spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘නාකොටික්’ නිලධාරීන් සමග ඇමති ප්‍රසන්නගේ ගොලයෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරමට මාට්ටු!

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන්

සිව්දෙනෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබු අතර මේ වනවිට රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මොවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සහ බෙදාහැරීමේ කටයුතු සඳහා ජාවාරම්කරුවන්ට සහාය දී ඇති බවයි.

ඒ හරහා ඔවුන් විශාල මුදලක් උපයාගෙන විශාල දේපළ ප්‍රමාණයක් ද මිලදීගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙහිදී සැකපිට අත්අඩංගුවට පත් සිවිල් පුද්ගලයා අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ සමීපතම හිතවතකු බවට හඳුනාගෙන ඇත. ඔහුගේ සොයුරා ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධිකරණ නිලධාරියකු බවද වාර්තාවේ.

 

සැකකරුගේ සොයුරා ඇමති කාර්ය මණ්ඩලයෙන් නෙරපයි :

මේ සම්බන්ධයෙන් theleader.lk අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කලේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාත්මක ක්‍රියාත්මක වුයේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් මත බවය.

”මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිද්දවෙනවා කියලා පසුගිය මාස කිහිපයේ ඇමතිතුමාට වටින් පිටින් ආරංචිවෙලා තිබුනා. එනිසා ඇමතිතුමා පන්සලේ රැස්වීමක් කැඳවා ගම්වාසීන්ගෙන් මේ ගැන තොරතුරු විමසා සිටියා. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දුන්නෙත් ඇමතිතුමාමයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ වැටලීමේදී සැකපිට අත්අඩංගුවට පත්වෙලා ඉන්නේ ඇමතිතුමාගේ කාර්යමණ්ඩලයේ සාමාජිකයෙක් බවට ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා අසත්‍යයි.” එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයකුගේ සොයුරකු වන අතර සිද්ධියෙන් පසු ඇමති ප්‍රසන්න රණතුංග විසින් ඔහුව වහාම සේවයෙන් ඉවත්කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උප පොලිස් පරික්ෂකවරයා ගේ නිවස පරික්ෂා කළ මිනුවන්ගොඩ පොලිසියේ  නිලධාරින් එම සැකකරු ගේ නිවස තුළ තිබූ රුපියල් 940,000ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා උපයෝගි කර ගත්  නවින පන්නයේ ජිප් රථයක් පොලිස් බාරයට ගෙන තිබේ.

මිනුවන්ගොඩ වේරගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි එම නිවසේ තිබූ සැටලයිට් යන්ත්‍රයක් සහ සැකකරුට අයත් ක්‍රෙඩිට් කාඩ් 04ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

 

නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවට සීල්

අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ දහස් ගණනක් පිටතට විකුණා ඇතැයි ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (නාකොටික්) සතු භාණ්ඩ ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇත.

මහා පරිමාණ වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා හෙරොයින් මෙම නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෝ අනාවරණය කළේය.

මෙම ගබඩාවේ තොග ගණනය කිරීමක් අද (29වැනිදා) සහ හෙට (30වැනිදා) දිනයේ දැඩි රැකවරණ මැද කිරීමට ද ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇත.

කාලයක් තිස්සේ පොලිස් නාකොටික් අංශයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ කුඩු තොගවලට වෙනත් රසායන ද්‍රව්‍ය හා පිටි කලවම් කර රස පරීක්ෂක වාර්තා සඳහා සාන්ද්‍රණ වෙනස් කරවා නියම තත්ත්වයේ කුඩු තොග එම ගබඩාවෙන් හොරෙන් විකුණා ඇතැයි දැනට කරන විමර්ශනවලදී තොරතුරු ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියා පෙන්වා දුන්නේය.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දූෂිත නිලධාරීන්ට නායකත්වය දී ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා ඇතුළු මහා පරිමාණ ජාවාරම් කරුවන් බවට හෙළි වී ඇත.

මහ මුහුදේ දී හා ගොඩබිමේ දී අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග නඩු කටයුතු සඳහා රස පරීක්ෂක වෙත යැවූ සාම්පලවල වාර්තා එන තුරු ගබඩා කරන්නේ මෙම ගබඩාවේය. මෙම ගබඩාව දැඩි ආරක්ෂක රැකවල් මැද පිහිටි රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට පහළ මාලයේ තිබීමද විශේෂත්වයකි.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව නඩු භාණ්ඩ ගබඩාවේ නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කිරීමට ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම රඳවා ඇත.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article