spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දෙමාපියන්ගේ අවවාදය දරාගත නොහැකිව ජිවිතෙන් සමුගත් කුමරියක් …

Must read

චමෝදිවෙන්නප්පුවේ ප්‍රදේශයේ පාසැලක සිසුවියක් මාපියන්ගේ අවවාද හේතුවෙන් සිත් වේදනාවට පත් වීම නිසා සිය නිවසේදි ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව කොස්ගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය චමෝදි අංජලා දුල්ෂානි නැමති 15 හැවිරිදි පාසැල් සිසුවියකි ඉකුත් 31 වෙනිදා තම මා පියන් රැකියාවට ගිය අතරතුර මෙම අනතුර කරගෙන ඇති බවත් ඇයගේ සොහොයුරා මෙම අනතුර දැක අසල්වාසින් ට දැනුම් දීමෙන් පසු මාරවිල මූලික රෝහලට ගෙන යන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් අරංචි මාර්ග පැවසීය මෙම පාසැල් සිසුවිය මියයාමට පෙර ලියු ලිපියක් නිසා මෙම මියයාමට හේතුව සඳහන් කර තිබු බව පොලිසිය කීය පසුගිය දිනෙක ජංගම දුරකතනයක් භාවිතා කිරිම සම්බන්ධයෙන් තම දියණියට අවවද කල බවත් එහෙත් එය මේ තරම් දරුණු අනතුරක් කරගන්නට තරම් හේතුවක් වේවි කියා තමන් නොසිතු බව මාරවිල මූලික රෝහලේදි පැවති මරණ පරික්ෂණයේදි සාක්ෂි දුන් එම පාසැල් තරුණියගේ පියා සඳහන් කල බව පොලිසිය කීය ඔතර පළාත් හදිසි මරණ පරික්ෂක ලයනල් රූබසිංහ මහාතා විසින් මෙම මරණය පිළිබඳ පශ්චාත් පරික්ෂණ සිදු කර ඇති අතර වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් 48945 ප්‍රියන්ත මෙම පරික්ෂණ කටයුතු වලට සහය විය
චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article