spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දින 5 ක් තුල කොරෝනා මරණ 1000 ක් ?

Must read

රට තුල පිමි පණිමින් පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් මිය දිනකට මෙන්ම මසකදි මිය යතැයි සෞඛ්‍ය විශේෂඥයන් විසින් මිට පෙර කියා සිටි දත්ත වලට සමිප වෙමින් රට දැවැන්ත අර්බුදයක් කරා දැන් ගමන්කර තිබේ.
මසකට මිය යන ගණන 4500 ක් පමන විය හැකි යැයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින්ගේ සංගමය කියා සිටියේ මිට මසකටත් පෙරය.
දැන් වන විට ඒ් ගණනද ඉක්මවා මසකට මරණ සිදුවෙන්නට පටන් ගෙනය.

ඉතා පැහැදිලි අවාසනාව වන්නේ ඇතිවිමට නියමිත බියකරු තත්වය ගැන මෙන්ම ඒය කළමණාකරණය කිරිමට සෞඛ්‍ය විශේෂඥයන් විසින් පුනා පුනා අවධාරණය කර සිටි සැලසුම් වලට යාම වෙනුවෙට වසංගත පාලනය හමුදාකරණය කිරිම පමණක් එකම උපාය මාර්ගය කරගත් පාලකයන් විසින් මේ වන විට මරණය පමණක් ලාබ කළ දේශයක් උදාකර තිබේ.

මේ දිනවල සිදුවෙමින් ඇති කොරෝනා මරණ දත්ත ගැන නිව්සවයර් වෙබ් අඩවිය මෙසේ සටහන් කර තිබේ.

මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද වන විට දැක්වෙන්නේ 7948ක් ලෙසය .ඒ ඊයේ එනම් 26වැනි බදාදා තහවුරු කෙරුණු 25වැනි අඟහරුවාදා ට අදාළ මරණ 198ක් ද සමගිනි.මෙරට මේ දිනවල වාර්තා වන මරණ සංඛ්‍යාව අනුව අද  කොවිඩ් මරණ අවම වශයෙන් 100ක් වාර්තා වූවත් මෙරට මුලු කොවිඩ් මරණ 8000ඉක්මවනු (8048) ඇත.

කොවිඩ් ආසාදිත මරණ 7000 ඉක්මවා ගියේපසුගිය සෙනසුරාදා තහවුරු කළ මරණ 198ක් ද සමගය.ඒ අනුව මෙරට කොවිඩ් මරණ වාර්තා වීම ගතවූ සතියේ ඉතා ඉහළ ගිය අතර ආසන්න මරණ 1000 සම්පූර්ණ වීමට ගතව ඇත්තේ  දින පහකි.
මීට පෙර කොවිඩ් මරණ 6000 සිට 7000 දක්වා වාර්තා වීමට දින හයක් ගත විය.

මේ ගතවූ දින දහයට අදාළව මෙරට මරණ වාර්තා කළ ආකාරයයි.

අගෝස්තු 25-198/ 24-190/23-194/22-183/21-198/20-195/19-186/18-170/17-171/ අගෝස්තු 16-167

ඒ අනුව ගතවූ දින දහයට මෙරට මරණ 1832ක් කොවිඩ් හේතුවෙන් සිදුවී තිබේ.

මෙම මරණ වලින් බහුතරය අවුරුදු 60 ඉක්මවූවන් වේ.

මෙම සංඛ්‍යා දත්ත අනුව ඉතා පැහැදිලි වන ප්‍රධානතම කරුණ වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙන්ම ලෝකයේ රටවල් බොහොමයක් විසින් එන්නත්කරණයේදි ඒ් ඒ් රටවල වැඩිහිටි පරම්පාරවට ප්‍රමුඛතාවය ලබාදෙමින් ක්‍රියාත්මක කරන එන්නත්කරණය ලංකාවේදි පසෙකට තබමින් හිතුවක්කාරි ලෙසින් කටයුතු කිරිමට අමන පාලකයන් විසින් තින්දු කිරිම හේතුවෙන් විශාල වයස්ගත මරණ සංඛ්‍යාවක් දැන් දිනපතා සිදුවෙමින් ඇති බවය.
හිටපු අගමැති සදහන් කළ පරිද්දෙන් මේ මරණ වලට ඉතා පැහැදිලි ලෙස මේ පාලකයන් වගකිව යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article