spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිරෝධායන වෙමින් සිටි නිළියන්ගේ කාමරයට රිංගු ප්‍රාදේශිය වාර්තාකරුවා කව්දැයි හෙළිවේ !

Must read

ශලිනි තාරකාකලා ක්ෂේත්‍රයේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේද කථාබහට ලක්වු සිදුවිමක් වි තිබුනේ බණ්ඩාරවෙල රූගතකිරිම් සදහා ගොස් සිටි කලා ශිල්පින් පිරිසක්ව නිරෝධායනයට යොමුකිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු විසින් කටයුතු කර තිබිමත්, එසේ නිරෝධායනයේ යෙදි සිටි නිළියන් සිටි කාමරයකට හොරෙන් ඇතුලු වි ජංගම දුරකථනකින් ඒ අයව විඩියෝ ගතකරමින් මාධ්‍ය කිපයක්  වෙත යවා තිබිමත් ගැනය.
එය පැහැදිලිව කොවිඩ් 19 ප්‍රවෘත්ති වර්තාකරණ නිර්දේශ කඩකිරිමක් බව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ සංගමය වෙත මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අධානයටද යොමුකිරිමට වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය පසුගියදා කටයුතු කර තිබුණි.
මෙසේ නිළියන්ගේ කාමරයට හොරෙන් රිංගා ඇති බණ්ඩාරවෙල  ප්‍රාදේශිය වාර්තාකරුවා විරාජ් නැමැත්තෙකු බව දැන හෙළිවි තිබේ.
ඔහු රජයට සමිපව කටයුතු කරන මාධ්‍ය ගණනාවකට පුවත් සපයන වාර්තාකරුවෙකු බවද කියැවේ.
මේ වාර්තාකරුවා විසින් කර තිබුන විඩියෝව මුලින් සමාජයට මුදා හැර තිබුනේ රජයට ඉතාමත් සමිපව කටයුතු කරන පුවත්පතක් විසින් පවත්වාගෙන යන ලබන වෙබ් අඩවියක් විසිනිPHI diasanayake
මේ ප්‍රාදේශිය වාර්තාකරුවා මෙසේ කාමරයට රිංගා ඇත්තේ බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු වන දිසානායක නැමැත්තා සමගින් බවද වැඩිදුරටත් මේ වන විට අනාවරණය  වි තිබේ.
කොවිඩ් 19 ට අදාලව දැනට ඉදිරිපත්ව ඇති ප්‍රවෘත්ති වාර්තාකරණ නිර්දේශයන් අනුගමනය කරමින් රටපුරා අතිබහුතරයක් ප්‍රාදේශිය මාධ්‍යවේදින් කටයුතු කරමින් සිටින පසුබිමක බණ්ඩාරවෙල මේ වාර්තාකරු අවම මාධ්‍ය සදාචාරයවත් රැකිමට නොහැකිව වු අයෙකු ලෙසින් දැන් රටටම හෙළිදරව් වි තිබේ.
ජාතික රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බව can your hear me හි කලාශිල්පින් බණ්ඩාරවෙලදි මේ අපහසුතාවයන්ට පත්ව තිබුණ අතර ඔවුන් සියලු දෙනාගේම PCR පරික්ෂණ වාර්ථා සෟණාත්මක බවට වු වාර්ථා ලැබිමත් සමගින් ඊයේ දිනයේදි කොළඹට පැමිණ ඇතැයි වාර්ථා වේ.
දැනටමත් ඉහල ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් ලබමින් ඇති සුනිල් කොස්තා විසින් අධ්‍යක්ෂණය කරන can your hear me ටෙලි නාට්‍යය වෙතත් චැනල් වල පෙන්වමින් සිටින කසිකබල් මෙගා ටෙලි නාට්‍ය වලට දැනටමත් අභියෝගයක් එල්ල වෙමින් ඇති බවද කලා ක්ෂේත්‍රය තුල කතාබහට ලක්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article