spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තිල්ලන්දුව පල්ලියට ගුවන් හමුදාපති ආවේ ඇයි ?

Must read

airforceපසුගිය 25 වෙනිදා තිල්ලන්දුව පල්ලියේ ලොකු උත්සවයක් තිබුණි. එතරම් සෙනඟගක් පැමිණ නොසිටියද එය ප්‍රධාන පෙලේ අමුත්තෙක් පිළිගැනිම සදහා වුවකි.
කව්ද මේ අමුත්තා?
ගුවන් හමුදාපතිය.
ගුවන් හමුදාපතිවරයාව තිල්ලන්දුව පල්ලියට ගෙන්වා උත්සවයක් සංවිධානය කරන්නට තරම් නිමිත්තක් තිබේද ?
මේ ගැන විමසා බලන කල්හි දැනගන්නට ලැබුනේ ගුවන්හමුදාපතිවරයා කලින් විවාහ වි සිට ඇත්තේ තම්මිට පල්ලියට ආසන්නයේ වු කතෝලික පවුලකින් බවය.
එහෙත් දැන් ඒ විවාහය කටුගා දමා ඇත්තේය.
එසේ නම් නම් ගුවන්හමුදාපතිවරයාව තිල්ලන්දුව පල්ලියට ප්‍රධාන අමුත්තෙකු ලෙසින් පල්ලියේ පියතුමා පිළිගත්තේ ඇයිද යන ප්‍රශ්ණයක් මිසම්වාසි සැදැහැවතුන් හට තිබේ.
ඊට පැහැදිලි පිළිතුරක් නැත.
සාමාන්‍යයෙන් බොහෝ උත්සව වලට ඇතැම් අමුත්තන් ගෙන්වා ගන්නේ ඒ අයගෙන් යමක් කරගන්නට ඇති මතු බලාපොරොත්තුව නිසාය.
ඉතින් ගුවන් හමුදාපතිවරයා කැදවාලුයේ එවැන්නක් නිසාද ?
කෙසේ වෙතත් නගරය මධ්‍යයේ වන ඔරලෝසු කණුව මුදුනතෙහි මරියමව්න්ගේ ප්‍රතිමාවක් මීගමුවේ වෙසෙන කුප්‍රකට මදාවියෙකුගේ අනුග්‍රහයෙන් තබන්නට ඉල්ලිම් කර තිබුනේද තිල්ලන්දුවෙන්ම බව සැලය.
අහෝ පාප්තුමෙනි,ඔබ කොහිද ?

කිංග්ස්ලි ප්‍රනාන්දු
තිල්ලන්දුව

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article