spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වටයක් කැරකි රට නැවතත් සිටි තැනටම ද?

Must read

MY-3-_07_07_2015_lankanewsalertමෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනය ඉතා අසිරුවෙන් ලද එකක් බව අමුතුවෙන්   කිව යුතු නැත.යහපත් රටක් නිර්මාණය කර ගැනිමට ඉතිහාසය පුරා අවස්ථා ගනනාවක් අපට ලැබි තිබුනු නමුදු ඒ එකද අවස්ථාවක් වත් මේ රටේ සිටි බලලෝභි දේශ පාලකයින් විසින් නිසි ලෙස ප්‍රයෝජනයට නොගැනි ම නිදහසින් පසු අපේ දේශපාලනයේ ඇතිවු වස වැරැද්දකි.

දැන් පෙනෙන විදියට මෛත්‍රිපාල සිරිසේන මහතාද හොරුන් සහ තක්කඩින් සමග ඩිල් දමමින් මේ සැරසෙන්නේ ඔහුගේ පුරෝගාමින් කළ වරද නැවත කිරිමට බව පැහැදිලි වෙමින් තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවුරුදු ගණනක් බලයේ සිටිම නිසා ඒ පක්ෂයේ සහ වෙනත් පක්ෂ වල සිටි හොරු සහ තක්කඩින් එකට එකතු වි අතීශයෙන් දුෂිතව ඇත. අවංක සෑබැ දේශපාලකයින් දැන් එහි සිටින්නේ ඉතාමත්ම අල්ප පිරිසකි.

unp ද හොද පක්ෂයක් නොවේ. රනිල් වික්‍රමසිංහ ගේ කටයුතු කෙරෙහිද එහි ඇතැම් මැති ඇමතිවරුන් ගැන ද අලුත් පරපුරට ප්‍රශ්ණ තිබේ. රැකිරක්ෂා දෙනවා කිව් පමනින් සහ රට දියුණු රටක් කරනවා කිව් පමනින් මේ අයගේ පැටිකිරිය දන්නා අලුත් පරම්පරාවට එය ඒත්තු ගැන්විම පහසු නැත.

මේ ප්‍රධාන පක්ෂ දෙකම දුෂිතයින් ඉවත් කර සෑබෑ මිනිසුන් නියෝජිතයන් වශයෙන් තම ක්‍රියාවෙන් ම ඉදිරිපත් කර පෙන්වන් නේ නම් යහ පාලනයකින් යුතු රටක් බිහිකර ගත හැක. එසේ නොකර හුදු ජනප්‍රිය තක්කඩි රැලම දේශ පාලනයට නැවත අවතිර්ණ වන්නේ නම් වටයක් කැරකි නැවත අප පැමින සිටිනුයේ සිටි තැනටමය.

එබ්බ්‍රහම් ලින්කන්,මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා වැනි අද්විථිය මිනිසුන් කළ පරිදි ආගම, ජාතිය, පක්ෂය වැනි පටු සිමාවන් ඉක්මවා යහපත් සමාජයක් ගොඩනැගිමට ලැබුනු අනගි අවස්ථාව මේ නායකයින් දෙපොල ද පැහැර හරින්නේ නම් ඒ සාපය ඵල දෙන්නේ පෙර නොවු විරු ලෙසටය. කිසිදාක මේ රටට යහපතක් නම් උදා නොවනු ඇත. සමහරවිට මේ ලැබුනු අවස්ථාව කිසිදින නැවත නොලැබෙනු ඇත. කාල් මාක්ස් සදහන් කළ පරිදි සියළුම ඵෛතිහාසික සංසිද්ධින් දෙවරක් මතුවේ. පළමුව ඛේදවාචකයක් ලෙසය,දෙවනුව විගඩමක් ලෙසය. (History repeats itself, first as tragedy, second as farce) මේ එවැනි අවස්තාවකි.

 

D.A.L.D. ප්‍රනාන්දු
109/1 මඩම පාර

පළගතුරේ -කොච්චිකඩේ.

30.06.2015

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article