spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අප්‍රේල් 9 සමරමින් මිගමුවේත් විරෝධතාවක් !

Must read

පලස්තීන ජනසංහාරය,උතුරු නැගෙනහිර මර්ධනය හා IMF මරඋගුලට එරෙහිව මිගමුව තෙල්වත්ත හංදියේ අද සවස් වරුවේ  විරෝධතාවයක් පැවැත්විණි.

මිගමුව මහජන කවුන්සිල් ව්‍යාපාරය විසින් මෙය සංවිධානය තිබුනි. අප්‍රෙල් 9 සමරමින් කොළඹ කොටුවේදි ද විරෝධතාවයක් පැවැත්වුණි.

මෙම විරෝධතාවයට එක්ව සිටි කලකාරු ගීතදේව කියා සිටියේ සෑබෑ අරගලයක් පැවැතියේ උතුරේ බවය.

 

මේ අතර අරගලයට මුලපුරමින් කොහුවලින් මාර්තු 01 වෙනිදා   විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළ black cap movement හි තරුණ සමාජ දේශපාලන ක්‍රියාකාරින් පිරිසක් විසින් අද වි⁣⁣ශේෂ නිවේදනයක් නිකුත් කොට තිබුණි.

ඡායාරූප – ප්‍රියපේම මාණික්කරත්න 

                                                   දැන් ඉතින් අපේ අත් අත හරින්න!

අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයනි,

Black Cap Movement ආරම්භ වූයේ අඳුරු කාලයක බලාපොරොත්තුවේ ගිනි පුපුරක් වශයෙනි. වෙනසක් සඳහා වූ අපගේ කැඳවීමට සම්බන්ධ වූ අසංඛ්‍යාත මිනිසුන් ගැන අපි කෘතඥ වෙමු. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජනාධිපතිවරයෙක් තම ධූරයෙන් පලවා හැරීමේ ජනතා ජයග්‍රණය අපි සියලු දෙනා එක්ව ලබාගත්තෙමු.

2022 මාර්තු 01 වෙනිදා කොහුවල නගරයෙන් ඇරඹි විරෝධතා ව්‍යාපාරය

අප සංවිධානය නිර්මාණය වුයේ දේශපාලනිකව අඳ ගොළු බිහිරිව සිටි අයගෙන් නොවේ. සක්‍රිය දේශපාලන පුරවැසි නායකයන් සමුහයකිනි. ඔවුන් විවිධ දේශපාලන සහ සමාජ නැමියාවන් සහිත පිරිසක් වූ අතර ජනතා අරගලය තුල සියල්ලෝ එක් අරමුණක් වෙනුවෙන් කැපවිය. නමුත් අප දැන් ඒ සියලු අත් අත්හැර ඔවුන්ට අනන්‍ය වූ ගමන් මාර්ග යාමට නිදහස් කල යුත්තෙමු.

ඒ අනුව ගාලු මුවදොර අරගලයට වසර දෙකක් සපිරෙන අද දිනයේ අප අපේ සියලු සටන් සඟයන්ට ඔවුන්ගේ මාවත් වෙත යාමට Black Cap Movement සංවිධානය පුර්ණ වශයෙන් අවසන් කරන්නෙමු.

Black Cap Movement ගමන අප අවසන් කරන්නේ දුෂ්කර ජනතා අරගලය ප්‍රජාතන්ත්‍ර කිරීමටත්, ප්‍රචණ්ඩකාරී නොවීමටත් මග පෙන්වූ සිතියමත්, මාලිමාවත් වූ, රට ප්‍රතිසංස්කරණ මාවතට අවතීරණ කිරීමට දායක වූ පුරෝගාමී සංවිධානයක් ලෙසිනි.

Hasta la vista!

ස්තුතියි!

දේශපාලන මණ්ඩලය,
Black Cap Movement

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article