spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ත්‍රස්ත පණත යටතේ රදවාගෙන සිටින සියල්ලන් නිදහස් කරන්නැයි බලකරමු !

Must read

සාමකාමී විරෝධතා සහ වගකීම් සහගත හා වගවීම සහිත ආණ්ඩුකරණයක් වෙනුවෙන් වන සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ප්‍රචණ්ඩත්වය හා නෛතික පළි ගැනීම් යෙදා ගනිමින් බව  කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව වෙත ලිපියක් ලියන සිවිල් සමාජ සංවිධාන සහ පුරවැසි එකතුවක්  පෙන්වා දෙමින් ඊයේ දිනයේ කොළඹදි විරෝධතාවයක්ද සංවිධානය කර ඇත.

 එම සාමූහික ආයාචනය  ඉදිරිපත්  කර ඇත්තේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ සමාජ ක්‍රියාකාරීන් ඉලක්කකර සිදුකරන පීඩාවෙන් අවසන් කරන ලෙසටත්, දින 90 න් පසු කිසිදු අයුරකින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වන වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමිගේ රැඳවුම් නියෝග දීර්ඝ නොකරන බවටත් බලපෑම් කරන ලෙස  ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටීම පිනිස යැයි ශ්‍රිලංකා බ්‍රිෆ් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ.

මේ අතර කොන්දේසි විරහිතව දමිළ මුස්ලිම් ජනයා ඇතුළු සැමගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැමදාමත් හඩ නැගු ජනතා කලකාරුවෙකු වු ජයතිලක බණ්ඩාර සිය ෆේස් බුක් පිටුවේ තුල දකුණේ සමාජයට අභියෝයක් මතු කර තිබේ.

දකුණේ මෙන්ම උතුරු නැගෙනහිර ජනයාගේත් අයිතින් වෙනුවෙන් එකාවන්ව හඩ නැගිම ප්‍රමුඛතාවයක් දෙන දකුණේ දේශපාලන බලවේග වලට අද නොහැකි වි තිබේ.


මේ පසුබිම එවන් දේශපාලන කන්ඩායම් වල ප්‍රධාන න්‍යාය පත්‍රයන්ට දැනටමත් එක්ව සිටින සිවිල් සමාජය පවා මේ අරගලය පෙරට ගැනිමට සුදානම් නැති බව ඉතාමත් පැහැදිලිය.මෙවන් පසුබිම ජයතිලක බණ්ඩාරලා වැනි සිවිල් සමාජ ක්‍රියාකාරින් මුලිකත්වයක් ගත් පළල් සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයක් නොපමාව රට තුල ගොඩනැගිය යුතු ව තිබේ.


ඝාතනය කළ මාධ්‍යවේදින්ට මෙන්ම සමාන්‍ය ජනයාටද යුක්තිය ඉල්ලා රාජපක්ෂ රෙජිමයට එරෙහිව කොන්දේසි විරහිත අරගලයක් දකුණේ මෙන්ම උතුරේ ඇරඹිය යුතුව තිබේ.

This image has an empty alt attribute; its file name is JB-1.png

This image has an empty alt attribute; its file name is JB-2.png

 

සිවිල් සමාජ සංවිධාන සහ පුරවැසි එකතුවවේ සම්පුර්ණ ලිපිය

සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

2022 නොවැම්බර් 15

හිතවත් තානාපතිවරුනි/මහ කොමසාරිස්වරුනි,

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි මර්ධනය නැවැත්වීමටත්, ත්රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ  රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්යාල ශිෂ් බලමණ්ඩලයේ ශිෂ් නායකයින් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසටත් ශ්රී ලංකා රජය වෙත බලපෑම් කිරීම

පහත අත්සන් කරන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් වන අපි විරෝධතා මර්ධනය කිරීමේ සහ ජනතාවගේ ප්‍රකාශනයේ සහ සමාගමයේ නිදහස තිරශ්චීන ලෙස උල්ලංඝනය කිරීමේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිමු.

සාමකාමී විරෝධතා සහ වගකීම් සහගත හා වගවීම සහිත ආණ්ඩුකරණයක් වෙනුවෙන් වන සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ප්‍රචණ්ඩත්වය හා නෛතික පළිගැනීම් යෙදා ගනිමිනි. විරෝධතා විසුරුවා හැරීමට හා විරෝධතාකරුවන්ට දඬුවම් දීමට බලය යෙදවීම සහ පලිගැනීමේ උපායමාර්ගයක් ලෙස අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් හා නඩු පැවරීම් යොදා ගැනීම සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුව ඇත. ත්‍රස්ත විරෝධී නීති -විශේෂයෙන් කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබාදී ඇති පොරොන්දු නොතකමින් එකී නීති විරෝධතාකරුවන්ට එරෙහිව යොදා ගැනීම සම්බන්ධයෙන් අපගේ දැඩි අවධානය යොමුව ඇත. අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යලයීය භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි චෝදනාවක් හෝ ඇප ලබාදීමකින් තොරව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 ක ට ආසන්න කාළයක් මේ වන විට රඳවාගනු ලැබ සිටියි. ඔවුන් රඳවනු ලැබ සිටින අපිරිසිදු, අනාරක්‍ෂිත හා ඔවුන්ගේ සෞඛ්‍යයට දැනටමත් අහිකකර ලෙස බලපා ඇති අමානුෂික ආකාරය සම්බන්ධයෙන් එකී සිසුන්ගේ පවුල් සහ නීතීඥයින් විසින් දිගින් දිගටම හඬ අවදිකර ඇත. 2022 අගෝස්තු 18 වන දින මුදලිගේ සහ සිරිධම්ම හිමි සමඟ අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන් ජීවන්ත ඔක්තෝබර් 7 වන දින (දින 50 ක් රඳවා තබාගැනීමෙන් පසු) කොන්දේසි විරහිතව නිදහස් කරනු ලැබූයේ ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැතිවය.

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිගේ රැඳවුම් නියෝග අවසන් වන 2022 නොවැම්බර් 18 වන දින තෙක් නොසිට වහාම ඔවුන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලකිරීමට ඔබ දක්වන සහය අපි අගයකර සිටිමු. ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ සමාජ ක්‍රියාකාරීන් ඉලක්කකර සිදුකරන පීඩාවෙන් අවසන් කරන ලෙසටත්, දින 90 න් පසු කිසිදු අයුරකින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වන ඔවුන්ගේ රැඳවුම් නියෝග දීර්ඝ නොකරන බවටත් බලපෑම් කරන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු.

යුද්ධය අවසන්වී වසර 13 කට පසුවද තවදුරටත් ක්‍රියාවේ යොදවනු ලබන ත්‍රස්තාවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන් අහෝසි කළයුතු බව සිවිල් සමාජ සංවිධාන වශයෙන් අපි දිගින් දිගටම කියා සිටිමු. මෙම කුරිරු නීතිය ක්‍රියාවේ යොදවනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහස උල්ලංඝනය කිරීමේ අරමුණිනි.

හිටපු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයාට සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට බලකළ මෑතකාලීන ජනතා නැගිටීම තුල තීරණාත්මක කාර්ය භාරයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සමඟ වෘත්තිකයින් හා සිවිල් සමාජ කණ්ඩායම් විසින් ඉටු කරන ලදී. උද්ධමනය ඉහලයාම සහ උග්‍රවන ආර්ථීක අර්බුදය සමඟ භාණ්ඩ හා සේවා දරාගත නොහැකි ලෙස ඉහල යාම, අයහපත් ආණ්ඩුකරණය, දූෂණය සහ රාජ්‍ය වගවීමක් නොමැතිකම යන කාරණාවන් සම්බන්ධයෙන් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් වෙත ජනතාව අවතීරණ වී ඇත. එමෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධීපති ධූරයට පත්වීමෙන් පසු තීව්‍ර කරන ලද රාජ්‍ය මර්ධනය අවසන් කරන ලෙසටද ජනතාව බලකර සිටියි. ආර්ථික අර්බුදයට මඟ පෑදූ ශ්‍රී ලංකා රජයේ ක්‍රියා පිලිවෙත සම්බන්ධයෙන් පමණක් නොව සාමකාමී විරෝධයන්ට එරෙහි පලිගැනීම් සම්බන්ධයෙන්ද රජයට බලපෑම් කරනුවස් ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ලබාගැනීමට විරෝධතාකරුවන් සමත්ව ඇත. විරෝධතාකරුවන්ට එරෙහි මර්ධනය සහ රටේ මහජන අවකාශය සීමා කිරීම සම්බන්ධයෙන් තානාපති ප්‍රජාව, ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ එක්සත් ජාතීන්ගේ අධිකාරය හිමි යාන්ත්‍රණ, මානව හිමිකම් ක්‍රියාධරයින් සහ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන විසින් සිදුකරන අධීක්‍ෂණ හා මැදිහත්වීම් අපි අගය කරමු. මේ තත්ත්වය තුල වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි යන ශිෂ්‍ය නායකයින් දෙදෙනා නිදහස් කරන ලෙසට වන විරෝධතාකරුවන්ගේ හඬ ශක්තිමත් කිරීමට ඔබගේ සහය ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් සුරක්‍ෂිත කරනුවස් වන ජනතා අපේක්‍ෂාවන් තෘප්ත කරගනු පිණිස තීරණාත්මක වේ. ජාත්‍යන්තර ප්‍රජාවේ සමහර පාර්ශ්වයන් රනිල් වික්‍රමසිංහ සහ වර්තමාන ආර්ථික අර්බුදය විසඳීම සඳහා වන ඔහුගේ සැලැස්ම සම්බන්ධයෙන් ධනාත්මක ආකල්පයක පසුවුවද, මහජන විරෝධතා මර්ධනයට සහ ජනතාවගේ ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහසට ඔහු විසින් ගනු ලබන පියවර කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අපි අවධාරනය කරමු.

ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුද සමයක සිය ජනතාවට එරෙහි රජයේ ක්‍රියාපිලිවෙත විසින් මීළඟ වසරේ සමාලෝචනයට නියමිත GSP+ සහනය කෙරෙහි බලපෑම් ඇති කිරීමට ඇති ඉඩ සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුව ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සියලු මැදිහත්වීම් පැහැදිලි හා පාරද්‍රෘෂ්‍ය මානව හිමිකම් පිලිවිතරයන් මත පදනම් වියයුතු බව අපගේ මතයයි. සැබෑ පරිවර්තනයක් සිදුවීමට නම් මෙවන් තත්ත්වයක් යලි ඇති නොවනු පිණිස වෙළඳ හා මූල්‍ය ක්ෂේත්‍රයන් තුලද බලපෑම් කළයුතු වේ. වැරදි තොරතුරු/ තොරතුරු විකෘති කිරීම් ඔස්සේ පුරවැසියන්ගේ විරෝධතාවන් ලේබල් කරමින් ඒවා අපරාධනීය බවට නාමකරණය කරමින් බොහෝවිට සිදුවීමට ඉඩ ඇති GSP+ සහනය අහිමිවීමේ  වගකීම විරෝධතාකරුවන් හා සාමාන්‍ය පුරවැසියන් වෙත පැවරීමේ රජයේ උත්සාහය අනතුරුදායක වන අතර කිසිසේත්ම භාරගත යුත්තක් නොවේ. ආර්ථික අර්බුදයට මඟ පාදන ලද්දේ සිය මර්ධනීය පිලිවෙත, අපරාධ මුක්තිය සහ දූෂණය බව රජය විසින් පිලිගෙන ඉන් බැහැර විය යුතුය.

යුද්ධය අවසන්වී වසර 13 කට පසුවද තවදුරටත් ක්‍රියාවේ යොදවනු ලබන ත්‍රස්තාවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන් අහෝසි කළයුතු බව සිවිල් සමාජ සංවිධාන වශයෙන් අපි දිගින් දිගටම කියා සිටිමු. මෙම කුරිරු නීතිය ක්‍රියාවේ යොදවනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහස උල්ලංඝනය කිරීමේ අරමුණිනි. විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් සුළුතරයන් මර්ධනයට සහ රජය සම්බන්ධයෙන් විවේචනාත්මක හඬ නැගීම් යටපත් කිරීමට එය යොදාගනු ලැබ ඇත. ත්‍රස්ත විමර්ෂණ අංශයට අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අද දක්වා 127 දෙනෙකු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගන ලැබ ඇති අතර තවත් 11 දෙනුකු රඳවා සිටින අතර මියගොස් තිබේ.

එබැවින් ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් හා නිදහස රැකගැනීමේ අපගේ අරගලයට ඔබගේ සහය ලබාදෙන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. සිවිල් සමාජ සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තීය සමිති සහ සාමාන්‍ය පුරවැසියන් විසින් මහපොළොවේ සිදු කරන අරගලයට ඔබේ සහය අතිශයින් වැදගත් වනු ඇත. ශ්‍රී ලාංකිකයින්ගේ මූලික අයිතිවාසිකම් මර්ධනය, විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකරන සෑම ආකාරයකම හිංසනයන් හා බිය ගැන්වීම් වහාම නවත්වන ලෙසටත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින්නන් නිදහස කිරීමට හා එම කුරිරු නීතිය අහෝසි කරන ලෙසටත් ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට ඔබගේ සහය ලබාදෙන ලෙසත් අපි ඉල්ලා සිටිමු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article