන් එරන්ද (23786) පොලිස් සැරයන් ප‍්‍රියදර්ශන (87159 ) වෙත එම පෙරියමුල්ලේ පදිංචි එම සාමාජිකයන් විශේෂ ස්තූතියක් පළ කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article