spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරිගණකයේ ආරක්ෂාවට හොඳම Antivirus මෘදුකාංග 10.

Must read

අප අවට පරිසරයේ තියන හැමදේකටම වගේ ආරක්ෂාව අවශ්‍යයි. ඒ මොකද යම්කිසි අනතුරක් හෝ කරදරයක් වීමට ගතවන්නේ සුළු මොහොතක් හින්දා. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගැනීම වඩා වැදගත් කාරණයක් ලෙස සලකන්න පුළුවන්. කොහොමහරි ආරක්ෂාව ගැන කතා කරන කොට අපි නිතරම වැඩ කරන පරිගණකයටත් ආරක්ෂාව සලසා ගැනීම ඉතාමත් වැදගත්. අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ඇති පරිගණක මිලියන සංඛ්‍යාවක් මේ මොහොත වන විටත් එකිනෙකට සම්බන්ධ වී පවතිනවා. එමනිසා යම්කිසි පුද්ගලයකුට ඔබේ පරිගණකයට හොර රහසේ ඇතුළු වීමට හෝ අනවශ්‍ය ආකාරයේ පරිගණකයේ ක්‍රියාකාරිත්වය අඩාල කරවන ආකාරයේ වැඩසටහනක් එවීම එතරම් අපහසු කටයුත්තක් නොවෙන්නට පුළුවන්. මේ නිසාම ඔබේ පරිගණකයත්, එහි ඇති දත්ත හා ඔබේ පෞද්ගලිකත්වයත් ආරක්ෂා කරගැනීම සඳහා Antivirus මෘදුකාංගයක් භාවිතා කිරීම ඉතාමත් වැදගත් කොට සලකන්න පුළුවන්. වෙළඳපොලේ නොයෙක් සමාගම් වලින් නිකුත් වන නොයෙක් මාදිලියේ වයිරස් වලට එරෙහිව ක්‍රියාකරන මෘදුකාංග දැකගන්න ලැබෙනවා. එකම කාර්යක් කිරීම සඳහා නිර්මාණය කර තිබුනත් මේ මෘදුකාංග හරහා ද සූක්ෂම ආකාරයෙන් රිංගා යා හැකි වයිරස් පිළිබඳව ද නොයෙක් අවස්ථා වල වාර්තා වෙනවා.

කොහොම වුනත් ගොඩක් වයිරස් ප්‍රහාර වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කරගැනීමට යොදාගන්න පුළුවන් මෘදුකාංග 10ක් ගැන අපි මේ ලිපියෙන් ඔබවෙත ගෙන එනවා. ඇතැම් මෘදුකාංග නොමිලයේ ම ලබාගැනීමට හැකි අතර සමහර ඒවා මිලදී ගැනීමටත් සිද්ධ වෙනවා. මේ මෘදුකාංග වල උපරිම ක්‍රියාකාරිත්වයක් පවත්වාගැනීම සඳහා මේවා යාවත්කාලින කිරීමත් (update) ඉතාමත් වැදගත්.

Avast Free Antivirus
Free

avast-free-antivirus-2015-47-700x503

Bitdefender Antivirus Plus 2015
රුපියල් 4500 (1 PC, 1 year)

327543-bitdefender-antivirus-plus-2014

eScan Anti-Virus
රුපියල් 2500 (1 PC, 1 year)

escan-anti-virus-12

F-Secure Anti-Virus
රුපියල් 3000 (1 PC, 1 year)

299415-f-secure-anti-virus-2013

Fortinet FortiClient 5.2
Free

forticlient_mac_full

Kaspersky Anti-Virus 2015
රුපියල් 4500 (1 PC, 1 year)

363217-kaspersky-anti-virus-2015

Norton Security
රුපියල් 4500 (1 PC, 1 year)

norton-security-beta

Trend Micro Antivirus+ Security 2015
රුපියල් 3000 (1 PC, 1 year)

mainUI

Webroot SecureAnywhere AntiVirus
රුපියල් 4500 (1 PC, 1 year)

301770-webroot-secureanywhere-antivirus-2013

Panda Free Antivirus
Free

366525-panda-free-antivirus-2015

 

http://sira.lk මගිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article