spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දවල් ලයිට් ගැන රද්දෝළුගමින් පැමිණිල්ලක් !

Must read

මේ විනාශ වෙන්නේ අපේම මුදල් ය!

raddoluwa light issueමේ ඔබ දකින්නේ රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ ක්‍රීඩාපිටිය අසළදී සවස 5.30ට පමණ මවිසින් ගන්නා ලද ඡායාරූප කීපයක එකතුවක් ය. එහි රතු පැහැති රවුම්වලින් පෙන්වා ඇති දේ ඔබට මැනවින් පෙනෙනවා ඇතැයි සිතමි. ඔව්, ඒ දැල්වෙන විදුලි පහන් ය. මේ ඔබ කියවන්න සූදානම් වන්නේ, හැන්දෑවේ පහමාරටත් දැල්වෙන රද්දොළුගම නිවාස ක්‍රමයේ මාර්ග ආලෝක කරන විදුලි පහන් ගැන මගේ සතපහ ය.

මාර්ග සංවර්ධන අධිකාරිය, මහ නගර සභා/ නගර සභා/ ප්‍රාදේශීය සභා මගින් තමන්ගේ පාලන ප්‍රදේශයේ වීථි පහන් දැල්වීම ගැන මගේ කිසිම ආරෝවක් හෝ අකමැත්තක් නැත්තේ ය. රාත්‍රී කාලයේදී පාරේ ගමන් කරන මගී ජනතාවගේ සහ සියළුම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් වීථි පහන් දැල්වීම කළ යුතුම වැඩක් ය. නමුත්, රද්දොළුගමදී ඒ වැඩේ සිදුවෙන විදිය, හරි ද කියන එක නම් ලොකුම ලොකු ප්‍රශ්නයක් ය.

රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමය නිර්මාණය කර ජනතා අයිතියට පත් කෙරුවේ 1982දී ය. අදටත් රද්දොළුගම වීථි කීපයක වීථි පහන් එක ස්විචයක් මඟින් ක්‍රියාත්මක/ක්‍රියා විරහිත කළ හැකිය. මේ ස්විච් විවිධ ස්ථානවල පිහිටා ඇත්තේ ය. මීට දශක තුනහමාරකට එනම් වසර 35කට පෙර ඒ ආකාරයට එක ස්විචයක් මඟින් වීථි පහන් බොහෝ ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීම හොඳ ක්‍රමයක් වෙන්නට ඇති ය. නමුත් සහශ්‍රකයත් එළඹ දශක දෙකක් සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න තියෙන මේ වෙලාවේදී ඒ ක්‍රමය තවදුරටත් වලංගුද යන්න ලොකු ප්‍රශ්නයක් ය. ආලෝකය අවප්‍රමාණ වීමේදී ස්වයංක්‍රීයව දැල්වෙන ආකාරයට විදුලි පද්ධතිය සකස් කිරීම අද මහා විශාල මූලික වියදමකින් සිදුකළ යුතු වැඩක් නෙමේ ය. නව තාක්ෂණය යොදාගෙන විදුලි පහන් දැල්වීම ඔටෝමේට් කිරීමේ අදහස මුළුමනින්ම අමතක කළත්, එක කණුවකට එක ස්විචයක් බැගින් යොදා ඒ විදුලි පහනේ වගකීම ලඟපාත නිවසකට භාරදීමෙන් මේ අනවශ්‍ය විදුලි නාස්තිය බොහෝ සේ අඩු කරගත හැකි බව මගේ කියවීම ය.

අවාසනාවන්තම කාරණාව නම්, මේ ගැන කිසිම අදහසක් හෝ අවබෝධයක් කටාන ප්‍රාදේශීය සභාවට අදටවත් නොතිබීම ය. එහෙම යන්තමින් හෝ අවබෝධයක් තිබුණා නම්, කිසි දවසක මේ විදියට හොඳ ආලෝක තත්ත්වයක් තියෙන හවස පහේ, පහමාරේ සිට පාරේ විදුලි පහන් ක්‍රියාත්මක වීම සිදුවෙන එකක් නැති ය. මේ නාස්ති වෙන්නේ අපේම මුදල් බව අපි දැන්වත් තේරුම් ගත යුතු ය.

රටේ විදුලි පරිභෝජනය අධික ය – ඒ අධික ඉල්ලුම සැපයීමට රාජ්‍ය විදුලි නිෂ්පාදනය මදි ය – පෞද්ගලික අංශයෙන් ඒ වෙනුවෙන් විදුලිය මිලදී ගැනීම සිදුකළ යුතු ය – ඒ වෙනුවෙන් අධික මිලක් ගෙවිය යුතුය – මේ නිසා විදුලි බල මණ්ඩලයට අධික අලාභ ය යන කතන්දරය අපි අහන්නේ අද ඊයේ සිට නෙමේ ය. ඉල්ලුම වැඩිවෙන විට සැපයුම වැඩිකරනවා විනා, නාස්තිය අවම කරගෙන ඉල්ලුම අඩු කරන ආකාරය ගැන අපි කවදාවත් කතාකරන්නේ නැති ය. ශ්‍රී ලංකාවේ විදුලි නාස්තිය යම් අගයක් ගනීද, ඒ අගයට ඉතා හොඳ දායකත්වයක් රද්දොළුගම වීථි පහන් පද්ධතියෙන් ලබාදෙන බව නම් ස්ථීර ය.

මේ නාස්තිය අවම කරගෙන කටාන ප්‍රාදේශීය සභාවේ විදුලි බිල අවම කරගැනීම ගැන ප්‍රාදේශීය සභා බලධාරීන් කල්පනා නොකරන්නේ නම් අඩුම තරමින් පුරවැසියන් වශයෙන් අපි හෝ ඒ ගැන ඔවුන්ගේ ඔලුගෙඩි කරුණු වලින් පිරවිය යුතු ය. එය අප වෙත පැවරී ඇති සමාජ වගකීමක් ය.

අපේ දෑස් පනාපිටම සිදුවන බලශක්ති නාස්තිය ගැන මගේ සතපහ ඉවරයි ය. ඔබේ ප්‍රදේශයේත් මේ බලශක්ති හානිය සිදුවෙනවානම් ඒ ගැන කතා කිරීම ඔබේ යුතුකමක් ය. කතා කිරීමෙන් නොනැවතී ඒ විනාශය නැවැත්වීමට කටයුතු කරන එක නම් මහත් ඵල මහානිශංස ලැබෙන වැඩක් ය!!!

Rasika Nanayakkara
https://www.facebook.com/rasika.nanayakkara.5?hc_ref=ARSwxzu4mm5rlLHGZEWzfOS_NnBQEtno80IHhNW-Mez9Zo3giw1GzzfGgxr0R3EN5EI&fref=nf
Image may contain: sky, cloud and outdoor
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article