spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිරෝෂන් රනිල්ගෙන් ඉගෙන ගන්න.අපි හදන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් ?

Must read

රෝහිත විසින් කැඩු තාප්පය
රෝහිත විසින් කැඩු තාප්පය

අප අවස්ථා කිපයදිම හෙළිදරව් කළ පරිදි මැතිවරණයෙන් පසු අපගේ පුවත් ආවරණ කලාපය තුල වැඩිම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ සිදුවිම් වාර්තා වුයේ වෙන්නප්පුව මැතිවරණ බලප්‍රදේශය තුලිනි.
එහිදි වඩාත් ඉස්මතුවි පෙනුන කරුණ වුයේ අදාල ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරින් සහ ආසන සංවිධායකවරයාට ඉතාම සමිප වු පිරිස් විසින් නීතිය අතට ගෙන ක්‍රියාකර තිබිමයි.
එයට සමගාමිව පෙනි ගිය ඊලග කරුණ වුයේ වෙන්නප්පුව පොලිසිය නිතිය හා සාමය මගහැර සිටිමයි.
අප විසින් වාර්ථා කරන ලද මෑතම සිදුවිම වු වෙන්නප්පුව නගරයේ ත්‍රිරෝද රථ ගාලට බලහත්කාරයෙන් පැමිණ ත්‍රිරෝද රථ කිපයක් ඇතුලත් කිරිමේ අවස්ථාවයි.
මෙම සිදුවිමට නායකත්වය දි ඇතැයි වාර්ථා වන්නේ වෙන්නප්පුව එජාප සංවිධායක නිරෝෂන් පෙරේරා මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා කියන ශ්‍රි ලාල්  නැමැත්තාය.
වෙන්නප්පුවෙන් වාර්ථා වු අනෙක් අශෝභනම සිදුවිම වුයේ ඇල්බට් පිරිස් ක්‍රිඩාංගනයේ ගෘහස්ත ක්‍රිඩාංගනය වට පිහිටි තාප්පයේ කොටසක් කඩාදැමිමයි.
තතු දත් අය කියා සිටින්නේ මේ නිති විරෝධි කටයුත්ත සිදුකළ රෝහිත නැමැත්තා පෙරේරා පවුලේ ප්‍රබලතම ආධාරකරුවෙකු බවය.
ඔහුට සිය නිවසේ සිට ලෙහෙසියෙන් ක්‍රිඩා පිටියට යාම සදහා මේසේ තාප්පය කඩා දමා කපොල්ලක් සකස්කරගෙන ඇති බවය.
රාජ්‍ය දේපල විනාශ කිරිම බරපතල ගණයේ වරදක් වුවද සිදුවිමෙන් දින කිහිපයක් ගෙවි ගොස් තිබුන විටක අප පොලිසියෙන් විමසා සිටි අදාල සිදුවිමට වැරදි කරුවන් අත්අඩංගුවට ගත්තේද යන්නයි.
එහෙත් පොලිසිය කියා සිටියේ එක පුද්ගලයෙක් ගැන චෝදනාවක් ඇති බව පමණි.
මේ සිදුවිම් දෙක විසින් ක්‍රියාසිටින්නේ පරාජිතයන් කිසිවෙකුත් පාර්ලිමේන්තුව තුලට ජාතික ලයිස්තුවෙන් ඇතුලට නොගෙන එජාප නායකත්වය විසින් රටට පෙන්වා සිටි අදාර්ශයට පස්ස පැත්ත හරවන සිදුවිම් දැන් නිරෝෂන්ලා නායකත්වය දරන වෙන්නප්පුව තුල සිදුවන බවය.
මේ ප්‍රදේශයේ සිටින අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වු හෙක්ටර් අප්පුහාමිට එරෙහිවද චෝදනා එල්ල වන්නනට පටන්ගෙන ඇත්තේ ඔහුගේ සමිපතම ආධාරකරුවන් සන්ධාන ආධාරකරුවන්ගේ නිවෙස් වලට ගොස් භිෂණය මුදාහරින්නට පටන්ගෙන ඇති බවය.
මේ අයට නොතේරෙන යථාව වන්නේ දැන් බිහිවි ඇත්තේ පෙස්ටස් පෙරේරාලාගේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන සංස්කෘතිය නොවන බවය.
එබැවින් රටතුල නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරිම සදහා හේක්ටර් අප්පහාමිලාට සහ නිරෝෂන්ලාට උගත යුතු දේ බොහෙොමයක් ඇති බව කියාදෙන්නට යහපාලනයක සිහිනය දකින ඒ ප්‍රදේශවල ජනයාට සිදුව ඇත.වෙන් ඩිපෝ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article