spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නැවුම් වින්දනයක් ගෙනෙන මලයාලම් චිත්‍රපටි..

Must read

PEO TV – Channel අංක 05 චරණ රූපවාහිනියේ දිනපතා විකාශනය වන මලයාලම් චිත්‍රපට සැබවින්ම නැවුම් වින්දනයක් ගෙන දෙයි.
කේරලයේ විවිධ ස්ථාන වල කර ඇති රූ ගත කිරීම් සැබවින්ම අපට දැනෙන්නේ සැබවින්ම මෙම චිත්‍රපට ශ්‍රී ලංකාවේ රූ ගත කලාසේය.
මන්ද පරිසරය අපේ රටට බොහෝ සෙයින් සමානය.දමිළ සහ සිංහල භාෂාවන්ට බෝහෝ සෙයින් සමාන මලයාලම් බසින් විටින් විට ඇසෙන දෙබස් චිත්‍රපටයේ චරිත සිංහලෙන් කතා කරන්නේ දැයි විටක සිතේ.සමහර චිත්‍රපට තමිල්නාඩු චිත්‍රපටසේම අදහා ගත නොහැකි කතාවලින් යුක්ත වූවත් චිත්‍රපටය පුරා දිවෙන තේමාවන් අපට ඉතා සමීපය.
ආදරය, පවුල් සබඳතා, දේශපාලනය, අපරාධ, මිත්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ නවීන තාක්ෂණය වැනි විවිධ තේමාවන් ඔස්සේ නිර්මාණයවී ඇති මෙම චිත්‍රපට නැරඹීමෙන් පසුව එම නිර්මාණ හුදු වින්දනයෙන් ඔබ්බට අපව රැගෙන යන බව කිව යුතුය. නළු නිළියන්ගේ රඟපෑම් ඉතා ඉහළ මට්ටමක තිබෙන අතර චිත්‍රපට වල චරිත සදහා තෝරා ගනු ලබන්නේ නිෂ්චිතම නළු නිළියන් බව පෙනේ.

අශානෝ.2021.06.10

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article