spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තෙල්වත්ත හන්දියේ ජනඅරගලය දින 32 සපුරයි…..

Must read

මීගමුව ,තෙල්වත්ත හන්දියේ ජනඅරගලය ආරම්භ කර මේවනවිට දින 32 කි. එසේ දින 30 පසුකිරීම සහ මීගමුව කඳුලෙන් තෙත් කළ පාස්කු ප්‍රහාරය සිදුවී අවුරුදු තුනයි මාසයක් ගතවීම නිමිති කොටගෙන ඊට අදාල ජන උද්ඝෝෂණයක් මෙම ගෝඨගෝ ගමේ සංවිධාන කමිටුව විසින් කටයුතු සූදානම් කරන ලදී.

එසේම ඒ සමග කිරිදානයක්ද සූදානම් කෙරින. මේ සඳහා මීගමුව , බාල්දිහන්දියේ උද්ඝෝෂණ වැඩසටහනක් කළ පුරවැසි කමිටුවද සහභාගි විය. එම උද්ඝෝෂණයේ ප්‍රදර්ශනය කළ සටන් පාඨ පුවරු තුළ තිබුනේ පාස්කු ප්‍රහාරයේදී ඊට දායකත්වය සපයන ලද වගකිවයුතු අය නීතිය ඉදිරියට යොමු නොකිරීම පිළිබඳව වූ ජනතා විරෝධයයි.

එසේම අද පවතින රටේ අර්බුධකාරී තත්ත්වයට වගකියුතු ජනාධිපති ඇතුළු සියළු දේශපාලකයින්ගේ ක්‍රියාකලාපය මත ඊට විරෝධය පෑමද මෙහිදී ප්‍රමුඛ කරුණක් විය.

මෙම අරගල භූමිය අද මීගමු ජනතාවගේ දැවෙන ප්‍රශ්ණ ලොවට හඬගා කියන සැබෑ අරගල භූමියක් බවට පත්වී අවසන්. කිහිප දෙනෙකු එක්වී පටු දේශපාලන සහ අනෙකුත් භේද පසෙකලා ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනැගූ මෙම ස්ථානය අද විශාල ජන නියෝජනයක් සහිතව ඉදිරියට ගමන් කිරීම සතුටට කාරණයකි.

මීගමුව නගරයේ පවතින දූෂිත තත්ත්වය සහ රටේ පවතින තත්ත්වය වෙනස් කිරීමට අදාලව අපි ක්‍රියාකාරකම් කිහිපයකට ඉදිරියේදී යොමුවී සිටිමු. මේ කටයුතු සඳහා එකතු වන ලෙස අප සියළු දෙනාට විවෘතව ආරාධනා කරමු .

සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article