spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරිත්‍යාගය ට නිසි අරුතක් දෙන සංගීත් !

Must read

duwa fishing community meeting 2Duwa fishing community meeting 1

ඔහු  මීගමු  මහ  නගරසභාවේ   නාගරික  මන්ත්‍රීවරයෙකි,   සමාජසේවකයෙකි,ක්‍රීඩකයෙකි. ඒ  වගේම  ශරීර  සෞඛ්‍යයෙන්   සහ  මනා  පෟරුෂයකින්  හෙබි  පරිත්‍යාගශීලී   පුද්ගලයෙකි.  අද (11) දහවල්  12.00ට  බඩු  බෙදීමක්  කරන  බවට  ලැබුණු  ආරංචිය  අනුව  අපි  දූවට  ගියෙමු.
එය  අමුතුම  තාලේ  උත්සවයකි.
මේගැන  ඔහු  කිසිවෙකුට  ආරාධනා  කර  නැත.  අප  එහි  ගියේද  අහම්බෙනි.  ඉතා  කෙටි  කාලයකින්  පැමිණසිටි  සෙනඟට  අවශ්‍යකරන  බඩු  බෙදාදුන්  පසුව   ඔහු  විසින් කෙටි  කථාවක්  කරන  ලදී.  කිසිදු  පම්පෝරි  ගැහිල්ලක් එහි  දක්නට  නැත.
තම  නිවසට  ජලය  ලබාගන්නට  ප්‍රමාණවත්  මුදලක්   නොතිබුනු  නිසා පැමිණි  කාන්තාවකට   එම  අඩුවූ  මුදල  ලබාදුන්නේ  ඔහුගේ  මුදල්  පසුම්බියෙනි.
එමෙන්ම  ඉගෙනගන්නා  දරුවන්  කිහිප දෙනෙකුටද   අවශ්‍ය  මුදල්  ප්‍රමාණයක්  දුන්නේද  එලෙසමය. බෙදාදුන්  භාංඩ  අතර  ගෑස්කුකර්,  රයිස්  කුකර්,  ආදී  ගෘහ  උපකරණ  විය.  බඩු  බෙදීම  අවසන්  කළ  සංගීත්  කීවේ  මෙය  ඡන්ද  ලබාගැනීමට  කරන  වැඩක්  නොවන  බවත්,  ඒ  වගේම මේ  සඳහා   දේශපාලන  පක්ෂ  පාට  නොබලන  බවත්,   මේවා  තමන්  දහඩිය  මහන්සියෙන්  හම්බකරගත්  දේවල්  බවත්ය.  – සමහරවිට  කව්රුහරි   කවදහරි   කිව්වොත්  මේව  කුඩුවලින්  හම්බකරපුව  කියල  මම  ඒගැන  පුදුම  වෙන්නෙ  නෑ  ඔයගොල්ලොත්  ගනන්  ගන්න  එපා” යැයි  කියමින්   සංගීත්  මන්ත්‍රීතුමා  මෙම  කටයුත්ත  අවසන්  කරන ලදී.  එහි  තිබුනු  විශේෂත්වය   නිසා වැඩසටහන  අවසන්වූ  පසු  ඔහුගෙන්  ප්‍රශ්ණ  කිහිපයක් ඇසීමට   අවධානය  යොමු  කළ  අතර  ඒ  අනුව  කෙටි  කථාබහක  යෙදුනේ  මෙසේය.duwa fishing community meeting 3

ඇයි  ඔබ  මෙවැනි  දෙයක්  කරන්නෙ?

බෙදාගැනීම   කියන  අදහස  මම  කුඩාකාලයේ    හිතට  කාවැදුනු  දෙයක්. ඒ  හැඟීම  මගෙ  පියාගෙන්  තමයි  මට  ලැබුනෙ. මගෙ  තාත්තයි,  අම්මයි  දෙන්නම  ගමේ  අයත්  එක්ක  සමගියෙන්  සාමයෙන්  ජීවත්  වෙච්ච  අය.  තමන්ට  ලැබුනු  දේ  බෙදාහදාගෙන   නියම  කතෝලිකයෙකු  විදිහට  මගෙ  පියා  ගතකළ  ජීවිතය  නිසා  මටත්  ඒ  දේවල්  උරුමවෙල  තියෙනව.අපේ  පවුලෙ  සියළු  දෙනාටම  දෙමව්පියන්ගෙ  මේ   ගතිලක්ෂණ  පිහිටල  තියෙනව  කිලයි  මට  හිතෙන්නෙ.  මම  බලාපොරොත්තු  වෙන්නෙ   මේව  කරල  ජේසු  වගේ  වෙන්නහෝ  බුදුන්  වගේ  වෙන්න  හෝ  නෙවෙයි  මට  ඕනෙ  මගෙ  තාත්ත  වගේ  වෙන්න. ඒක  මගෙ  ආසාවක්.

 කරන  දේශපාලන  කටයුතු  නිසා   මෙම  බඩුබෙදාදීමේ  වැඩ  සටහන  නවතියිද?

කෙහෙත්ම  නෑ.  මම  ජීවත්ව  සිටින  තුරු  මිනිස්සු  සමග  කරන  මෙම  වැඩසටහන  දිගටම  කරනවා. අනික  මම  සමාජ  මෙහෙවරේ  යෙදුනෙ  දේශපාලනයේ  යෙදෙන්නට  ඉස්සෙල්ල .  මුලින්ම  මට  දේශපාලනය  කරන්න   අදහසක්  තිබුනෙ නෑ.    ක්‍රීඩා  කරන  දරුවන්ට  ක්‍රීඩා භාණ්ඩ  බෙදාදීම,  පාසැල්   යන  දරුවන්ට  පොත්  බෙදාදීම  වගේ  දේවල්  වලට  මම  මැදිහත්  වුනේ  විශේෂයෙන්  මගේ  අරමුණ  වූ  පියාගේ  අඩිපාරේ  යාමට  තිබුණු ආසාව  නිසයි. ඒනිසා  මම   හැම  මාසෙකට  වරක්ම  මෙම  භාණ්ඩ  බෙදාදීම  අඛන්ඩව  කරනව.

දේශපාලන  වශයෙන්  ඔබේ  දැන්  තත්වය  කොහොමද?

දූව  කියන්නෙ  ශ්‍රි. ල. නි. ප. බලකොටුවක්.  2018   පෙබරවාරි  10  පළාත්  පාලන  මැතිවරණයේදි  නිමල්  ලංසා  කිව්වෙ  දූව  සංගීත්  දිනුව  කියන්නෙ  මීගමුව  අපි  පරාදයි  කියන  එකයි  කියල. එ. ජා. පෙ. රොයිස්  කිව්වෙ  සංගීත්  දිනුව  කියන්නෙ  අපි  දිනුව  කියලයි.  තත්වෙ  තේරුම්  ගන්න  මේකම  ඇති.  මෙහෙ  වැඩි  බලයක්  තිබුන හර්මන්  කුරේරා, නිමල් කුරේරා  වගේ  අයත්  එක්ක  තමයි  මට  හැප්පෙන්න  සිද්ධ වුනේ.  හර්මන්  කුරේරා  වැනි  අයට  වඩා  මිනිස්සු  මාව  විශ්වාස  කළ  නිසා  මම  මේ  මිනිස්සුන්ට  ණයගැතියි  වගේම  ඔවුන්ට  මගේ  හද  පතුලෙන්ම    ස්තුති  කරනවා.  එමෙන්ම  ඉදිරියටත්  මම  ඔවුන්  වෙනුවෙන්  කළහැකි  ඕනෑම   උපකාරයක්  කරනවා.

ඔහු  තමන්  කරන  පරිත්‍යාග  ගැන  පුරසාරම්  නොදොඩයි.  දේශපාලන  පක්ෂයකට  සම්බන්ධ  නමුත්,  වත්මන්   දේශපාලනඥයින්ට  වඩා  ඈතට  තම  කල්පනාව  මෙහෙයවයි. කිසිවෙකු  රිදවන්නට  අකමැති  සංගීත් කිසිවෙකු  තමන්ට  රිදවන්නේ  නම්  එයටද  අකමැතිය. ඔහු  කරන  කථාව  ඉතා  පැහැදිළිය,  ඕනෑම  කරුණකදී ,තර්කයකදී  ඔහුටද   අදහසක්  ඇත.ඔහුටද  තර්කයක්  ඇත.  ඒ  වගේම  මිනිස්  ඇසුරේදී  ඔහුට  මේ  යූ . ඇන් .පී,  මේ  ශ්‍රි.ල. නි. ප. , මේ ජේ. වී .පී. , මේ  පෙරටුගාමී  කියා  වෙනසක්  නැත.  එනිසා  දේශපාලනයේදී   විනයක්  සහ  හැදියාවක්  සහිතව  කටයුතු  කිරීමේ  හැකියාවක්  ඔහු  සතුව  ඇත. ඔහු  තීන්දු  තීරණ  ගන්නා  විට  කිසිදු  බැඳීමකින්  තොරව  ස්වාධීනව  ගනී.  මෙවැනි  තත්වයන්  මත  සංගීත්  යනු  සැබෑ  නායකත්වයකට  උචිත  දක්ෂ  අයෙකු  බව  පැහැදිළිය.  මේ  අනුව   ඔහුගේ  ඉදිරි  අනාගත  ගමන  වෙනුවෙන්   අපි  අපේ  සුභ පැතුම්  පිරිනමමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article