spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගර සභාව ගැන කාමච්චෝඩේ වෙළෙඳුන් කියන කතා

Must read

DSC_0011new DSC_0010newමීගමුව  කාමච්චෝඩය   ඉරිදා සහ බදාදා   පොල  යනු  එලවළු  ඇතුළු   වෙනත්  අත්‍යවශ්‍ය   දෙයක්   විකුණා  ජීවත්වීමට  වෙර දරන  මිනිසුන්ගෙන්  සැදි  කුඩා  වෙළදපොලකි.  මෙහි  මීගමුවෙන්  පමණක්  නොව  වෙනත්  පැතිවලින්  පැමිණෙන  මිනිසුන්  තමන්ගේ   භාණ්ඩ  විකුණා  කීයක්  හෝ  අතටගෙන  තම  පවුල්  නඩත්තු  කිරීමට  වෙර දරති.    මේ අය අතර  වයස  අවුරුදු  60 , 70 පසුකළ  අම්මාවරු,  සහ  පියවරුද  සිටිති.     නගරයේ   වෙනත් ප්‍රශ්ණ  කෙසේ  වෙතත්  තමන්  දවාලන  ප්‍රශ්ණ  එළිපිට  සහ  සැගවී   අවස්ථාවක්  ලද  සැනින්  ඉදිරිපත්  කරන්නට  ඔවුන්  පෙලඹෙන  ආකාරය   ගැන  පුදුම වියයුතු   නැත.  මන්ද  මෙම ප්‍රශ්ණ  වලින්  මොවුන්   හෙම්බත්වී  ඇති බැවිනි. එනිසා තමන්ගේ   නමගම  සදහන්   නොකළද  මේ අසරණ  වෙළෙන්දෝ  තමන්ගේ  අසරණ බව මෙම  ස්ථානයට  එන   ඕනෑම  විශේෂත්වයක්   ගන්නා  අයෙකු  දුටු  සැනින්   ඔහු   තමන්ගේ  ගැලවුම්  කරු  ලෙස  සිතන  මට්ටමට  පත්වී  ඔවුන්ගේ  අසරණ  බව   එලියට  පනියි.      ඒඅනුව සමහරු තම  ගැටළු  ආවේගකාරීව   ඉදිරිපත්  කරයි.

කලබලකාරී  පරිසරයක්   වුවද   මීගමු  නගරයේ  තිබෙන  ප්‍රශ්ණ   පිළිබදව ඔවුන්ගේ  අදහස්  දැනගැනීම  සදහා   ඔවුන්  සමග   කථාබහ  කිරීමට  අප  අදහස්  කළෙමු.

අපිට  මූනකට  හෝදන්න  ටැප්එකක්  නෑ.  වැසිකිළියක්නෑ  ගේන  බඩු  වහන්න  ආවරනයක් නෑ ඒකට  හට් අපි  ගෙදරින් තමයි  ගේන්නෙ. මේකෙ  යන එන තැන්  අබලන් වෙලා. කානු  වහල තියෙන  කොන්ක්‍රීට්  ලෑලිවල හැපිල මිනිස්සු  තුවාල කරගන්නවා.

මේ ඔවුන්ගේ  අදෝනාවේ  ඉදිරි  පෙනුමයි.පසු  පෙනුම  ඉතා කණගාටු දායකය.මන්ද සමහර අය තම  අදහස  කියා ගැනීමට  නොහැකිව   ලතවෙන්නේ  ඔවුන්  නිහ  කරවන  පරිසරයක්  නිර්මාණය  වී  ඇති  නිසාය. මෙහි  රැවටීම,  වංචාව,  දුෂණය,  ආදිය  ඉහවහා ගිය  තැනක්  බව  ඔවුන්ගේ  අදහසයි.මේ  සියළු  දෙනා  සාධාරණ  නගර  පාලනයක්  ප්‍රාර්ථනා  කරති.  එම  අදහස  මුදුන්පත්  කරගැනීමට  නම්  මේ  සියළුදෙනා  සාමුහිකව  සිටියයුතු  බව  අපගේ  විශ්වාසයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article