spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දිනේශ්ගේ ඥාති සංග්‍රහයට පොහොට්ටුව ඇතුලෙන්ම කචල් එකක් ….

Must read

z_p03-Dinesh-Gunawardena,

කොළඹින් පොහොට්ටුව යටතේ තරග කර මනාප ඡන්ද 85,287ක් ලබාගනිමින් කොළඹ ලයිස්තුවේ 7වැනියා වූ දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ ට ලයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයට සහය දෙන පක්ෂ කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.

විශේෂයෙන් විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට සය දෙනෙකු පත්ව ඇතත් ඔහුට ලබාදී ඇති ලයිස්තු මන්ත්‍රී ගණන එකක් වීම නිසා එම පක්ෂය ද කලකිරීමෙන් සිටින බව වාර්තා වේ.

මේ අතර, පොහොට්ටු පක්ෂයට සහය දුන් ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී), අපේ ජන බල පක්ෂය, ඒ.එල්.එම් අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අසංක නවරත්න මහතාගේ ශ්‍රී ලංකා මහජන පක්ෂයට සාධාරණ ලෙස ලයිස්තු මන්ත්‍රී ධූර ලැබී නොමැති බවට ද චෝදනා එල්ලව ඇතැයි වාර්තා වේ.

එසේම දිනේෂ් මහතාට ලැබුණු එකම ලයිස්තු මන්ත්‍රී ධූරය ද ඔහුගේ පුත් යදාමනී ගුණවර්ධනට ලබාදීම සම්බන්ධයෙන්ද විරෝධයන් මතුව ඇති බව පැවසේ.

මීට පෙර අවස්ථාවලදී දිනේෂ්ට ලැබුණු ලයිස්තු මන්ත්‍රීකම් දෙකක්ම ඔහු ලබාදී තිබුණෙේ ඔහුගේ සොයුරු ගීතාංජන ගුණවර්ධන මහතාට ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article