spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේව මෙහෙයක් මැද්දේ දේශපාලන ඇඩ් දාපු මිගමුවේ කතෝලික පියතුමෙක් ( විඩියෝ )

Must read

nimal and dayanපාස්කු ප්‍රහාරය සමරමින් මිගමුව නගර සබාව ඉදිරිපිට දේව මෙහෙයක් දේශපාලකයන්ගේ මැදිහත්විමෙන් සංවිධානය වි තිබුන බව නගරාධිපති දායන් ලංසාගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කොට තිබුණි.,NImal and NGB hospital director
ඒ විඩියෝවට අනුව පැහැදිලිවම එය සංවිධානය කර තිබුන අරමුණ බලන ඕනැම කෙනෙකුට තේරුම් යනු ඇත.ඒ අනුව නිමල් ලංසා සහ දයාන් ලංසාව වැඩියෙන් පෙන්විමටත් මේ කුඩා මෙහෙයට ගිතිකා කියන්නට නලින් පෙරේරා කැදවා තිබිම පමණක් නොව මිගමුව රෝහලට පැමිණි අලුත් අධ්‍යක්ෂක තුමන්ද මිගමුව පුරපති දයාන් ලංසාගේ කළණ මිතුරෙකු සේ කටයුතු කරන වෛද්‍ය විජේලත්ද කැදවා තිබිමෙන් මෙය කුඩා මාධ්‍ය සංදර්ශනයක්ද වි තිබුන අයුරු පැහැදිලිය.
මේ දේව මෙහෙය පවත්වා තිබුනේ පොහොට්ටුවටත් දයාන් ලංසාටත් ඉතාමත් හිතවත් අයෙකු විසිනි. ඔහු මිගමුව සා.මරියා විදුහලේ විදුහල්පති තුමාද වෙයි.නමින් ජයන්ත වික්‍රමසිංහ පියතුමාය.( ගෝඨාභය රාජපක්ෂ පළමුවෙන්ම ලංකාවට පැමිණ දවසේ ගුවන් තොටුපලට ගොස් ඔහුව පිලිගත් කතෝලික පියතුමා වුයේද ජයන්ත වික්‍රමසිංහ පියතුමන්ය.)fr.jayantha
සාමාන්‍යයෙන් පියතුමන්ලා ආගමික කටයුතු අතරේ දේශපාලන ඇඩ් දැමිම ගැන අප එතරම් අසා නැත. එහෙත් ඇතැම් බෞද්ධ හික්ෂුන් වහන්සේලා නම් එසේ කරති. තමන්ට විවිධ උදව් උපකාර කළ දේශපාලකයන් හෝ ව්‍යාපාරිකයන් බොහෝ සේ වර්ණනා කරති.
අද ජයන්ත වික්‍රමසිංහ පියතුමාද අප කියන ඇතැම් බෞද්ධ භික්ෂුන්වහන්සේලාගේ තැනට වැටි දේශපාලන ඇඩ් කිපයක්ම කළ අයුරු දැනට ප්‍රසිද්ධියට පත්ව ඇති විඩියෝවේ අගේට ඇත.
දේව මෙහෙයට අදාල විඩියෝවේ වෙන්වු  කාලයට වඩා වැඩි කාලයක දායන් ලංසාව සහ නිමල් ලංසාව වර්ණනා කිරිම සදහා ජයන්ත පියතුමා විසින් දැමු දේශපාලන ඇඩ්වලට කාලය වෙන්ව තිබේ.එය ඉතා පැහැදිලිය  දයාන් ලංසා විසින් ප්‍රසිද්දියට පත්කර ඇති  විඩියෝ දැක්වේ .
අපට ජයන්ත පියතුමාට කියන්නට ඇත්තේ දේශපාලන හිතවත් වෙනමම නඩත්තු කරගන්න . එහෙත් දේව මෙහෙයකට පැමිණි පසු පුජකවරයේ  ගෞරවය රැකගන්නා ලෙසය,

පාස්කු ප්‍රහාරයෙන් මෙන්ම කොරොනාවෙන්ද  කරනා දේශපාලකයන්ගේ ගරානා දේශපාලනය

බලලෝභි දේශපාලකයන් යනු මළ ගෙය මෙන්ම මගුල් ගෙයද පාස්කු ප්‍රහාරය මෙන්ම කොරෝනාවද සිය බඩ වඩා ගැනිම සහ දේශපාලන ප්‍රතිරුප පුම්බා ගැනිමට යොදාගන්නට අමුතුම අවස්ථාවාදින් පිරිසකි.අද ජයන්ත පියතුමාවද අගේට මේ විඩියෝව හරහා අයිලා මලෝගේ දේශපාලන චරිත පුම්බාගැනිමට පාවිච්චි කර තිබේ.

බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් සමගින් නැගිටින්නට වීම
බල්ලොත් සමගින් ලැග්ග කළ නැගිටින්නට වෙන්න මැක්කෝ පිහ දාදා යැයි කථාවක් තිබේ.මේ විඩියෝ බලද්දි විදුහල්පති ධුරයක්දර දරන කතෝලික පියතුමෙක් ලෙසින් ඔබතුමන් සැබැවින්ම අද පට්ට හෑල්ලුවකට ලක්ව ඇත. .

හෑල්ලුවට ලක්ව ඇත්තේ පුජකවරය නම් වු උතුම් තනතුරයි

එහිදි හැල්ලු වන්නේ ජයන්ත වික්‍රමසිංහ ජිවවිද්‍යාත්මක කයට වඩා පූජකවරය නම් වු උතුම් තනතුරයි.
නගරාධිපතිවරයාගේ මුහුණු පොතේ විඩියෝව නිවිහැනිහිල්ලේ බලන්න. සැබැවින්ම ඔබ අවුල් වනවා නොඅනුමානය.ලැජ්ජාවටද පත්වනු ඇත.
මේ මෙහෙය පැවැත්වුයේ බලලෝභි දේශපාලනය සහ ඊට උඩගෙඩි දුන් බලලෝභි දේශපාලකයන් විසින් ජිවිත බිලිගත් අසරණ ජනයාව සැමරිම සදහාය.එහෙත් අද ඒ වෙනුවෙන් වු සමරු දේව මෙහෙයකට පැමිණ ජයන්ත පියතුමන් විසින් කර තිබුනේද බලලෝභි දේශපාලකයන් මුරුංගා අත්තේ තැබිම නොවේද ?එය කතෝලික පියතුමෙකුට අනුව ශිලාචාරද ?.
විනාඩි 4 කටත් ටිකක් වැඩියෙන් ඇති  මෙම විඩියෝ පටියේ හරි අඩක් ඇත්තේ පියතුමන් විසින් ගයන ප්‍රශ්ස්ති කථාවන්ය. එය සංස්කරණය කර ඇති නගරාධිපතිව පුම්බාලිමේ මාධ්‍යකරණය වෙනුවෙන් පඩි ලබන පිරිස විසින් විය යුතුය.
ඉතින් පියතුමෙකු මේ තරම් ලාබ විය යුතුදැයි තින්දු කිරිමේ අයිතිය ජයන්ත පියතුමන් සතුය.

බලලෝභි දේශපාලකයන් විසින් ගරු පියතුමෙකු සිය දේශපාලන ප්‍රචාරණය වෙනුවෙන් පාවිචිචි කිරිම

මේ ජයන්ත පියතුමන්ගේ වර්ණනාව ගැන අසා සිටින විට ඇත්තට ලැජ්ජා සිතුණි.වසර 7 ක් තිස්සේ පුජකවරයෙකු විමට විධිමත් පුහුනුවක් ලබන පියතුමෙකුව  අන්තිමේදි විඩියෝවක් සමාජ ගතකරමින් පට්ට හැල්ලුවකට ලක් කිරිම බලලෝභින්ට හැකිව තිබේ.
ඒ වර්ණනාවට අනුව සැබැවින්ම කටුවාපිටියේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සියළු දෙනාගෙම් කටයුතු බෝම්බය පිපිරුන මොහොතේ සිට මිහිදන් කිරිම් අවසන් වු පසුත් කර තිබුනේ දයාන් ලංසා විසින්ම බව පියතුමන් මෙහිදි කියා තිබේ.
කෙසේ වෙතත් කොන්ද කෙලින් තියන් වැඩකරපු පුජක පැලැන්තියක් සිටි මිගමුව වැනි නගරයක අද ඇතැම් පියතුමන්ලා පත්ව ඇති තත්වය ගැන සැබැවින්ම කණාගාටුදායකය.

දේශපාලකයන්ට ප්‍රශස්ති නොගැයු නියම කිතුණු පුජකපරපුරක් 

දේශපාලකයන්ගේ කටු කා ප්‍රශස්ති කියන ගණයට නොවැටුන ප්‍රතිපත්තිගරුක පුජකපුතුන් ගණනාවක් එදා මිගමුවේ විය. ගරු ආටි අමරතුංග පියතුමන්, ගරු අයිවන් ප්‍රනාන්දු පියතුමන්,ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමන්, ගරු අබා කොස්තා පියතුමන්  වැනි තවත් ගරු පියතුමන්ලා මෙහි නම් සදහන් නොකළද මිගමුවේ කිතුණු ඉතිහාසය රන්අකුරින් ලියු කිතුනු දහමට සැබැ ලෙසින්ම සාක්ෂි දැරු ගරු පියවරුන් විය.
ඔවුන් එදා ගරු කලේ කිතුණු දහම පමණි.එසේ නොමැතිව රටේ අප්‍රසාදයට ලක්වු කුජිත දේශපාලකයන් වෙනුවෙන් කිසිදා ප්‍රශස්ති ගයන්නට ඔවුන් කිසිදා නොගියෝය.
අද මේ ප්‍රශ්ස්ති ගායනා තුලින් හෑල්ලුවට ලක්කරන්නේ එදා විරෝධාර ක්‍රිස්තු අනුගාමිකයන් ලෙසින් දුප්පතුන්ගේ සභාවක් ගොඩනගන්නට මිගමුවේදි පෙරමුණ ගත් ඒ ගරු පියවරන්ගේ ආත්ම අභිමානනයි. ආත්ම ගරුත්වයයි. එය නම් කිසිදා සමාව දිය නොහැකි වරදක්මය.

දේවමෙහෙය මැද දේශපාලන ඇඩ් ගිය නගරාධිපතිගේ විඩියෝව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article