spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිරෝධායනයට ඩොලිෆින් හෝටලයට ගිය මිගමු රෝහලේ 12කට වෙච්ච අකරතැබ්බෙ?

Must read

gallery-b-mමිගමුව රෝහල තුල මතුව ඇති අර්බුදය හමුවේ තවත් 12 දෙනෙකු අද වයික්කාලේ ඩොල්ෆින් හෝටලයට ගොස් තිබුනේ කල් ඇතිව දැනුම් දි ලැබුන අවසරයක් පිටය.මේ පිරිසට මිගමුව රෝහලේ කායික විශේෂඥ වෛද්‍ය සමන් මහතාද ඇතුලත්විය. එහෙත් මේ පිරිසට පැය 3කට අධික කාලයක් එලියට වි සිටින්නට සිදුව තිබුන බව දැනගන්නට ඇත.මේ අතර කෙසේ හෝ කිසියම් සම්බන්ධයක් නිසාවෙන්දෝ විශේෂඥ වෛද්‍යවරයාට හෝටලය තුලට යාගත හැකිව තිබේ.එහෙත් අනෙක් හෙදියන් විකිරණ ශිල්පින්ද ඇතුළු කාර්ය මණ්ඩලයේ 11දෙනෙකු තවත් කාලයක් එලියට වි බලා සිටින්නට සිදුව තිබේ.පසුව මේ තත්වය ගැන දැනගත් මිගමුව රෝහලේ කාර්ය මණ්ඩලයද කිසියම් කලබලයකට පත්ව තිබුනේ අවදානම්ද සහිතව සිටින සිය සහෝදර කාර්ය  මණ්ඩලයට කුඩම්මාගේ සැලකිලි ඇයිද යනුවෙනි.කෙසේ වෙතත් මේ සියලු තත්වයන් සහ වර්ධනයන් අදාල බලධාරින්ගේද කන වැකිමෙන් අනතුරුව ඉතිරි 11 දෙනාවද ඇතුලට ගෙන තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article