spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දිවයින වටා මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

Must read

thunder 2දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළබඩ මුහුදු ප්‍රදේශවල තද සුළං ඇති විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර උතුරු, නැගෙනහිර, උතුරු – මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
දිවයින පුරාම පවතින අයහපත් වැසිසහිත කාලගුණ තත්වය බරපතල ලෙසින් මත්‍යස්‍ය සැපයුම් සදහා බලපා තිබේ.විශේෂයෙන්ම මිගමුවට රටවටින්ම ලැබෙන මාළු තොගවල බරපතල අඩුවිමක් මේ දිනවල සිදුව තිබේ.
ධිවරයන් මෙන්ම ව්‍යාපාරිකයන් කාලගුණ තත්වය යහපත් වෙන තෙක් ඇගිලි ගනිමින් සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article