spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දුඟද මලක් වෙනුවට සුවඳ මලක් හදන්නට ගමේ ස්කෝලෙන් පාඩමක් !

Must read

IMG-20200124-WA0021 IMG-20200124-WA0030ගම්පහ , උඩුගම්පොළ ප්‍රාථමික විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුලත් කළ සිසුදරුවන්ගේ අලංකාර පෙරහැරක් දැක අප නැවතී බලා සිටියේ එය කුඩාවුන්ගේ එකක් වූ බැවිනි .මේ දරුවන් අතට මල් සහ මල් වලින් කරන ලද විවිධ ආකෘති , සේසත් වැනිදෑ දී තිබින . මේගැන පෙරහැරේ යන එක් ගුරු මහත්මිය කගෙන් විමසා සිටියේ මෙහි අරමුණ දැනගැනීමේ අදහසින්ය . ඇය ප්‍රකාශකළේ මෙවැනි අදහසකි . “අපි වසරකට වරක් දරුවන් මෙලෙස පෙරහැරකින් පංසල ට ගෙනැවිත් ආපසු පාසැලට රැගෙන යනවා. අපි දරුවන්ට ආගමික සිරිත්, විරිත් ගැන අවබෝධයක් ලබාදීමට මේ අවස්ථාව යොදා ගන්නවා. ඒ සඳහා තමයි මේ පෙරහැර සංවිධානය කළේ.IMG-20200124-WA0027
IMG-20200124-WA0029මෙය “හොඳම දේ දරුවන්ට” යන වදන සිහි කැඳවන අවස්ථාවක් විය . මන්ද අද සමාජය තුළ දරුවන්ට දෙන්නේ සහ දරුවන් ගන්නේත් හොඳ දේවල් නොවන බැවින්ය.
අදවනවිට අප අතර පවතින මේ සමාජය විවිධ පැතිවලින් දරුවන් නොමග යැවීම සඳහා සකස්වූ සමාජයකි. ඒ සඳහා ඉඩකඩ සකස්කරන්නේද වැඩිහිටියන්ය. තරුණ විය එළඹෙන්නටත් පෙර වැඩිහිටි⁣යෙකු ලෙස හැසිරෙන අතර අවිචාරවත් ලෙස සියළු දෑ ග්‍රහණය කරගනියි. එවැනි තරුණ පිරිස් විසින් නැවත සමාජය තුළ වපුරන්නේද යහපත් දේ නොවන බව අපි දනිමු . තාක්ෂණය කුඩා අවධියේදීම ඔවුන් අතට පත්වන අතර එය වැඩියෙන් භාවිතා වන්නේ සමාජ යහපත සඳහා නොව.
දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙකී යථාර්ථය නිර්මාණය කිරීමට වැඩිහිටියන් වැඩි දායකත්වයක් සපයන බව පවතින අත්දැකීම් වලින් වටහාගත හැක . ටියුෂන් පංතියේ ඉගෙන ගන්නා දරුවා ගැන සමහර දෙමව්පියන් සොයා බලන්නේ කෙසේද? යන ප්‍රශ්ණය අපට මගතොටේ යන එන විට නිතර මතුවන්නකි. තරුණ පිරිස් කල්ලි ගැසී කරන කතාබහ සහ ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ගැන දෙමව්පියන් දන්නේ කුමක්ද ? යනාදී ප්‍රශ්ණ පවතින සමාජය තුළින් මතුකර දක්වයි . දරුවන් එවැනි තැනකට යොමුවීම වැළැක්වීම වැඩිහිටියන් සතු වගකීමකි. එවැනි අරුතකින් බලනවිට උඩුගම්පොළ ප්‍රාථමික විදුහල අනෙකුත් පාසැල් වලටද ආදර්ශයක් බව කිවයුතුය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article