spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නෙදර්ලන්තයේ ජිනවංශ හිමි ඝාතනය – පරීක්‍ෂණ ප්‍රගතිය මෙන්න.

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 8.00 am )  ඝාතනය කර රත්ගම කලපුවට දමා තිබිය දී රත්ගම පොලිසිය මගින් සොයා ගන්නා ලද
රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
පසුගිය 08 වැනිදා පස්වරුවේ මෙම ස්වාමින් වහන්සේගේ මෘතදේහය රත්ගම පොලීසිය මගින් සොයා ගන්නා අවස්ථාවේ දී උන්වහන්සේගේ දෙපා කොන්ක්‍රීට් කැබැල්ලක්ද සහිතව වයරයකින් ගැට ගසා තිබූ බව රත්ගම පොලීසිය කියයි.
නෙදර්ලන්ත ජාතිකයෙක් වන මෙම ස්වාමින් වහන්සේ නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරමින් සිට ඇති අතර ප්‍රදේශවාසීන් උන් වහන්සේ සුදු හාමුදුරුවෝ නමින් හදුන්වා තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ.
පසුගිය 06 වන දින සිට මෙම ස්වාමින් වහන්සේ ආරණ්‍යය සේනාසනයෙන් අතුරුදන්ව සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබිණ.
Jinawansa
පසුගිය 06 වන දින සිට මෙම ස්වාමින් වහන්සේ ආරණ්‍යය සේනාසනයෙන් අතුරුදන්ව සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබිණ.
මෙම ස්වාමින් වහන්සේ කිසියම් හෝ අයෙකු විසින් ඝාතනය කොට දියේ ගිල්වා හෝ දියේ ගිල්වා ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
වයස අවුරුදු පනස් නවයක් පමණ වන මෙම හිමිනම මීට දින හතරකට පමණ පෙර මිය යන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි.
ඝාතනයට ලක් වූ මෙම ස්වාමින් වහන්සේගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල ප්‍රධාන මාහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් ඊයේ (09) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පවත්වන ලදී.
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වරුෂවිතාණ ද එම ස්ථානයට පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාල මූලික කටයුතු සිදුකර තිබේ.
වයස අවුරුදු පනස් නවයක් පමණ වන මෙම හිමිනම මීට දින හතරකට පමණ පෙර මිය යන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
සිද්ධිය වූ ස්ථානයට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හා අධිකරණ වෛද්‍ය නිලධාරිණිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණයේ මූලික කටයුතු සිදුකරන ලදී.
දකුණු දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා විසින් මෙම ඝාතනයේ සුලමුල සොයා ගැනීම සදහා පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙයින් එක් කණ්ඩායමක් රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා යටතේත් තවත් කණ්ඩායමත් ගාල්ල කොට්ඨාශ භාර අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාදිපතිවරයා යටතේත් යොදවා තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා ප්‍රකාශ කළේය.
එයට අමතරව නියෝජ්‍යය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද කොළඹින් ගෙන්වාගෙන පරික්ෂණ ආරම්බකර තිබෙන බවද දකුණු පළාත් නියෝජ්‍යය පොලිස්පති කාර්යාලය කියයි.
ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද මෙම පරීක්ෂන සඳහා මැදිහත්ව කටයුතු කරන බව දකුණු පළාත් නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා 13 නමකගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 
රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා 13 නමකගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
එයට අමතරව මෙම භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතය සදහා වැඩමකල නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් ඝාතනයට ලක් වූ හිමියන්ගේ ජංගම දුරකතනයට ලැබුණු හා උන්වහන්සේ ලබාගත් දුරකතන ඇමතුම් ඔස්සේද පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට සම්බන්ධ ආරංචිමාර්ග සදහන් කරයි.
නෙදර්ලන්තයේ ජිනවංශ නම් වූ මෙම භික්ෂූන් වහන්සේ අතිදක්ෂ පිහිණුම් ශූරයෙකු බවත් එවන් තත්ත්වයක් තුල දියේ ගිලි මිය යෑම ගැටළු සහගත බව ප්‍රදේශවාසීන් රැසක්ම පොලීසියට ප්‍රකාශ කර තිබේ.
theleader.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article