spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තොණ්ඩමන්ලාගේ ”රෝයල් සමාජය” සහ ”කොලොනියල් එකේ හාල්මැස්සෙක් එක්ක අඩියක් ගහන සමාජය” …..

Must read

5da2c5a5f053d_5da2c591acda9_5da2c583cfc77_thondamanතොණ්ඩමන් කොළඹ රෝයල් එකේ ඉගෙන ගන්න කාලෙ ඉදලම වතුවල ළමයිත් කොළඹ එනවා.ඒ අයගෙ දෙමව්පියෝ තොණ්ඩමන්ලගේ පවුලෙ අය නායකත්වය දරන ලංකා වතු කම්කරු කොංග්‍රසයෙ සාමාජිකයො.මාසෙට දවසක පඩියෙන් තුනෙන් එකක් ඒ අය කොංග්‍රසයට සාමාජික මුදල් හැටියට ගෙවනවා.
මේ එන ළමයි රෝයල් එකට ඉගෙන ගන්න ගියේ නැහැ.ඒ අවට කොළඹ කඩවල තේ දැම්මා.පිඟන් හේදුවා.බඩු කිරුවා.සමහරු මුට්ට කර ගැහුවා.සමහර තොණ්ඩමන්ලා ඇසුරු කරන සමාජයේ මහත්තුරුන්ගේ ගෙවල්වල මේ අය දැලි කුණු හේදුවා.වත්ත පිටියෙ වැඩ කළා.බේබිල බලාගත්තා.
ඒ දරුවන්ට වත්තෙ ස්කෝලෙ කියවන්න පොත් තියෙන පුස්තකාල තිබුණෙ නැහැ.විද්‍යාව ඉගෙනගන්න විද්‍යාගාර නැහැ.රසවින්දනයක්,සාහිත්‍යයක්,කලාවක් පිහිටලා නැහැ.දේශද්‍රෝහී කියලා කාලයෙන් කාලයට පත්වන ආණ්ඩු හිතවතුන් හංවඩු ගහන එන්ජීඕ එකකින් පොත් ටිකක් බෙදල දුන්නොත්,කලා මාධ්‍යයක් කියා දුන්නෙ නැත්නම් ඔවුන්ගෙ ජීවිතය සෙරඩියයි,තේ දලුයි රබරුයි විතරමයි.
වත්තටම හරිකරන වත්තෙ පඩිය හුස්ම ගන්න මට්ටමට ගේන්න ඇරෙන්න තොණ්ඩමන්ලගෙ පරම්පරාව ස්පර්ශ කරන දැණුම අවබෝධය සහිත ඉහල සමාජයට එන්න,තීන්දු තීරණ ගන්න පුළුවන් මට්ටමේ පිරිසක් කරන්න කම්කරු දරුවන්ට නිදහසටත් පෙර සිට කරන තොණ්ඩමන්ලාගේ දේශපාලනයෙන් මොනවද ලැබුණෙ?tea
හරියට වැසිකිළියක් නැති කම්කරුවො හැංගි හැංගි තේ ගස්වලට මුවා වෙනකොට තොණ්ඩමන්ලට අඩුපාඩු වුණේ තමන්ගේ වොෂ් රූම් එකට ටිෂූ ගේන එක.ඒවා මාසෙට එක කෝල් එකකින් ඕඩර් වෙන කොට තේ ගස් අස්සෙ රිංගලා මල වපුරන අය ඒ නිසා ඇති වෙච්චි ආසාධාරණයට බෙහෙත් ගන්න දවස පුරා ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ පෝළිමට එකතු වෙනවා.තොණ්ඩමන්ලා බොඩි චෙකප් එකකට ඒ වෙලාවෙ සිංගප්පූරුවෙ ගිහිං.
වෙනස වෙනස් කරනවා වෙනුවට ඒක ආරක්ෂා කරමින් ජීවත්විම තමයි තොණ්ඩමන්ලා කරලා තියෙන්නෙ.අඩු ගණනෙ උපත් පාලනයක් ගැන වතු කම්කරුවන්ට අවබෝධයක් දෙනව වෙනුවට ඡන්ද පැටව් ගහන එකේ වාසිය තමයි තොණ්ඩමන්ලා හිතන්නෙ.වතු කම්කරු තරුණියන්ට හරියට සනීපාරක්ෂක පහසුකම් නැහැ.ඒ නිසා වෙන ආසාධන රෝගී තත්ත්වයන් වෙනුවට ඒව ගැන කතා කරන එකත් ජරා වැඩක් කියන සංස්කෘතික හිඟන්නො තමයි සමාජයට තොරුතුරු දෙන තැන මුල් පුටුවල ඉන්නෙ.ඒවට වචනයක් කතා නොකරපු තොණ්ඩමන්ලා අල්ලගත්තෙ හැම වෙලාවෙම පඩිය විතරයි.කම්කරු රස්සාවට හම්බවෙන පඩිය වැඩි කරමින් සහ තව පරම්පරා ගණනාවකට කමකරුවන්ම පමණක් වතුවලින් නිර්මාණය කරමින් වතු හිමියන් සමඟම එකට රෝයල් එකේ ඉගෙන ගත්තා වගේම ඒ හරහා ඇසුරු කළ ඉහළ සමාජයෙ සොට් එකක් දාලා ජීවිතය විදපු තොණ්ඩමන්ලට තේ කහට ගැහුණු,රබර් කිරි වේලුණු වතු කම්කරුවන්ගෙ ජීවිතවලට අභිමානයක් දෙන්න ඕනි වුණේ නැහැ.ඔවුන්ට තනියෙන් නැගිටින්න පුළුවන් සමාජයක් වෙනුවට ඔවුන්ව තමන් තබන කිහිලිකරුවෙන් නැගිට්ටුවන වැඩේ තමයි තොණ්ඩමන්ලා කරේ.එහෙම නැගිටින්න බැරි විද්වත් සමාජයක් වතු කරයෙන් නිර්මාණය කරන්න තොණ්ඩමන්ලා වැඩ කරේ නැහැ.මොකද එහෙම වියත් දේශපාලනයක් වතුකරයට තිබුණෙ නැහැ.
උතුරෙ අරගලයට මැදිහත් වුණේ ඊට වඩා දියුණු දැණුමක් සහිත මිනිස්සු.උතුරෙ තමයි ජාතිවාදයට අසම්බන්ධිත වාම දේශපාලනය විජයග්‍රාහීව තිබුණෙ.ඒක වෙනස් කරපු දකුණේ දක්ෂිණාංශික දේශපාලනය සමඟ වඩා ජාතිවාදියා ආගම්වාදියා ලෙස තරඟ කර ජය ගැනීමේ සටනකට දකුණේ වම පිවිසුණ නිසා තමයි උතුර ජාතිවාදි වුණේ.ජාතිවාදයට ශක්තියක් ලැබුණෙ.වතු කරයෙ එහෙම මිනිස්සු ඇතිවන එක වැළකූ තොණ්ඩමන්ලාගේ දේශපානය නිසා වතු කරයට දියුණු අරගල නිර්මාණය කරන්න,මතවාද හදන්න බැරි වුණා.ඒ නිසා උතුර එක්ක දෙමළ විදිහට ඇති කර ගත්ත සංවාදයකින් මෙපිට දියුණු දේශපාලන සංස්කෘතියක් සහ දැණුම් කදවුරක් ලෙස වතු දෙමළ ප්‍රජාවට අත දික් කරන්න උතුරේ දේශපාලනයට හරි සම්බන්ධයක් තිබුණෙ නැහැ.
උතුරේ දේශපාලනයේ දියුණුකමට දකුණේ ජාතිවාදය පවතින්න දුන්නෙ නැහැ වගෙම,දකුණේ වතු දේශපාලනයද දෙමළ එකක් කරලා පොදු කම්කරු අරගලවලින්,ජාතික න්‍යාය පත්‍රයෙන් ගලවා අරගෙන තොණ්ඩමන්ලාගේ න්‍යාය පත්‍රයේ දේශපාලනයක් කරේ.ඒ නිසා ජාතික අරගල තවමත් තියෙන්නෙ කදවුරුවල අවශ්‍යයතා මත මිස පොදු උවමනාවන්ගෙන් සන්නද්ධව නොවේ.ඒ තත්ත්වයට වගකිව යුතු දේශපාලන කදවුරකට තමයි තොණ්ඩමන් නායකත්වය දුන්නෙත්.
මේවා යටි පෙළ කියවගන්න ඕනිනම් කඩේකට ගොඩ වුණාම විවේකයක් තියෙන අවස්ථාවකනම් බඩු කිරන දෙමළ කොල්ලගෙ,පිඟන් හෝදන දෙමළ කොල්ලගෙ,දෙමළ වේටර් කොළුවගෙ නම ගම විස්තරය අහලා බලන්න.කොළඹ හිල්ටන් එකටම හිරවෙන්නෙ නැතුව කොළම බස් නැවතුම අසළ තියන නාට්ටාමිලගෙ කොලෝනියල් එකටත් වැදිලා හාල් මැස්සෙක් එක්ක කාලක් ගහන ගමන් ඒ මිනිස්සුන්ගේ ජීවිතයත් අර හාල්මැස්සෙක් එක්ක හුවමාරු කරගන්න පුළුවන් ද කියලා බලන්න.
තොණ්ඩමන්ලා ඇසුරු කරන සමාජයේ ගෙදරක වැඩට ඉන්න,බේබිල බලාගන්න කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කරලා බලන්න.මගේ ගෙදර අඩියෙන් අඩිය උඩට උස්සලා දුන්න කම්කරුවො සියලු දෙනාම වතුකරයෙ මිනිස්සු.මං තට්ටු දෙකට ඒ මිනිස්සුන්ගෙ ජීවිතවලින් වතු කරයේ දේශපාලනයෙ තට්ටු ගාණක් දැක්කා.ඒ අය එක්ක දේශපාලනය කතා නොකර ජීවිතය කතා කරොත් ඒක හොයාගන්න පුළුවන්.දේශපානය කතා කරන්න ඒ අය දන්නෙ නැහැ.ජීවිතය ඇතුළෙ දේශපාලනය තියෙන්නෙ කියලත් දන්නෙ නැහැ.

(නිශ්මන් රණසිංහගේ FB පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article