spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නන්නත්තාර වෙච්ච පොහොට්ටුවේ පිරිස් ඉන්ධන ප්‍රශ්නයට මුවාවී අහිංසක ධිවරයින් බිළි දෙන්නට හදනවා

Must read

 

UNP MPs on fuel hike issue(12.30 am )අද එක්සත් ජාතික පක්ෂයේ මීගමුව සංවිධායක රොයිස් විජිත ඇතුළු නාගරික මන්ත්‍රී කණ්ඩායම විසින් ඉන්ධන මිළ ඉහළ යාම සහ ධීවරයින්ට මතුවෙන ප්‍රශ්න වලදී රජයේ මැදිහත්වීම පැහැදිලි කිරීම වෙනුවෙන් සිය අදහස් දැක්වීමට මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබුණි.
මෙහිදී රොයිස් විජිත මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්ධන මිළ වැඩිවීම මත ධිවරයින්ට මතුවී ඇති ගැටළු සම්බන්ධයෙන් දිය හැකි සහන පෙර පරිදිම ලබාදීම සදහා රජය ඉදිරි සතිය ඇතුළත පියවර ගැනීමට දැනමත් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
මේ අතර විවිධ පිරිස් විසින් අනවශ්‍ය දේශපාලන වාසි ගැනීමට උත්සාහාකිරමින් අහිංසක ධීවරයින්ව දඩමීමා කර ගනිමින් ධීවරයින් පාරට බස්සන බව කියමින් වහසි බස් දොඩන බව ප්‍රකාශ කරන ලදී. තවදුරටත් ඔහු ..” පසුගිය රජය කාලේ රුපියල් 05කින් භූමිතෙල් මිළ වැඩිකරපු වෙලාවේ උද්ඝෝණය කරපු ධීවරයින්ට වෙඩි තිබ්බා. ඒ ධිවරයින්ව මරපු මහින්ද රාජපක්ෂටත් ඒ කිසිවෙකුටත් අයිතියක් නෑ මේ භූමිතෙල් ප්‍රශ්නය ගැන කතා කරන්ඩ” යනුවෙන් පැවසීය.. මෙම ප්‍රශ්නය සාකච්ඡා කර විසදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් රොයිස් විජිත මහතා ප්‍රකාශ කරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article