spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා පාප්තුමන් බැහැදැකිමට රෝමයට …..

Must read

popeමීගමුව නියෝජ්‍ය නගරාධිති දයාන් ලංසා මහතා සහ මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර යන දෙපල මේ මස 24 වෙනිදා පාප්තුමන් බැහැදැකිමට රෝමය බලා යාමට නියමිත බව අපගේ නගර සභා ආරංචි මාර්ග දක්වා සිටි.
මේ ගමනට  දෙපලගේ පවුල්වල සාමාජිකයන්ද සහභාගිවිමට නියමිත තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වා සිටි.
මීපුර මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට එල්ල කරන්නට යෙදුන මරාන්තික ප්‍රහාරයට ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන ගණනාවක්ම මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා වෙත ඇගිල්ල දිගු කරමින් රජයට ලිපි ගණනාවක්ම යොමුකර තිබේ.
එමෙන්ම මෙරට ජාතික මාධ්‍ය විසින්ද මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ දයාන් ලංසා යැයිද චෝදනා එල්ල කර තිබුණි.
කෙසේ වෙතත් ඩේලි මිරර් පුවත් පත වෙත අදහස් දක්වමින් ස්වදේශ කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමති නිමල් ලංසා කියා සිටියේ තමන්ගේ සොහොයුරා විසින් ප්‍රෙඩි ගමගේට පහර එල්ල කළා  යැයි කිම බොරු චෝදනාවක් බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article