spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරයට අශෝභනයි !අනතුරකට අතවනයි !බලධාරින් නිදි වගෙයි !

Must read

 

          ග්‍රීන්ස් පාර,  මීගමුව නගරයට පැමිණෙන වැඩි දෙනෙක් ගමන් කරනා ප්‍රධානතම මාර්ගයකි.  මීගමු නගරයේ ඔරලෝසු කණුව පිහිටා ඇති  හතරමං හන්දියේ සිට බෞද්ධ මන්දිරය හරහා බස් නැවතුම්පොළ දක්වා දිවෙන  ග්‍රීන්ස් පාරේ එම මාර්ග කොටස විදෙස් සංචාරකයන් ඇතුළු නගරයට පැමිණෙන දහස් සංඛ්‍යාත පාරිභෝගික ජනතාවද වැඩි වශයෙන් ගමන් ගන්නා මාර්ග කොටසකි. මෙහි ස්ථාන දෙකක  ඡායාරූප වලින් පෙනෙන්නට ඇති පරිදි ඉතාම අනතුරුදායක ස්ථාන දෙකක් දක්නට ලැබේ.

මෙම ස්ථාන දෙකෙහිම අප ජලය බැස යාමට තනා ඇති කානුවට  උඩින් සවිකර ඇති කොන්ක්‍රීට් ආවරණ කැඩී ගොස් , කානුමාර්ගය නිරාවරණය වී ඇති ආකාරය දැක ගත හැකිය. මෙම කොන්ක්‍රීට් ආවරණ කැඩී  මේ වන විට මාස ගන්නක් ඉක්ම ගොස් ඇතත් ඒවා නැවත සකස් කර හෝ ඒ වෙනුවට නව කොන්ක්‍රීට් ආවරණ සවිකිරීමට හෝ නගර බලධරයන්  මෙතෙක් උත්සුක වී නැත. ඒ නිසා කුමන අවස්ථාවක හෝ මේ ස්ථානවල දී මේ මාර්ගයේ ගමන් ගන්නා පදිකයන් හෝ යතුරුපැදි, ත්‍රී රෝද රථ හා වෙනත් රථ වාහන ද අනතුරකට ලක්වීමට බෙහෙවින්ම ඉඩකඩ ඇත.ග්‍රීන්ස් පරේ  IOC ඉන්දන පිරවුම් හල අසල දී හමු වූ ත්‍රී රෝද රථ හිමිකරුවෙකු පැවසුවේ දැන් දෙමසකට පමණ පෙර ඔහුගේ ත්‍රිරෝද රථය පසුපසට ගැනීමේදී , ගලවා දමා ඇති කොන්ක්‍රීට් ආවරණ  වල වැදී තම ත්‍රිරෝද රථයේ පසුපස ප්‍රදේශයට දැඩි හානියක් සුදු වු බවයි .

එලෙසම DSI  ප්‍රදර්ශනාගාරය  ඉදිරිපිටදී අප වෙත අදහස් දැක්වූ කාන්තාවක් පැවසුවේ පසුගිය වැසි දිනයක සවස් කාලයේ  උපකාරක පන්තියකට සහභාගි වී යමින් සිටි පාසල් දරුවෙකු මෙම කොන්ක්‍රීට් ආවරණය කැඩී ගිය ස්ථානයෙන් කාණුවට වැටෙන්නට යාමේදී  අසලින් ගිය තැනැත්තෙක් ක්ෂණිකව පැන දරුවාව කාණුවට වැටෙන්නට නොදී අල්ලා ගත් බවයි. මේ නිසා මීගමුව ග්‍රීන්ස් පාරේ ඇති මෙම අනාරක්ෂිත ස්ථාන දෙකම  කුමන මොහොතක හෝ අනතුරක් සිදුවීමට, බොහෝ ඉඩකඩක් ඇති ස්ථානයන් බවට හැඳින්විය හැක.


             එලෙසම රටේ ප්‍රධානතම වාණිජ නගරයක් සහ සංචාරක පුරවරයක් වූ මීගමුව නගරය වැනි සුපිරි නගරයක මෙවැනි අනතුරුදායක ස්ථාන තිබීම සහ ගැලවී ගිය කොන්ක්‍රීට් ආවරණ  අවිධිමත් ලෙස  රඳවා තබා යාම නගරයේ අලංකරණයටද  ඉන් විශාල හානියක් සිදුවී තිබේ.


                    එනිසා නගරයේ අලංකරත්වයටද එලෙසම නගරයේ අනතුරුදායක බවට ද හේතුවක් වී ඇති මෙවැනි ස්ථාන නිරන්තරයෙන් නිරීක්ෂණය කර එම ස්ථාන නිසි ලෙස සහ විධිමත්  ආකාරයට  නැවත අලුත් වැඩියා කර ස්ථාපිත කිරීම  වගකිවයුතු නගර බලධරයන්ගේ  වගකීමක් සේම යුතුකමක්ද වන්නේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article