spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ධීවර ප්‍රජාවෙන් තවත් ආශ්‍රිතයන් 156 ක් ! බ්‍රැන්ඩික්ස් ,පෑලියගොඩ පොකුරු 5396 ක් දක්වා ඉහලට !

Must read

brandix-peliyagodaකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164දෙනෙකු ඊයේ රාත්‍රියේදි හදුනාගෙන තිබුණ අතර ඉන් ආසාදිතයින් 08දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද  අනෙකුත් 156දෙනා පෑළියගොඩ මත්ස්‍ය වෙළදසැල ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව ඊයේ  (27) දිනය තුළ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 457කි.

බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ පොකුරුවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,396ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටි.

රනිල්හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය මාර්තු මාසයේ පැවැති කොරෝනා පාලනය කිරිම පිළිබද ඉහල පෙලේ සාකච්ජාවකදි ඉදිරිපත් කළ අදහස් ඇතුලත් කෙටි විඩියෝවක් මේ දිනවන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. එහිදි ඔහු විසින් ඉතා පැහැදිලිව කියා තිබුන අදහස් අතර හැකිතාක් PCR පරික්ෂණ සිදුකරන ලෙසත් , රෝහල් ඇදන් වැඩිකරන ලෙසත් , ටෙන්ටිලේටර්ස් හැකිතාක් සපයාගැනිමේ අවශ්‍යතාවයක් අවධාරණය කර තිබුණි.
එමෙන්ම ධිවරයන් , වතුකරය වැනි තැන් කේන්ද්‍රකොට ගනිමින් PCR පරික්ෂණ හැකිතාක් සිදුකිරිමේ අවශ්‍යතාවයද ඔහු විසින් මතුකරමින් කියා තිබුනේ දෙවන රැල්ල ඒ ආශ්‍රිතව පැමිණිය හැකි බව සදහන් කරමිනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article