spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නායක ස්වාමීන්වහන්සේලා පිරිසකටත් ප්‍රභූ ආරක්ෂකයන් 38 ක් .

Must read

හිටපු (පැරදුණු ) මැතිඇමැතිවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, නායක ස්වාමීන් වහන්සේලා, නිලමේවරුන් සහ  මියගිය  දේශපාලඥයන්ගේ ඇතැම්  බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා  ඇමැති ආරක්ෂක අංශයේ (M.S.D) නිලධාරීන් 245ක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ගවලින් පැවසෙන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ අයට මෙලෙස ආරක්ෂාව ලබාදීම සඳහා රජයට  වාර්ෂිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් කෝටි 15 කට ආසන්න බව දැනගන්නට ඇත.

ඇමැති ආරක්ෂක අංශයේ  මෙපමණ   නිලධාරීන් විශාල පිරිසක් පැරදුණු මැතිඇමැතිවරුන්,  දේශපාලනඥන්ගේ බිරින්දෑවරුන් ඇතුළු පිරිස්වලට  ලබා දීමට සිදුවීම නිසා නිලධාරි හිඟයක් ඇතිවීමෙන්  එම අංශයේ රාජකාරි කටයුතුවලට විශාල ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි  එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

විශේෂයෙන්ම විදේශ දූත පිරිස් පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට ආරක්ෂාව ලබාදීමේදී  මේ ගැටලුව තදින්ම දැනෙන  බව වාර්තා වේ.

අභාවප්‍රාප්ත හිටපු ජනාධිපතිවරයකුගේ බිරිඳට ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් 17 දෙනකුද අභාවප්‍රාප්ත හිටපු කතානායකවරයකුගේ බිරිඳට එම අංශයේ නිලධාරීන් දෙදෙනකුද පසුගිය කාලයේදී  ඝාතනයට ලක්වූ  ඇමැතිවරයකුගේ බිරිඳට  ආරක්ෂකයන් දෙදෙනකුද  යොදවා ඇතැයි   පවසන එම ආරංචි මාර්ග  අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ  බැංකු ගිණුමකින් රුපියල් කෝටි ගණනක්  හොරෙන් ලබාගත් බවට  චෝදනා ලැබූ නිලධාරියාටද ඇමැති ආරක්ෂකයන් දෙදෙනකු ලබාදී සිටින  බව සඳහන් කරයි.

නායක ස්වාමීන්වහන්සේලා පිරිසකට ලබාදී ඇති   ප්‍රභූ ආරක්ෂකයන් ගණන   38 කි.

රජය විශාල වශයෙන් මූල්‍යමය දුෂ්කරතාවයකට පත්ව සිටින අවස්ථාවක  ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු තර්ජනයක් නොමැති  පිරිස්වලට මෙලෙස  ප්‍රභූ ආරක්ෂාව ලබාදීම සඳහා විශාල මුදල් සම්භාරයක් යට කිරීම අපරාධයක් බව ආර්ථික විශේෂඥයන් රැසක්  රජයට සහ මුදල් ඇමැතිවරයාට දැනටමත් කරුණු පෙන්වාදී ඇතැයි  දැනගන්නට ඇත.
මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article