spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගර සභාව දුම්ගහන්නේ හිතවත්කම් වලටයි ! නගරසභාවට බරපතල චෝදනාවක්

Must read

dengu foggingඩෙංගු රෝගියෙකු සිටින බවට හදුනාගැනිමෙන් පසුව එසැනින්ම ඒ අවට ප්‍රදේශය දුමායනය කරමින් අදාල ඩෙංගු මදුරුවා විසින් තවත් අයව දෂ්ඨ කරන්නට තිබෙන ඉඩකඩ අහුරාලිම හැකිඉක්මනින් සිදුකළ යුතු වුවත් මීගමුව මහනගර සභාව එය එසේ නොකරන බවට බරපතල චෝදනා රැසක් පවති.
මෙහිදි හෙළිවන කටුක ඇත්ත වන්නේ දේශපාලකයන් හිටපු මන්ත්‍රිවරුන් සල්ලිකාරයන්ගේ ඉල්ලිම් වලට මුල්තැන දෙමින් මේ දුමායන කටයුතු තවමත් සිදුවනවා මිස ඩෙංගු පාලනය කිරිම ඉලක්ක කොට එය ක්‍රියාත්ක නොවන බවය.
දුමායන කටයුතු සදහා මැෂින් 12 ක් ද සේවකයන් 12 ක්ද සිටින අතර මෑතකදි තවත් සේවකයන් 10 දෙනෙකුද ඒ සදහා බදවා ගෙන ඇත.
මේ කටයුත්ත අරඹයා සේවක හිගයක් ඇතිනම් නගර සභාවේ පොතේ අත්සන් තබා ත්‍රිවිල් එලවන සේවයකයන් මෙන්ම හිටපු දේශපාලකයන්ගේ දරුවන් පාසැලෙන් අරන්  යන,එන   සේවකයන් රැසක් අදටත් සිටින පසුබිමක ඒ අයව පවා මේ සදහා යොදවා ගත හැක.
එහෙත් මේ අංශය දැන් ක්‍රියාත්මක වන්නේ මීගමුවේ ඇති වසංගත තත්වය පාලනය කිරිම ඉල්ලක කොට ගෙන නොවන බව දැනටමත් වාර්ථා වන සිදුවිම් වලින් ඉතා පැහැදිලි වෙමින් තිබේ.
නිදසුනක් ලෙස කුරණ ඩෙංගු රෝගයෙන් මිය  දරුවාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබුනේ ඔවුන්ගේ  නිවස අවට දුමායන කටයුතු සදහා මහනගර සභාව අදාල මැෂින් සමගින් සේවයකයන් එවා තිබුනේ දින 7 කට පසුව බවයි.එනම් ජුනි 07 වනදා බවයි
කුරණ තවත් ස්ථානවල සිටින ඩෙංගු රෝගින්ගේ   නිවෙස් අවට දුමායන කටයුතු සදහා තවදුරටත් ඒ මෙහෙයුම ක්‍රියාත්මක කර  ගැනිමට අවැසිව තිබුණද ජුනි 09 වනදා මේ දුමායන කටයුතු සිදුකරගනු ලබන්නේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු වන ඩන්ස්ටන් මහතාගේ ඕනැ එපා කම් අනුවය.ඒ ඔහුගේ අධාරකරුවන්ගේ නිවෙස්වලටය
මෙහිදි මතුවෙන ගැටළුව වන්නේ කුරණ ඩෙංගු වසංගත තත්වයක් කරා ගමන් කරන්නේ නම් ඒ ගැන කටයුතු කළ යුතු ප්‍රධානියා වන්නේ අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වුවද දැන් පෙනි යන්නේ අදාල ප්‍රදේශයන් හි දේශපාලකයන් විසින් ඒ වගකිමට බාධා කරමින් තමන්ගේ පාක්ෂිකයන්ගේ නිවෙස් වලට දුමායන කටයුතු කරගැනිමට පටන් ගෙන ඇති බවය.මෙය භායනක  තත්වයකි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article