spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තොණ්ඩමන්ගේ පුතාට එරෙහිව නීතිය කෝ ? මැතිවරණ නිරික්ෂකයෝ ප්‍රශ්ණ කරති !

Must read

100051230_10222159688598133_621116081330716672_nලංකා කම්කරු කොංග්‍රසයට ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවට ඉදිරි මැතිවරණයට තරඟ කරන්නට යෝජනා වී ඇති අපේක්ෂකයා කදුකරයේ මැතිවරණ කොට්ඨාස ගණණාවක් ඔස්සේ විවෘත රථයක නැගී ගමන් කරමින් මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීති ද අමුඅමුවේ උල්ලංඝනය කරද්දී බලධාරින් නිහඩව සිටීම කණගාටුවකට කරුණකැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය අද දිනයේ වාර්ථා කොට තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවක් පවතින්නේ දුටු තැන එරෙහි වීමට මිස පැමිණිලි එනතුරු බලාසිටීමට නොවේ යැයි ද හෙතෙම තවදුරටත් අවධාරණය කර ඇති බවද එහි සඳහන්ය.

ඉකුත් මාර්තු දෙවැනිදා සිට තවමත් පවතින්නේ මැතිවරණ පූර්ව ප්‍රචාරක සමයක් යැයි පෙන්වා දුන් ගජනායක මහතා ඊට අමතරව නිරෝධායන නීතිය ද තදින් ක්‍රියාත්මක කරන බවත් චිටරයේ දුරින් නොසිටියේ නම් සිරගත කරන පව කියන පොලිසිය පවා නිහඩව අසරණ වී බලා සිටි බව පෙනී යන්නේ යැයි ද ගජනායක මහතා කියා ඇත.

දැන්වත් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේ දී පොලිසියට හෝ මැතිවරණ කොමිෂන් සභාවට මේ අපේක්ෂකයන් පිරිස පාලනය කළ නොහැකි වන බවද ගජනායක මහතා පෙන්වා දි ඇත.ස
කෙසේ වෙතත් මංජුල ගජනායක මහතා පෙන්වා දි ඇති පරිදි මැතිවරණ කොමිසම මේ බරපතල මැතිවරණ නීති උල්ලංඝණය මඟහැර යන්නේ නම් මතුවිය හැක්කේ සැබැවින්ම ආරාජික තත්වයකි.
නිති කැඩිමට අනුබල දුන් ආයතනයකට හෙට දිනයේදි නිතිය රැකිමට සදාචාර අයිතියක් තිබිය හැකිද ?
මුලාශ්‍රය – lankadeepa.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article