spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාගානන්දට නං අවුලක් නෑ ! සල්ලි දීපු අයට ඇපත් නෑ !

Must read


ජනාධිපතිවරණ අපේක්ෂකයකු  ලෙස ඉදිරිපත් වන බව කියමින් රට තුළ පමණක් නොව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අතර පවා ප්‍රචාරණ කටයුතු සිදු කළ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද දිනයේත් ඇප තැන්පත් කර තිබුණේ නැත. ඇප තැන්පත් කිරීමේ කාල සීමාව ඊයේ දහවල් 12.00න් අවසන් වූ බැවින් නාගානන්ද කොඩිතුවක්කු මෙවර ජනාධිපතිවරණය සඳහා තරග නොවදින බව ස්ථිර වී තිබේ.

ප්‍රශ්නය ඇත්තේ සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා යැයි නයි අරිමින් ලොව වටා ගොස් නාගානන්ද එකතු කළ මුදල් කන්දරාවට සිදුවන්නේ කුමක්ද යන්නය.

නාගානන්ද ජනාධිපතිවරණ සටනට අවතීරණ වුණේ අනෙක් සියලුම අපේක්ෂකයින්ට පෙරය. දේශපාලනඥයින්ගේ දූෂිත ක්‍රියාවන්, සදාචාරාත්මක නොවන ක්‍රියාවන් ප්‍රශ්න කරමින් ඒ සඳහා විකල්පයක් වන බවට පොරොන්දු දෙමින් රට තුළත් විදෙස් රටවලත් ප්‍රචාරණ කටයුතු කරමින් මුදල් එකතු කළ නාගානන්ද අවසානයේ තමන්ව විශ්වාස කරමින් තමන්ට මුදල් දුන් මිනිසුන්ට පොල්ල තියා ඇත.

ඒ අනුව තක්කඩි දේශපාලනඥයින්ව ප්‍රශ්න කරමින් දේශපාලනයට පිවිසුණු නාගානන්ද තමන් ඊටත් එහා ගිය තක්කඩියකු බව ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ.

මෙය ඉතාමත්ම පැහැදිලි මූල්‍ය වංචාවකි. නාගානන්දට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකි මට්ටමේ වරදක් ඔහු මෙතැන සිදු කර ඇත.

නාගානන්ද වෙනුවෙන් පෙනී සිටි, ඔහු වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු කළ තක්කඩියන් නොවූ මිනිසුන්ට ද දැන් සිදුව ඇත්තේ නයා නැතිවුණු අහිකුණ්ඨිකයින් මෙන් බලා සිටින්නටය.

දේශපාලනය තුල වෙනසක් ප්‍රාර්ථනා කරන අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු පවා විකුණාගෙන කෑ නින්දිතයකු වශයෙන් නාගානන්ද සියල්ලටම පෙර තමන් අයථා ලෙස එකතු කරගත් මුදල් ආපසු ගෙවිය යුතුව තිබේ. කරුණු පැහැදිලි කිරීමක් ඇත්නම් එය පවා කළ යුත්තේ මුදල් ආපසු ගෙවීමෙන් අනතුරුවය.

ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීමටත් පෙරම එක් දේශපාලන නාගයකු හෝ හෙළිදරව් වීමත් හොඳය. දේශපාලන කරළියේ නයි අරින්නන්ට රැවටෙන්නට පෙර අනාගතයට හෝ මේවා හොඳ පාඩම්ය.
LNW

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article