දකුණේ අන්තවාදීයනී… මේ ඇත්ත තේරුම් ගනිල්ලා!

0
43

kilii 4kilii 12007 -2009 කාලයේ ගිනියම්ව පැවති කිලිනොච්චිය, පරන්තන්,ධර්මපුරම්, විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු, පුදුමාතලන්, නන්දිකඩාල් සහ මුලතිව් ඉතා සංසුන්ය.
මේ ප්‍රදේශවල දරුණු යුද්ධයක් තිබුණාදැයි ප්‍රථම වාතාවට යන කෙනෙකුට හිතා ගන්නවත් නොහැකියා සේය.
දරුවෝ පාසැල් යති.
මිනිසුන් රැකියාවන් කරති.
එහෙත් තමන්ගේ මියගිය සහ අතුරුදන්වු සහෝදර සහෝදරියන්, දරු දැරියන්, දෙමාපියන් සහ හිතවතුන් ගැන හදවතේ කැකෑරෙන වේදනාව ඔවුන්ගේ මුහුණු වලින් මම දුටිමි.
යුද්ධය නිමාවුවද සැබෑ සාමය ඔවුන්ට ලැබී නැත.
දකුණේ අන්තවාදීයනී…
මේ ඇත්ත තේරුම් ගනිල්ලා!killi 2

අරුණ ශාන්ත නෝනිස්
11.10.2017
කිලිනොච්චියේදී