spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දුෂිතම නගරාධිපතිවරයෙක් ගැන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාටත් ඔත්තුවක් ?

Must read

FB_IMG_1585034279302මධ්‍යම පළාතේ ආණ්ඩුකාර තුමන් විසින් මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයාව තාවකාලිකව තනතුරෙන් ඉවත් කොට තිබේ.මාතලේ මහ නරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් තාවකාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති අතර නගරාධිපති පිළිබද විමර්ශනයට විශ්‍රාමලත් අධිකරණ නිලධාරිනි සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය පත්කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර  ලලිත් යූ ගමගේ මහතාට පැවරී ඇති බලතල අනුව 2020 අගෝස්තු 25 වන දින අංක 2190/24 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්  මෙම  සේවය අත්හිටුවීම  සිදුකර ඇති අතර මාස 03 ක කාලසීමාවක් ඇතුළත පරික්ෂාකර කරුණු වාර්තා කිරීමට කොමිසමට බලතල ලබා දී තිබේ.

ඒ අනුව 1989 අංක 12 දරණ පළාත් සභා ( අනුසාංගික  විධිවිධාන) පනත 02 යටතේ 02 නන වගන්තිය සමග කියවියයුතු සංසෝධිත මහනගර සභා ආඥාපනත යටතේ (252 අධිකාරිය) 277  (i) ( ආ) ( අ) මෙම නියෝගය ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර තිබේ.

මාතලේ මහ නගර සභාවේ දැනට  නියෝජ්‍ය ධුරයෙහි කටයුතු කරන සංදනම් ප්‍රකාශ් මහතා මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටුකිරීමට හා  බලතල ක්‍රිකාත්මක  කිරිමට  සංදනම් ප්‍රකාශ් මහතාට බලය පවරා තිබේ.
මේ අතර ලංකාවේම දුෂිතම මහනගර සභාවක් සේ සැලකෙන මිගමුව මහනගර සභාවේ නගරාධිපති දයාන් ලංසාගේ පසුගිය ක්‍රියාකලාපය ඇගයුමකට භාජනය කිරිමේ ඔහු කොයිතරම් නම් දුෂිතයෙකු දැයි කාටත් වැටහෙනු ඇත.
නිතිවිරෝධි ලෙසින් මහනගර සභාවේ රාත්‍රි සමාජ ශාලා ඉදිකිරිමට ලබාදිමෙන් නොනැනැවති රජයේ ඉඩම්ද අල්ලාගෙන ඒකි රාත්‍රි සමාජ ශාලාවලට රථගාල් තනා දිමට පවා කටයුතු කළ හැක්කේ දුෂිතයෙකුට මිස පළාත් පාලන නිතිප්‍රකාර කටයුතු කරන අයෙකුට නම් නොවේ.
එපමණක් නොව මහනගර සභාවට තිබුණු එකම මුල්‍ය ස්ථාවරය වු රුපියල් කෝටි 7 ක් තරම් වු ස්ථිර තැනපතුව ඉන් ඉවත්කොට ගෙන ඒ මුදල් සිය සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරයට වාසිගෙන දෙන අයුරින් ව්‍යාපෘති 72 කට මුදල් වැය කිරිම සදහා යොදවා ගැනිමට කටයුතු කළ හැක්කේ දුෂිතම දේශපාලකයෙකුටය.
මහජන බදු මුදල් පවුලේ සල්ලි ලෙස සලකා සිය සහෝදරයා වු නිමල් ලංසා වෙනුවෙන් කොරෝනා සමයේ බඩු බෙදිමට පමණක් නොව පුටු බෙදිමටද යොදාගෙන තිබුණි.
එසා දැවැන්ත වංචා දුෂණ කළහැකි නගරාධිපතිවරයෙකු ගැන හිටප ගුවන්හමුදාතිධුරයද දැරු  වත්මන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට තේරුම්ගැනිම එතරම් අපහසු නොවනු ඇති බව මිපුර අමතා කථා කළ මීගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු කියා සිටියේය
මේ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, මිගමුව මහනගර සභාවේ අන්ත දුෂිතභාවය ගැන වහා පියවර ගැනිමට මැදිහත්වෙනු ඇතැයි මිගමුව සැබැවින්ම ආදරය කරන පුරවැසියන් බලාගෙන සිටි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article