spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පල්ලිය උසට හැදුවාට සද්දෙන් යාඥාව කීවාට අදහන උන් හොරු නම් පලක් නැත.

Must read

රෝහින්ග්‍යා අර්බුධයේ ඉතිහාසය සහ වර්තමානය

චීවරය දැරුවාට, සිල් රෙද්ද පෙරෙව්වාට අදින උන් හොරු නම්  පලක් නැත. පල්ලිය උසට හැදුවාට සද්දෙන් යාඥාව කීවාට අදහන උන් හොරු නම් පලක් නැත. Solidarity-With-Rohingya-956x614

මියන්මාරයේ අර්බුදය පිලිබද අදහසක් ලබා ගැනීමට නම් එහි අතීතය වර්ථමානය විමසා බැලිය යුතුය. මියන්මාරයේ වාර්ගික ගිනිදැල් ඇවිලයන්නේ රඛායන් නම් පලාතේය. එහි අගනුවර ක්යින්පුයු නම්  වරාය කේන්ද්‍ර වෙළද නගරයයි. මෙහි මිලියන 1.3 ක මුස්ලිම් ජනගහනයක් වෙයි. රඛායන් පලාතේ මුස්ලිම් ප්‍රජාව  පාරම්පරික වංශවත් වෙළද පැලැන්තියකින් මෙන්ම අනවසරයෙන් වැට පනින බංගලියන් පිරිසකගෙන් ද සමන්විතය. මියන්මාර් මුස්ලිම් ජාතිකයන්  බංගලි  දේශසීමාව අසල රොහින්ගයා ප්‍රදේශයේ පමනක් නොව සෙසු ප්‍රදේශ වලද වාසය කරයි. විශේෂයෙන් රොහින්ගයා සිට ක්යින්පුයු වෙලද නගරය දක්වා තීරයේ මොවුන් ව්‍යාප්ත වී සිටියි.Myanmar-News-Headline-Story-Today-Aung-San-Suu-Kyi

අතීත රඛායන් දේශය බෞද්ධ සලකුනින් යුතු වුවද එය පාරම්පරික මුස්ලිම් වෙළද  ප්‍රජාවක් සමග එකත්පසව ගොඩ නැගූ ඉසුරුමත්  පුරවරයක් විය . රඛායන් අතීතයේ සිටම ස්වාධීන රටක් ලෙස පැවති භූමියකි.අශෝකගේ බෞද්ධ අධිරාජ්‍යයට පමනක් නොව  ජෙංජිස් ඛාන්ගේ ඉස්ලාම් අධිරාජ්‍යටද  මොවුන් නතු නොවිනි. ක්‍රි.ව 1206 සිට- 1526 දක්වා හින්දුස්ථානය ආක්‍රමනික මුහම්මද් ග්ස්නාවිද් යටතේ පාලනය විය. 1526-1858 දක්වා මුස්ලිම් මෝගල් අධිරාජ්‍ය යටතේ පාලනය විය. ආසියාවේ ඉස්ලාම් ව්‍යාප්තියේ ප්‍රතාපවත්ම යුගය මෙය වුවද රඛායන් දේශයට අතපෙවීමට සමත් නොවිනි. රඛායන් දේශයට අතපෙවූ පලමු  රාජ්‍ය බුරුමයි. 1784  වර්ශයේදී ඔවුන් රඛායන් රාජ්‍ය ආක්‍රමනය කලේය. 1824 දී බුරුම රාජ්‍ය  බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්විය

 

Picture No 1 - Copy

1824 – 1948 කාලය තුල බුරුම දේශය ඇතුලුව දකුනු ආසියාව බ්‍රිතාන්‍ය යටතේ පාලනය විය. එකල්හි එහි නිෂ්චිත රටවල් නොවිනි. රටවල් බෙදීම ආරම්භවූයේ 1947 වර්ශයේදීය. කලාපයේ රටවල් බෙදීමේ කුප්‍රකට මොලකරු වූයේ ජවහල් ලාල් නේරුය. මොහමඩ් අලිජින්නා යනු නේරුගේ  ව්‍යාපෘතියේ ඉත්තෙකි.  එකල්හි ඉන්දීය ආන්ඩුකාරයා වූ මවුන්ට්බැටන්ගේ බිරිය වූ එඩ්විනා සමග නේරු ප්‍රේම  සබදතාවක් පැවැත්වූ බව ප්‍රසිද්ධ රහසකි. මෙය  සත්‍යක්  බව මවුන්ට්බැටන් සාමිවරයාගේ බාල දියනිය පැමෙලා මවුන්ට්බැටන් මෑතකදී  ජනමාධ්‍යටද හෙලි කර තිබුනි. නේරු විසින් එංගලන්ත අන්ඩුකාරයා ශූක්ෂමව හැසිරුවේ ඒ අනුවය. ඉන්දියාව,පකිස්ථානය, බංගලාදේශය , මියන්මාරය ලෙසින් රටවල් රටවල් බෙදාවෙන් කලේ බ්‍රිතාන්‍යයේ උවමනාවට නොව නේරුගේ සැලසුම් අනුවය.

නේරුගේ කුප්‍රකට සැලසුම වූයේ 80% හින්දු  ප්‍රතිශතයකින් යුතු ඉන්දියාවක්  තැනීමය.  මුස්ලිම්වරු බහුතරයක් වෙසෙන ප්‍රදේශ  ඉන්දියාවෙන් ගලවා ඉවත්කලේ ඒ අනුවය. බටහිර මුස්ලිම් බහුතර ප්‍රදේශය පකිස්ථානය ලෙසද නැගෙනහිර මුස්ලිම් කලාපය බංගලිදේශය ලෙසද ඉන්දියාවෙන්  ගලවා ඉවත් කලේය. රොහින්ගයා ඇතුලු රඛායන් මුස්ලිම් කලාපය බුරුම රාජ්‍යට ඈදා මියන්මාරය ලෙස රටක් තැනුවේය. මුසොල්මානුවන්ගේ යුනිටිය හතරට කැඩුවේය. යම් හෙයකින්  මේ සියලු ප්‍රදේශ එකතු කොට එක්සත් ඉන්දියාවක් තැනුවේ නම් අද එහි බහුතරය හින්දුන් නොව මුස්ලිම්ය.

නිදහස ලබාදෙන විට රඛායන් දේශය අරඹයා ගත හැකිව තිබූ හොදම විකල්ප නම් , බෞද්ධයන් සහ මුස්ලිම් වරු එතෙක් සහජීවනයෙන් කල්ගෙවූ රඛායන් දේශය ස්වාධීන රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමය . නමුත් නේරු – අලි ජීන්නා හවුල කලේ රොහින් ගයා ඇතුලු රඛායන් පලාත මියන්මාරයට ලියාදීමය. මුස්ලිම්වරු සීසීකඩ යැවීමට නේරු බාවිතා කල කෙමන මොහොම්ඩ් අලි ජින්නාය. හෙතෙම පට්ටම් ලැබීමට එංගලන්තයට ගොස් දුසිරිතට ලොල්වූ කලු කෝට් කාරයෙකි. ප්‍රජාවේ හෙට දවස නොව එදා වේල තැකූ බුද්ධිමතෙකි. නමුත් සමස්ථ ඉන්දියානු කලාපයේ මුස්‌ලිම් ලීගයේ ප්‍රධානියා ඔහු විය. ජින්නාගේ පියා ධනවත් ගුජරාටි වෙළෙන්දෙකි. ඔහුගේ සීයා හින්දු ආගමිකයෙකි. පසුව ඔවුහු ෂියා මුස්‌ලිම් ආගම වැළඳ ගත්තෝ විය.Picture No 2

එදා මෙදා තුර මුස්ලිම්වරු සහ බෞද්ධයන් සහජීවනයෙන් විසූ රඛායන් දේශය මියන්මාර් මිලිටරි පාලනයට නතු වීමත් සමගම වාර්ගික අසහනකාරීත්වය දලු ලා වැඩුනි. 1982  තීරනාත්මක කඩ ඉමක් විය. මියන්මාර් මිලිටරි ජුන්ටාව විසින් සම්මත කල පනතකින් රොහින්ගයා මුස්ලිම් වැසියන්ගේ පුරවැසිභාවය පිලිබද සීමා පැනවීය. එක්සත් වනවා වෙනුවට වෙන්වීම බලෙන් පටවා තිබුනි. අගතියට පත් මුස්ලිම් ප්‍රජාව තුලින්  සැහැල්ලු අවි දැරූ   සංනද්ධ කල්ලි කන්ඩායම් බිහි විය. පකිස්ථාන් සහ ඇෆ්ගන් මූල්ධාර්මවාදීගේ අත් උදව් මොවුන්ට ලැබිනි. නමුත් මේ කිසිවක් ලේ ගංගා ගලා යාමට තරම්  දරුනු නොවිනි.

2011 වර්ශයේදී බටහිර කදවුරේ ඇස් නිලංකාර කරමින් චීනය දැවැන්ත ව්‍යාපෘතියකට එලඹුනේය. රොහින්ගයා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් නිධි කැනීම , ක්යින්පුයු වරාය සංවර්ධනය කිරීම්, ඒ ආශිතව විශේෂ ආර්ථික කාලාපයක් ගොඩනැගීම, ක්යින්පුයු වල සිට චීනයට නල මාර්ගයක් එලීම  පිලිබදව මියන්මාරය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කලේය. කි.මී 771 දිග මෙම නල මාර්ගය එලීමත් සමගම ගල්ෆ් කලාපයෙන් චීනයට එන තෙල් නැව් වලට තව දුරටත් මලක්කා සමූද්‍ර සන්ධිය වටේ යායුතු නොවීය. එමෙන්ම කි.මී 1000 කින් පමන මුහුදු ගමන කෙටි විය. ඩොලර් වලින් නොව යුවාන් ගෙවා ඉරානයෙන් තෙල් මිලදී ගැනීමේ සැලස්මක්ද මේ තුල විය. එය සෞදි අරාබියට සහ ඇමෙරිකාවට මරු පහරක් විය.

චීනයේ නව වය්‍යාපෘතිය පිලිබදව ඉන්දු- සෞදි- ඇමෙරිකා හවුල  කලබල විය. එතෙක් තලේබාන් පන්නයේ මුස්ලිම් අන්තවාදීගේ පමනක් සහාය ලැබූ රොහින්ගයා මුස්ලිම් සටන්කාමීන්ට් ඉන්දීය රෝ සංවිධානයේ සහායද ලැබිනි. සෞදි අනුග්‍රහය යටතේ තැන තැන විසිර සිටි සටන්කාමීන් රොහින්ගයා ගැලවීමේ හමුදාව අල් අර්සා‘ නමින් එක කුඩයක් යටට ගොනු විය. අල් අර්සා ප්‍රහාර බොහොමයක් එල්ල වූයේ බෞද්ධ සිද්ධස්ථාන වලට නොව සිනො-මියන්මාර් වය්‍යාපෘතියේ ආර්ථික මර්මස්ථාන වලටය. නමුත් ජනමාධ්‍ය ඔසවා තැබුවේ වාර්ගික හිංසනයයි

ලොව හෙරොයින් ජාවාරමේ  මහ මොලකරුවන් බොහොමයක් ඊශ්‍රායෙල් ජාතිකයන්ය. ලොව දෙවන විශාලතම හෙරොයින් සැපයුම්කරු වන්නේ මියන්මාරයයි. සැලකිව යුතු යුදෙව් ප්‍රජාවක් මෙන්ම යුදෙව් වෙළද ජාලයක්   මියන්මාරය තුල වෙයි.  එහෙයින් මෝසාඩ් සංවිධානය මියන්මාරය තුල නිරන්තරව ක්‍රියාත්මකය. මියන්මාර්- ඊශ්‍රායෙල් රාජතාන්ත්‍රික ගනුදෙනු නිරන්තරව සිදුවෙයි. නමුත් විකිනිය හැකිනම්  දෙපැත්තටම අවි විකිනීම ඊශ්‍රායෙලයේ සිරිතය. ඊශ්‍රායෙලය එක් පසකින් ඇමෙරිකන් හාම්පුතා පිනවීමට රෝ සමග එක්ව අල් අර්සා සංනද්ධ කලේය, අනෙක් පසින් විරතුගේ 969 වය්‍යාපාරයට අයිඩියොලොජිය දුන්නේය.

අප තේරුම් ගත යුතු සත්‍ය නම් බෞද්ධයන් සහ මුස්ලිම් ජාතිකයන් හින්දුත්වාදීන්ගේ කුප්‍රකට හින්දුස්ථාන සිතියමේ වින්දිතයන් වූ බවය. ලෝක ආර්ථික බල සිතියමේ වින්දිතයන් වූ බවය . එහෙයින් ලාංකිකයන්ගේ වගකීම් වනුයේ රොහින්ගයා සිදුවීම අරභයා සමාජ ජාල හරහා වෛරය වැපිරීම නොවේ. පාලු ගෙයි  වළං බිදිනවා වැනි පෙලපාලි යාම , උද්ගෝශන කිරීම නොවේ. රොහින්ගයා මුස්ලිම් වරුන්ට එරෙහි ප්‍රචන්ඩත්වයෙදී පමනක් නොව චිතගොං බෞද්ධයන්ට එරෙහිව ප්‍රචන්ඩත්වයේදීත් අප එකා මෙන් පෙරට ආ යුතුය. හිංසනයට  එරෙහිව හඩ නැගිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් ලෙසිනි.


විශේෂ ලියුම්කරු / කීර්ති රත්නායක

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article