spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තෙල්වත්ත හංදියේ ඉන්ධන පිරවුම් හලේ අවනඩුව..

Must read

තෙල්වත්ත හන්දියේ ඇති මීගමුව සමූපකාර සමිතියේ මෙහෙයවීමෙන් පවත්වා ගෙන යනු ලබන ඉන්ධන පිරවුම් හල අද ඉතා කලබලකාරී තත්ත්වයක පැවතින.

. මෙය මේ වනවිට මෙම පිරවුම් හලේ සාමාන්‍ය තත්ත්වයකි. ජනතාව එකා පසුපස තම වාහන නතර කර අවස්ථාව එනතෙක් බලා සිටියද පොලීසිය පැමිණ තමන්ගේ නිල බලය යොදාගෙන ඉන්ධන ලබාගන්නා බව එම ස්ථානයේ සිටින පිරිසක් අප සමග පැවසීය. වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීමට ඔවුන්ට ඉඩ ලැබෙන බවත් , එනිසා බලවත් අසාධාරණයක් සිදුවන බවත්,ඔවුන් ගෙන් ප්‍රකාශ විය.


ඉන්ධන පිරවුම් හලේ අවභාවිතාවේ යෙදෙන මනුෂ්‍යත්වය ….

අද ( 22 )මීගමුව නගරයේ සෑම ඉන්ධන පිරවුම් හලකම අවට පෙළගැසී ඇති පෝලිම්වල තෙරපෙමින් මිනිස්සු ඉන්ධන ලබාගැනීමේ බලාපොරොත්තු තබා සිටිති.

ිිංඉන්ධන පිරවුම් හල් අද රට අගාධයේ පතුලටම කිඳාබැස ඇති බව ප්‍රකාශ වන ප්‍රධාන ස්ථානයක් බවට පත්ව ඇත . මිනිස්සු පැය ගණන් නොව දින ගණන් මෙම ඉන්ධන පෝලිම්වල ගත කරති. එසේ සිටියද තමාගේ වාරය පැමිණෙන විට තෙල් අවසන් වීමට ඉඩකඩ ඇත . එවැනි අවිනිශ්චිත තත්ත්වයක් තුළ මිනිසුන්ගේ හැඟීම් සහ හැසිරීම් ඉතා ප්‍රකෝපකාරීය. අප එම ප්‍රකෝපකාරී මිනිසුන් අතර වියැකී යන මනුෂ්‍යත්වය පිළිබඳව අත්දකිමින් සිටිමු .

කෙසේ නමුත් පාලකයින්ගේ අදූරදර්ශී පාලනය රටේ පවතින සමාජ ආර්ථික සහ දේශපාලනික අර්බුදය වර්ධනය කිරීමට ප්‍රධාන හේතුව වන අතර අද මුළු මහත් ජනතාව එහි ඵල අත්විඳිමින් සිටී.


එබැවින් මෙකී අයහපත් වට පිටාවට එරෙහිව අරගලය හැර වෙනත් කිසිවක් නැති බව සමාජය අවබෝධ කර ගනිමින් සිටින බව මේවනවිට සිදුවන සිදුවීම් විසින් අප සියළු දෙනා වෙත ලබාදෙන පනිවිඩයයි.

සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article