spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ කවුද මගේ අමුඩේ කැත කලේ ‘

Must read

 DOFVKXMVwAEle5z පවතින ව්‍යාකූල තත්වය තුල තෙවන වරටත් ජාතිය ඇමතූ ජනාධිපතිතුමාගේ කථාව අසද්දී මට සිහියට නැඟුනේ ‘කවුද මගේ අමුඩේ කැත කලේ ‘ කියන කතාවයි.
  පාර්ලිමේන්තුව විසිරවීමට ප්‍රධාන හේතුව වූයේ  මන්ත්‍රීවරු මුදලට  (ලක්ෂ 5000) අලෙවි වීමලු.
 කිසිවකු පගාවක් පවා නොදෙන, පාර්ලිමේන්තුව තුල පවා කෑමට මිස කටක් නොඅරින” ගොබ්බයන්ට”  මහජන කැමත්ත විකිනීමට වෙළඳපොල සාදා දුන්නේ ජනාධිපතිවරයා නොවන්නේද  ?
ප්‍රජාත්‍රන්තවාදය රැකීමට යැයි කියමින් පූජ්‍යය වස්තූන් බඳු ජනතා කැමැත්ත  රිසි සේ අලවිකිරීමට ඉඩ සැලසීම මනුෂ්‍යත්වයට පවා නිගා දෙන නීච ක්‍රියාවකි.
අද රට පත්ව ඇති වි‍යවුලට ජනාධිපති  සෘජුව වගකිව යුතුය.
කිසිදු ගැටලුවකින් තොරව බල හුවමාරුවට ඉතාම සුදුසු  සාමකාමී ක්‍රම තිබියදි  ඔහු  කලේ  රටටම මහත් විපතකි.
 40 වසරක දේශපාලන අත්දැකීම් තුල ඒ ගත් තීරණය තම හෘද සාක්ෂියට  එකඟව ගත් එකක්ද යන්න ඔහුව බලයට ගෙන ඒමට  ඡන්ද දායෙකුවූ අපට ප්‍රශ්ණාර්ථයකි. කෙසේ වෙතත් එම තීරණය ගෙන අවසන්ය. ඒ තුලින් ඉතිහාසයේ පලමු වතාවට රටක් මහත් වූ වියවුලකට පත් විනි.
තමාගේ තීරණය නිසා රටට ඇති වූ තත්ත්වය  පිළිබඳ  කවදා හෝ තම හෘද සාක්ෂිය කතා කළ යුතුමය.


s.w. වන්නිආරච්චී
මිලානෝ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article