spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දෙමළ නාමපුවරුවක් දිරවගන්න බැරි මිනිස්සුන්ට ජාතික සමගිය ගොඩනගන්න බෑ – අනුර දිසානායක

Must read

පසුගියදා විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නාමපුවරුව මේ වනවිට ඇතැම් දේශපාලනඥයන්ට විශාල ගැටලුවක් වී ඇති බවත්, ඒ හරහා විශාල මඩ ගොහොරුවක් නිර්මාණය කරමින් සිය දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමේ වෑයමක නිරතවෙමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නාමපුවරුවේ දෙමළ නම ඉහළින්ම සඳහන් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන රාජපක්ෂලාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය කාර්යාලයේ නාමපුවරුවේ දෙමළ නම ඉහළින් සඳහන් වීම අමතක වී ඇති බවත් අනුර දිසානායක මහතා පවසනවා.

මෙවැනි ඉතා පහත් ආකාරයේ උපක්‍රමවලින් පවා ජාතිවාදය අවුස්සන දේශපාලනඥයන්ගෙන් ජාතික ආරක්ෂාවක් හෝ ජාතික සමගියක් බලාපොරොත්තු විය හැකිද යන්න අනුර දිසානායක මහතා ප්‍රශ්න කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික සමගිය පිළිබඳ, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ වනවිට රටට එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනි ත්‍රස්ත සංවිධාන නොමැති බවත් ඇත්තේ ජාතීන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් ගොඩනැගී ඇති අනාරක්ෂිත බවත් යැයිද ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව එම අනාරක්ෂිත බව නැති කිරීමට කළයුතු එකම දේ ජාතීන් අතර ජාතික සමගිය ගොඩනැගීම බවත් ජවිපෙ නායකයා පවසනවා. ප්‍රධාන පක්ෂ ‍දෙකම මෙම තත්වය අවබෝධ කරගෙන නොමැති බැවින් ඔවුන්ට ඒ සඳහා කිසිදු වැඩපිලිවෙලක් නොමැති බව පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඇත්තේ ජාතික ජන බලවේගයට පමණක් බව ද පවසනවා.
LNW

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article