spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නැතිබැරි පවුල්වල නාමයෙන් මිගමුවේදි දේශපාලකයන්ට සහන මල්ලක් !

Must read

MC jayaweeraරටක් ව්‍යවසනයකට පත්කර ඇති කොරෝනා තත්වය මිගමුවේදි දේශපාලකයන්ට බිස්නස් එකක් බවට පත්වෙමින් තිබේ.කුලියක් කරගෙන බඩ වියත රැකගැනිමට නොැකි දහස් ගණන් ජනයා මිගමුවේ විවිධ ගම්වල කුසගින්නේ සිටිද්දි පසුගියදා නගරාධිපති වරයා විසින් වියළි ආහාර සහන මළු ලබා දි තිබුනේ සිය දේශපාලන මන්ත්‍රිලා වෙතය.
මිගමුව මහනගර සභාවේ  නාගරික මන්ත්‍රිවරුන්ගේ පැටිකිරිය මුළු මිගමුව පමණක් නොව දැන් රටම දනි. එවන් තත්වයක් තුල මේ සහන මළු සැබැවින්ම දුප්පතුන් අතට පත්විම නම් ඉදුරාම සැක සහිතය.
මහජන බදු මුදල් වැය කරමින් කළ යුත්තේ ලැබිය යුත්තන් වෙත සහන සැලසිම මිස සිය අයියාගේ දේශපාලන ප්‍රචාරණය වෙනුවෙන් දේශපාලකයන් හට ඒවා බෙදා දිම නොවේ.
නමුත් පිටුකොදු බිදගත් විපක්ෂයක් හමුවේ මේ කප්පම් දේශපාලනයට එරෙහිව වන්නට කිසිෙවකුත් නැත.
මිගමුවේ කරුමය නම් ජවිපේ නියෝජිතයන් තිදෙනාද සැබැ පතෝල චරිත විමය.
ඔවුන් ගුණත් නැත. අගුණත් නැත.ඒ ජාතියේ ජවිපෙ මන්ත්‍රිලා ඉන්නේද මිගමුවේ පමණක් විය යුතුය.
(ඡායාරූපය නගරාධිපතිවරයාගේ මුහුණු පොතෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article