spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරාධිපති දයාන් ලංසා මහජන බදුමුදලින් යන්න හැදු රටසවාරිය අත්හරී ?

Must read

dayan lansa mayorමීගමුව මහනගර සභාවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ සිය වගකීම නිසි ලෙසින් ඉටුනොකරන තත්වයක් තුල ආණ්ඩුපක්ෂය කෑලෑ නීතිය පවා මිගමු නගර සභාවේ නීතිය බවට පත්කරගනිමින් අනීතික වැඩවල නිරතව සිටිති.
මේ පිළිබදව පුලුල් සාකච්ජාවකට පසුගිය දින කිපය තුල ලක්වු  කරුණ වුයේ මහජන බදු මුදල් රු ලක්ෂ 5 ක් වැය කරමින් නගරාධිපතිවරයා ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සංචාරයක් සදහා මහනගර සභාවේ අරමුදල් භාවිතා කිරිමට සුදානමින් සිටිමය.
මේ සදහා මිගමු මහනගර සභාවේ තුන්වෙනි පංතියේ වැඩබලන කොමසාරිස්වරියද පළාත පාලන නීතියද නවා  රට සංචාරයක් යැම සදහා මහජන මුදල් ලබාදිමට වක්‍ර අනුමැතියක් ලබා දි තිබුණද පරිපාලන අධිකාරියේ කොන්දක් ඇති ඇතැම් නිළධාරින්ගේ විරෝධය මත මේ මුදල් නිදහස් විම දැනටමත ගැටළු සහගතව පවති.
මේ පසුබිම යටතේ නගරාධිපති වරයා එළඹෙන 4 වෙනිදා ඔස්ට්‍රේලියාවෙ මෙල්බර්න නුවර බලා යෑමට සිටි සංචාරය අත්හැරිමට ඉඩ ඇතැයි අපට සමිප නගර සභා ආරාංචි මාර්ග දක්වා සිටි.
මේ නීතිවිරෝධි මුදල් සදහා මුදල් කාරක සභාවේදි අනුමැතිය ලබාදෙමින්  එජාප නියෝජනය කරමින් මුදල් කාරක සභාවේ සිටින කැලිසන් ජයකොඩි සහ නස්මියාර් යන නාගරික මන්ත්‍රිවරුන් මීගමුවේ බදුගෙවන ජනයාවද පාවා දෙමින් අමන රංගනයක දැන් නියැලි සිටිති.
මේ අයට නියෝග දි මිගමුවේ බදුගෙවන ජනයාට සාධාරණය ඉටු කිරිමට පියවර ගැනිමට මිගමුව වත්මන් එජාප සංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධනද අපොහොසත්ය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
කාවින්දට සහ බහුතරයක් එජාප නාගරික මන්ත්‍රිලාට මිගමුවේ බදුගෙවන ජනයාට වඩා ලංසා පවුල වැදගත් බව නොවේද ?
එහෙත් අරුමය වන්නේ මීගමුව නගර සභාව නියෝජනය කරනු ලබන ජවිපෙ නියෝජිතයන්ද කාසය බිපු ගොළුවන් සේ හැසිරිමය.
මිගමු ඉතිහාසයේ පිටකොදු බිදගත් විපක්ෂය ලෙසින් මේ සියල්ලෝ ඉතිහාස ගතවිමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article