spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දළුවකොටුවේ මංකොල්ලයේ සැකකරු අද උසාවියට ..

Must read

පසුගිය අගෝස්තු මස 2වනදින දළුවකොටුව ප්‍රදේශයේදී වාහන අමතර කොටස් හා රන්භාණ්ඩ ව්‍යාපාරිකයෙකු වාහනයකින් ගමන් කරමින් සිටියදී පිස්තෝලයක් පෙන්වා ඔහුව බියගන්වා ඔහු සතුව තිබූ රු. 2120500/=ක මුදලක් තවත් වාහනයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගැනීමේ සිදුවීමක් සිදුවිය.මෙම සිදුවීම සම්බන්දයෙන් අවශ්‍යව සිටි සැකකරු ඊයේ (අගෝස්තු 7) දින සවස 3ට පමණ මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවය ගැනීමට කොච්චිකඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සමත් වී ඇත.

සැකකරු 37 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුව අද (අගෝස්තු 8 වදින ) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. එලෙසම අපරාධය සිදුකිරීමට පැමිණි වෑන් රථය හා අපරාධය සදහා පැමිණි තවත් සැකකරුවන් 5 දෙනෙකු පිලිබදව තොරතුරු අනාවරණය වී ඇති අතර අනෙක් සැකකරුවන් හා වෑන් රථය අත්අඩංගුවට ගැනීම සදහා කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ෂණ පවත්වාගෙන යනු ලබයි.

446965-arrest-representational-getty

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article