spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දූෂණ හා අපචාර ක්‍රියා නිසා විනාශ වෙමින් යන ‘පුංචි රෝමය’බේරා දෙන්න .

Must read

sri_lanka_negombo_fish_market_fishermen1කතෝලික ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට සැබෑම කතෝලික අපේක්ෂකයින් සොයා ඡන්දය දෙන්න
කතෝලික ගිහි සංවිධාන 20 ක් කතෝලිකයින්ගෙන් ඉල්ලා සිටී.

කතෝලිකයින්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිය හැක්කේ කතෝලික අපේක්ෂකයින්ට
පමණක් වන නිසා ඡන්ද කාලයේදී පමණක් කතෝලික වන අපේක්ෂකයින්ට නොව සැබෑම
කතෝලික ලෙස දිවි ගෙවන අපේක්ෂකයින්ට පමණක් කතෝලික ජනතාවගේ ඡන්දය ලබා දෙන
මෙන් කතෝලික ගිහි සංවිධාන 20කින් සැදුම්ලත් ‘ජාතික කිතුනු පවුර’ සංවිධානය
පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලා සිටින ලදි.

අති උත්තම ෆ‍්‍රැන්සිස් සසුන් පියා විසින් කතෝලිකයන් යහපත් දේශපාලන
සංස්කෘතියක් ඇති කිරීම සදහා සෘජුවම මැදිහත්වීම, ඇගිලි ගැසීම සිදුකරමින්
මැදිහත් වීමේ ණය යුක්තියක් ඇති බව ප්‍රකාශ කර ඇති බවද මෙහිදී පැවසීය.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා කතෝලික රදගුරු සම්මේලනය
පැවසූ ලෙසම ජාති ආගම් අනුව පක්ෂ බිහි කර නොගනිමින් සියළු පිළිගත් කිතුනු
සංවිධාන, බොද්ධ, හින්දු හා මුස්ලිම් සංවිධානද සමග එක්ව සැබෑ විනය ගරුක
ධාර්මික දූෂණයෙන් තොර අපේක්ෂකයින් පත් කර ගන්නා මෙන් තම සංවිධාන 20 ද
ඉල්ලා සිටින අතර ඉදිරියේදී කතෝලික ප්‍රදේශ තුළ පත්වන කතෝලික
අපේක්ෂකයින්ට නිසි මගපෙන්වීම කිරීමටත්, ඔවුන් වැරදි, දූෂණ වංචා කරන විට
එ්වාට එරෙහි වෙමින් සංවර්ධන කටයුතු කිරීම සදහා මග පෙන්වමින් කතෝලික
පැවිදි නායකයින් හා එක්ව යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මැදිහත්කාර
කණ්ඩායමක් ලෙස තම කණ්ඩායම ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සදහා
ඉදිරියේදී අනිකුත් ආගමික කණ්ඩායම්ද එක් කර ගනිමින් පුළුල් ජාතික මට්ටමේ
බල කිරීමේ කණ්ඩායමක් ලෙස නිවැරදි දේශපාලනයක් සදහා බලපෑම් කිරීමට තමන්
කටයුතු කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පැවසූහ.

එසේම විවිධ දූෂණ හා අපචාර ක්‍රියා නිසා විනාශ වෙමින් යන කතෝලිකයින්ගේ
හදවත බදු ‘පුංචි රෝමය’ යැයි විරුදාවලි ලත් මීගමුව පුරවරයෙන් දුරාචාර
තුරන් කිරීම සදහාද තම කණ්ඩායම ඉදිරියේදී සක්‍රියව දායක වන බවද පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ එම කණ්ඩායම් නියෝජිතයින් කතෝලික සභාවේ ජීවය වන්නේ
ධීවර ජනතාව බවත් ඔවුන් රැකගැනීම සදහා විධිමත් ක්‍රමවේදයක් අනුව
සැකසුනු ‘ධීවර ගැටළු නියාමන කොමිසමක්’ අවශ්‍ය බවත් පැවසූහ.

එසේම සභාවේ ජීවනාලිය වූ එම ධිවර ජනතාවගේ ජීවිත හා ධීවර වෘත්තිය ‘පෝර්ට්
සිටි’ ව්‍යාපෘතිය නිසා විනාශ වන බවත්, එම ව්‍යාපෘතිය නිසා රට තුළ කතෝලික
උප සංස්කෘතියක් සමග මුහුදුබඩ සියළුම පාරම්පරික කතෝලික ගම්මාන විනාශ වී
යෑමේ අවධානමක් පවතින බවත් දැනටමත් කතෝලික පියවරුන් රැසක් මේ සම්බන්ධව
අවදියෙන් කටයුතු කරන බවත් පැවසීය. තවද මේ රටේ වසර 30 කට ආසන්න කාලයක්
යුද්ධයක් පැවතීමේ මෙරට භෞමික අඛණ්ඩතාවය රැකීම නිසා බවත් ‘පෝර්ට් සිටි’
ව්‍යාපෘතිය හරහා මෙරට භූමියෙන් කොටසක් සින්නක්කරව චීනයට සදාකාලිකව ලබාදීම
නිසා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් භෞමික අඛණ්ඩතාවය බිද වැටෙන
බවත් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් මෙන්ම ප්‍රධාන පක්ෂ
සියල්ලෙහි දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනවල සදහන් පරිදි භෞමික අඛණ්ඩතාව
රැකගනිමි යන්නද උල්ලංඝනය වන බවද එම කණ්ඩායම් පැවසීය. එසේම පොර්ට් සිටි
නගරය සෑදීමට කළුගල් කියුබ් මිලියන 40ක් අවශ්‍ය බව සදහන් අතර එම කළුගල්
සියල්ල කැඞීම සදහා මෙරට විවිධ ප්‍රදේශවල පරිසරය විනාශ වන බවත් දැක්වීය.

තවද කතෝලික පාසැල් පද්ධතියේ ඇති ගැටළු, ධීවර ගැටළු, කතෝලික තරුණ
ප්‍රජාවගේ ගැටළු, වෙනම ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයක් පිහිටුවීම හා
කතෝලික මැති ඇමතිවරුන්ට කිතුනු ප්‍රතිපත්ති මාලාවක් හදුන්වා දීමද
සිදුවිය. එහිදී ගිහි සංවිධාන සාමාජිකයින් විසින් පැමිණ සිටි පියවරුන්
වෙනුවෙන් ගරු ජයලත් බලගල්ල පියතුමන් හට එම යෝජනාවලිය පිලිගන්වන ලදි.
යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සදහා
කතෝලිකයින් සෘජුවම මැදිහත් විය යුතුය.

කතෝලික නිල පුවත්පත වන ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත හරහා කතෝලික ජනතාවගෙන් හා විද්වතුන්ගෙන් ලබා ගත් යෝජනා එක්ක කරමින් කතෝලික සභාව තුළ ක්‍රියාකාරීව කටයුතු කරන ප්‍රබල කතෝලික ගිහි සංවිධාන 20 ක් එකතුව සැදුම් ලත් කතෝලික සංවිධාන එකතුව වන ජාතික කිතුනු පවුර විසින් මැතිවරණය මුල් කර ගනිමින් කතෝලික අපේක්ෂකයින් වෙනුවෙන් සකස් කරන ලද කතෝලික මහජන නියෝජිතයින්ගේ ප්‍රතිපත්ති මාලාව හා කතෝලික ප්‍රදේශ වල සංවර්ධන කටයුතු කිරීම සදහා මග පෙන්වන කතෝලික සංවර්ධන යෝජනාවලිය මෙහි වේ.

මෙම යෝජනාවලිය සකස්කිරීමට හා කතෝලික ජනතාවගේ ඡන්දය ලබාදීම හා කතෝලික මැති ඇමතිවරුන් වෙනුවෙන් සංවර්ධන යෝජනාවලියක් හා ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කිරීමට මුල් වූ කරුණු වන්නේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් සසුන් පියාණන් කතෝලිකයන් දේශපාලනයට මැදිහත් වෙමින් වැරදි දේශපාලනය නිවැරදි කිරීමට කටයුතු කළ යුතු යැයි ප්‍රකාශ කළ බැවිනි. උන් වහන්සේ ඒ ගැන මෙසේ සදහන් කරයි
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ලෝකයේ ඇති පාලන ක්‍රම අතරන් උත්තරීතර පාලන ක්‍රමය බව දාර්ශනිකයින්ගේ පිළිගැනීමය. එ භාග්‍යය ශ්‍රී ලංකාවට උදා වී ඇත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ශ්‍රේෂ්ඨත්වය සුරකිනු ලබන්නේ ඒ රට පාලනය කරන පාලකයන්ගේ ගති පැවතුම් අනුවය. ඔවුහූ උතුම් ගුණ ඇති ප්‍රභාෂ්වර අය විය යුතුය.
ක්‍රියා විරහිත ඇදහිල්ල මළ  ඇදහිල්ලකි. ආගම යනු හැසිරීම මිසක හුදු විශ්වාසයම නොවේ. යහපත් කතෝලිකයා දේශපානයට සෘජුව සම්බන්ධ වීමේ ණය යුක්තියක් තිඛෙන බවත් එය කතෝලික සමාජ දර්ශනය මගින් පෙන්වා දෙයි.
කතෝලිකයින් දේශපාලනයට ඇගිලි ගසමින්ද, අදහස් හා යෝජනා සමග නිරන්තර සාකච්ඡා ඔස්සේ එහිදී ක්‍රියාත්මක විය යුතුය.˜
– අති උතුම් ෆ්‍රැන්සිස් සුදුතුම් පියා
(2015 ජූලි 12 ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත 3 වන පිටුව)

එබැවින් කතෝලික අපේක්ෂකයින් මේ සම්බන්ධව දැනුවත් කරමින් කතෝලිකයින් බහුතරය සිටින ප්‍රදේශ වෙනුවෙන් මුලින්ම මැදිහත් වෙමින් කතෝලික ජනතාව දැනුවත් කරමින්, එම ප්‍රදේශවල තිඛෙන දුරාචාර හා සමාජ විරෝධී ක්‍රියා තුරන් කිරීමට පියතුමන්ලා හා එක්ව කෙලින්ම මැදිහත්ව කටයුතු කිරීමේ කණ්ඩායමක් ලෙසත්, එම ප්‍රදේශවල ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය සංවර්ධන යෝජනා හා ප්‍රතිපත්ති සැකසීමට පියතුමන්ලා හා එක්ව මැදිහත් වීමටත්, එම කටයුතු අක්‍රමත්ව සිදුවනවානම් එවා සොයා නිවැරදි කිරීම සදහා බලකිරීමේ හා නිරීක්ෂණය කිරීමේ කණ්ඩායමක් ලෙස මැදිහත් වීමටත් අප කතෝලික ගිහි සංවිධාන 20ක් එක්ව පිහිටුවා ගත් ජාතික කිතුනු පවුර සංවිධාන එකතුව සූදානම්ය. මෙය ඉදිරියේදී කතෝලික ආගමික ස්වරූපය පමණක් නොව අනෙකුත් පිලිගත් කිතුනු සභාවන්ද, බෞද්ධ, හින්දු හා මුස්ලිම් කොටස් වල ධර්මානුකූල පාලනයක් අපේක්ෂා කරන කොටස්ද ඉදිරියේදී එක් කර ගනිමින් පුළුල් ජාතිකබලවේගයක් දක්වා යමින් මහජන නියෝජිතයින්ගේ ක්‍රියා සම්බන්ධව නිරීක්ෂනය කරමින් එවා නියම මාර්ගයේ යැවිය හැකි. ගිහි පුරවැසි සංවිධානයක් ලෙස පුළුල් කිරීමට අප සූදානම්ය.

කතෝලික දේශපාලන යෝජනාවලිය
කතෝලික මහජන නියෝජිතයින්ගේ ප්‍රතිපත්ති මාලාව හා කතෝලික ප්‍රදේශ වල සංවර්ධන කටයුතු කිරීම ස`දහා ම`ග පෙන්වන කතෝලික සංවර්ධන යෝජනාවලිය

1. පෝර්ට් සිටි නගර ව්‍යාපෘතිය නතර කිරීම.
1. එකීය රාජ්‍ය සංකල්පය විනාශ වී සදාකාලිකව රටෙන් කොටසක්
සින්නක්කරවම වෙනම රාජ්‍යයකට අයත් වීම.
2. අනිකුත් මිත්‍ර රටවල අමනාපය රට තුලට ඇතිවීම.
3. එක් රාජ්‍යයක් රට තුළට අසීමිතව බලපෑම් කිරීම මගින් රටේ දේශපාලනික,
ආර්ථික හා සමාජීය නිදහස බරපතල ලෙස අහිමිවීම.
4. මුහුද මත්ස්‍ය සම්පත හා වෙරළ විනාශය.
5. පාරම්පරික කතෝලික ගම් විනාශය.
6. ධීවර වෘත්තියට හානිසිදු වීම.
7. ගල් කැඩීම තුළින් රට හා පරිසරය විනාශ වීම.
8. බෞද්ධ ධර්මද්වීපයක් ලෙස ලොව හදුන්වන අප රට කැසිනෝ හා වෙනත් දුරාචාර සොයා සංචාරකයින් එන රටක් බවට පත් කිරීම.
කතෝලික මැති ඇමතිවරුන් පඬ භේද නොසලකා කතෝලිකයින්ට හා කතෝලික ධීවරයින්ගේ වෘත්තියට හානිකරන පෝර්ට් සිටි ව්‍යාපෘතියට විරෝධය දැක්වීමත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනි සිටිමින් කතෝලික හ`ඩ නැංවීමත් සිදු කළ යුතුය.

2. පාරම්පරික “කතෝලික ජනමූල” ප්‍රදේශ රැක ගැනීම.
³ මීගමුව ප්‍රමුඛ හලාවත, වෙන්නප්පුව, වත්තල, ජා-ඇල, කටාන,  රාගම, මොරටුව, මෝදර, වැනි
කතෝලික බහුතරයක් ජීවත් වන ගම් රැකගනිමින් ඒවා සංවර්ධනය කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසීම.
³ අන්තරාය ඹෞෂධ (කුඩු, ගංජා, කසිප්පු බාර්, ග‚කා මඩම්, සම්බාන ආයතන, කප්පම් ගැනීම්
පාතාලය “අනවසර ගිනි අවි” සම්බන්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර
ඒව කතෝලික බහුතරය සිටින ප්‍රදේශ තුළින් තුරන් කිරීමට ප්‍රබල ලෙස මැදිහත් වීම.
³  අනවසර ලෙස ඉඩම් ගොඩ කරමින් නීතිවිරෝධී ලෙස
මුදලට ඉඩම් විකුනමින් ජන ඝනත්වය වෙනස්වන පරිදි ඔවුන්ව පදිංචි
කිරීමෙන් වැලකීම හා එය වැලැක්වීමට කටයු කිරීම.
³ මුදල් අයකරමින් අනවසර ලෙස ව්‍යාපාර ලෙස බයිබලය හා කිතුනු දහම විකුනමින්
පිළිගත් කිතුනු සභා සියල්ලද අපකීර්තියට හා අනිත් ආගම්වල අපවාදයට ලක් කරන
ඇතැම් මූලධර්මවාදී කණ්ඩායම් සදහා රාජ්‍ය අනුග්‍රය ලබාදීමෙන් වැලකීම.
³ කතෝලික බහුතරය වෙසෙන ප්‍රදේශ තුල ළමා අපචාර හා අපයෝජනයට එරෙහිව
නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට හා දරුවන් රැකීමට ක්‍රමවේදයක් සැකසීම.
³ මත්පැන් හා වෙනත් මත් ද්‍රව්‍ය සදහා යොමුව ඇති තරුණ හා වැඩිහිටි කොටස් පුනුරුත්ථාපනය කිරීම  සදහා කතෝලික සබා මැදිහත්වීමෙන් නිසි සැළසුම්සහගත  ක්‍රමවේදයක් සැකසීම.

3. කතෝලික පාසල් හා දහම් පාසල් සංවර්ධනය.
³ කතෝලික පාසැල් සියල්ලට ලබාදෙන ප්‍රතිපාදන ප්‍රමාණය වැඩි කිරීමත් එම
පාසැල් වල පහසුකම් හා තාඬණය වැඩි කරමින් ඒවා ගැන පෞද්ගලිකව
සොයාබලා කටයුතු කිරීම.
³ රජයේ ගුරුපත්වීම් ලබාදීමේදී විෂමතාවයකින් තොරව කතෝලික දහම්පාසැල්
ගුරුවරුන්ට අවස්ථාව ලබාදීම හා කතෝලික දහම් ගුරුවරුන්ට අදාල දීමනා
හා වරප්‍රසාද ලබාදීමට කටයුතු කිරීම.
³ 1960 -61 දී මෙරට කතෝලික පාසැල් රජයට පවරාගත් අතර රජයට පවරා ගැනීමේදී පැවැති ආගමික ප්‍රතිශතය පවත්වාගෙන යෑමට පාසැල් පවරා ගැනීමේ පණතින් නිතිමය ප්‍රතිපාදන ලබාදී ඇතත් ඇතැම් නිලධාරීන් මෙම පණත උල්ලංඝණය කිරීම හේතුවෙන් එය ප්‍රායෝගික මට්ටමින් සිදුනොවීම නිසා කතෝලික පාසැල්වල අදාල ආගමික ප්‍රතිශතය සිදු නොවන අතර පවත්වාගෙන යෑමට මහජන නියෝජිතයින් මැදිහත්ව කටයුතු කිරීම කළ යුතුවේ.
³ කතෝලික දහම් පාසැල් ස`දහා ප්‍රතිපාදන ප්‍රමාණය වැඩිකර ඒවා සම්බන්ධව
අඩුපාඩු සොයාබලා කටයුතු කිරීමේ ක්‍රමවේදයක් සැකසීම.
³ රජයේ රැකියා සදහා ගුරුවරුන් ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන් බදවා ගැනීමේදී රටේ ජනවර්ග ප්‍රතිශතය අනුව අදාල පත්වීම් ලබාදෙමින් සෑම ජනවර්ගයකටම එකසේ රජයේ රැකියා ලැඛෙන පරිදි ක්‍රමවේදයක් සැකසීම.

4. ධීවර ගැටළු හා විසදුම්.
³ ධීවර ගැටළු නියාමන කොමිසම ඇති කිරීම.
³ ධීවරයින්ගේ ගැටළු ස`දහා ධීවර හා කිතුනු සංවිධාන එක්ව ප්‍රායෝගික හා                                  වඩා වැදගත් විසදුම් ලබාදීමට කටයුතු කිරීම.
³ පඬ දේශපාලනයකින් තොරව නිර්පාඬිකව සියළු ධීවරයින්ට අවශ්‍ය පහසුකම්
ලබාදෙමින් ඔවුන්ගේ ජීවන තත්වය නගාසිටුවීමට කටයුතු කිරීම.
³ ධීවර නිවාස යෝජනා ක්‍රමයක් ඇතිකරමින් වෙරළේ අනාරඬිතව හා අඩු ආදයම් නිවාස තුළ ජීවත්වන ධීවරයින්හට වෙරළාශී්‍රතව තත්වයෙන් උසස් ජීවිතයක් පවත්වාගෙන යෑමට නිවාස ලබාදීම. ධීවර ගම්මාන ) ක්‍රමයක් සැකසීම.
³ ධීවර පවුල්, ධීවර කාන්තාවන්, ධීවර දරුවන්, ධීවර තරුණ, තරුණියන්ගේ අධ්‍යාපනය, වෘත්තිය මට්ටම, කලා කුසලතා නගා සිටුවීමට ක්‍රමවේදයක් සකසා ධීවර ගම්මාන සියල්ලටම ප්‍රයෝජනවත් වන පරිදී  ධීවර පියස නමින් පුහුණු හා සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම.
³ ධීවර ආම්පන්න සහන මිලට හා බදුවලින් නිදහස්ව ලබාදීමට ක්‍රමවේදයක් සැකසීම.

5. තරුණ තරුණියන් සදහා.
³ තරුණ තරුණියන් අතකොලූ කරගනිමින් භාවිතා නොකර විධිමත් වෘත්තීය
පුහුණූවක් නොමිලේ ලබාගත හැකි පරිදී ආයතනයක් ආරම්භ කිරිමට නිසි ක්‍රමවේදයක් සැකසීම.
³ කතෝලික තරුණ තරුණියන්ට පඬ දේශපාලන න්‍යාය පත්‍රයන්ගෙන් තොරව රැකියා ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් සැකසීම.
³ දඬතා හා නව නිර්මාණ තාඬණ නිපැයුම් කලා හා කී්‍රඩා වැනි අංශ කෙරෙහි දඬතා ඇති තරුණ තරුණියන්ට ඒ සියල්ල ස`දහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබාදීමට ක්‍රමවේදයක් සැකසීම.

6. කි්‍රස්තියානි කටයුතු අමාත්‍යංශය.
³ බුද්ධශාසන අමාත්‍යන්ශයෙන් වෙන්කර වෙනම පහසුකම් ඇති ගොඩනැගිල්ලක “ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කිරීම. (මේ සදහා ටෙක්නිකල් හී ඇති ඉඩම ගත හැක)
³ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංෂය තුළ ක්‍රිස්තියානි අංශ සදහා විධිමත් සැලසුමක් සකස් කිරීම.
³ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ උපදේශකත්වය සදහා පියතුමන්ලා හා අනිකුත් පිළිගත් ක්‍රිස්තියානි සභාවල නියෝජිතයින් ඇතුලත් උපදේශක මණ්ඩලයක් පත්කර ගැනීම.
³ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ අධ්‍යඬ ලෙස කතෝලිකයෙකු පත් කිරීම අනිවාර්්‍ය කිරීම.
³ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ ලේඛම් හා සම්බන්ධිකාරක තනතුරු දේශපාලන හිතවතුන්ට ලබානොදී ඒ සදහා කතෝලික සභාවේ හා වෙනත් පිළිගත් ක්‍රිස්තියානි සභාවල සුදුසු නියෝජිතයින් පත්කිරීම.
³ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයට “කතෝලික ගිහි සංවිධාන එකතුව” යනුවෙන් සම්බන්ධිකරණ ලේඛම්වරයකු ලබාදීම.
³ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය යටතේ වෙන් කරනු ලබන ප්‍රතිපාදන එ එ පිළිගත් කිතුනු සභාවන් හී අනුමැතිය සහිතව විනිවිදභාවයකින් භාවිතා කිරීමට කටයුතු සිදු කිරීම.

කතෝලික අපේක්ෂකයින්ගේ සත් වැදෑරුම් කිතුණු ප්‍රතිපත්ති මාලාව

1. හැමවිටම දිව්‍ය පුජාවට සහභාගිවීම හා දිව්‍ය සත්ප්‍රසාදය ලැබීම.
2. කතෝලික ගුණාංග ප්‍රදර්ශනය කරමින් දේශපාලන ක්ෂේත්‍රය තුල ආදර්ශවත්ව, විනය ගරුකව, පරමාදර්ශීව හැසිරීම.
3. දුරාචාර, මත් ද්‍රව්‍ය, මැරකම්, නීතිවිරෝධි, කටයුතු ස`දහා හෝ රටට හානිදායී කිසිදු කටයුත්තකට කිසිම අයුරකින් සහාය හෝ අනුග්‍රහය නොදැක්වීම.
4. කිතුනු විස්වාසයන්ට අනුව කටයුතු කරමින් ඊට සාඬි දැරීම.
5. පඬ දේශපාලනයට හෝ පඬයට වඩා කතෝලික සභාවට, කතෝලික ජනතාවට
පඬපාතිව කටයුතු කිරීම.
6. මහජන මුදල් අවභාවිතය හෝ වංචා කිරීම, ගසාකෑම හෝ නාස්ති නොකිරීම.
7. තමන් කතෝලික නියෝජිතයකු ලෙස සිතා මානුෂික ගෙස හා ධාර්මිකව කටයුතු කිරීම.

“ජාතික කිතුනු පවුර” ට අයත් කතෝලික ගිහි සංවිධාන
1. “කිතු හඩ” කතෝලික දහම රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය.
2. තරුණ ක්‍රිස්තියානි ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
3. කතෝලික ලේඛක හවුල
4. මීගමුව ගිහි බල මණ්ඩලය
5. වත්තල ගිහි හවුල
6. ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය
7. සමස්ථ ලංකා ධීවර සංගමය
8. කතෝලික ගුරු සංගමය
9. බස්නාහිර උසස් අධ්‍යාපන කිතුනු ගුරු සංගමය
10. ජා – ඇල ගිහි කවය
11. කිතුනු කලා කවය
12. කතෝලික නාට්‍යවේදීන්ගේ සංගමය
13. ක්‍රිස්තියානි එක්සේසත් කවය
14. රෝස කුසුමේ දිව්‍ය ෙජ්සු සංගමය
15. ලේක් හවුස් කතෝලික සහයෝගීතාවය
16. දංකොටුව කිතුනු හවුල
17. කළුΩතර කිතුනු කවය
18. කතෝලික ව්‍යාපාරිකයින්ගේ සමිති සන්ධානය
19. කතෝලික වෘත්තීය සමිති සංගමය
20. කිතුනු වෘත්තිකයින්ගේ එකමුතුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article