මීගමුව ආවේ මරියා බාලිකාව, අභිමානවත් 150 වැනි ජුබිලි සංවත්සරය ප්‍රකාශයට පත් කරයි….

0
97

මීගමුව ආවේ මරියා බාලිකාව, අභිමානවත් 150 වැනි ජුබිලි සංවත්සරය ප්‍රකාශයට පත් කරයි….

මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය කතෝලික බාලිකා පාසලක් ලෙස ප්‍රකට, මීගමුව ” ආවේ මරියා බාලිකා විද්‍යාලය ” සිය අභිමානවත් 150 වැනි ජුබිලි සංවත්සරය , මේ වසරේදී සමරනු ලබයි. ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම, ඊයේ දින (13/05/2026) සවස , එම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී සිදු විය. ඒ සඳහා විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබූ අතර එහිදී එම විද්‍යාලයේ 150 වැනි අභිමානවත් ජුබිලි සංවත්සරය සැමරීම, ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී .

IMG 20260515 WA0008 IMG 20260515 WA0009 IMG 20260515 WA0010 IMG 20260515 WA0011 IMG 20260515 WA0013 IMG 20260515 WA0014
මෙම මාධ්‍ය හමුව සඳහා ආවේ මරියා බාලිකා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනී ගරු ප්‍රියංගනී හතුරුසිංහ කන්‍යා සොහොයුරිය , උප විදුහල්පතිනී ගරු ගයත්‍රී අල්විස් කන්‍යා සොහොයුරිය සහ ගරු ෆිලීෂියා හෙට්ටිආරච්චි විද්‍යාලීය ප්‍රධාන කන්‍යා සොහොයුරියද සහභාගී වූහ. තවද, එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනී දිල්හානි ඩේවිඩ් මහත්මිය, වැඩසටහන් සම්බන්ධීකාරක , චන්දනී පත්තප්පෙරුම මහත්මිය සහ විද්‍යාලීය සුභසාධන කමිටුවේ සභාපති හිරන්ත් පුනාන්දු මහතා ද මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගි වූහ.
ඒ අනුව 150 වැනි ජුබිලි සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම වසර පුරාවට පැවැත්වීමට නියමිත වැඩසටහන් පෙළගැස්ම මෙහිදී එළිදැක්විණි. ඒ අනුව එළඹෙන මැයි 16 වෙනිදා විද්‍යාලයේ ඉගෙනුව ලබන සිසු දැරියන්ට සහභාගි විය හැකි ක්‍රීඩා 09 කින් සමන්විත ක්‍රීඩා සැණකෙළියක් , ද එමෙන්ම එළඹෙන සැප්තැම්බර් 18 වැනිදා ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනි චරිතාපදාන විශේෂ වේදිකා නාට්‍යය වේදිකාගත වීමද , එලෙසම එළඹෙන සැප්තැම්බර් 26 වැනිදා මීගමුව නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන ආවේ මරියා බාලිකා විද්‍යාලීය සාංවත්සරික ජුබිලි පා ගමන සහ ඔක්තෝබර් 08 වැනි දා ගරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලබන සාංවත්සරික ජුබිලි දිව්‍ය මෙහෙයක්ද , පැවැත්වීමට මේ වන විට කටයුතු සංවිධානය කර ඇත.
එලෙසම මෙම මාධ්‍ය හමුවට සමගාමීව ආවේ මරියා බාලිකා විද්‍යාලයට වසර 150 ක් පිරිම නිමිති කර ගෙන නිර්මාණය කරන ලද සාංවත්සරික ජුබිලි “නිල ලාංඡනය” එළිදැක්වීමද විදුහල්පතිනී ගරු ප්‍රියංගනී හතුරුසිංහ කන්‍යා සොහොයුරියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.IMG 20260515 WA0002 IMG 20260515 WA0003 IMG 20260515 WA0004 IMG 20260515 WA0005 IMG 20260515 WA0006 IMG 20260515 WA0007 IMG 20260515 WA0008 1 IMG 20260515 WA0015 IMG 20260515 WA0016 IMG 20260515 WA0017 IMG 20260515 WA0018 IMG 20260515 WA0019 IMG 20260515 060920 IMG 20260515 061018 IMG 20260515 061038 IMG 20260515 061104 IMG 20260515 061122 IMG 20260515 061144

මෙම උත්සවය සහ ඊට සමගාමීව පැවැති මධ්‍ය හමුව , ආවේ මරියා බාලිකා විද්‍යාලීය සිසු දැරියන් ඉදිරිපත් කළ විචිත්‍රවත් නර්තන අංගයකින්ද වර්ණවත් විය. මෙම උත්සවයට සහ ඊට සමගාමීව පැවැති මාධ්‍ය හමුව සඳහා විද්‍යාලීය ගුරු මහත්මීන් සහ සිසුවියන් පිරිසක් ඇතුළු තවත් ආරාධිතයින් පිරිසක් ද සහභාගි වූහ.

1870 දශකයේදී
” ඊවා කොබන් ” සහ
” මැගී කොබන් ” නැමැති යුරේසියානු ජාතික කාන්තාවන් දෙදෙනෙකු විසින් , මීගමුවේ, කුඩා නිවසක සුළු සිසුවියන් පිරිසක් සමඟින් ආරම්භ කළ ” ශාන්ත මරියා ඉංග්‍රීසි බාලිකා පාසල ” 1875 වසරේදී එය සංවිධිත පාසලක් බවට පත්වු අතර එය පවත්වාගෙන යෑම සඳහා ගරු කන්‍යා සොහොයුරියන් හට පැවරීනි. එතැන් පටන් මීගමුව පුරවරයේ පමණක් නොව මෙරට සහ ජාත්‍යන්තරයේ පවා පිළිගැනීමට ලක්වන බාලිකා පාසලක් බවට පත්වු අතර පසුකාලීනව එය “ආවේ මරියා බාලිකා විද්‍යාලය ” ලෙස හඳුන්වනු ලැබීය.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

ංංංංංංංංංංංංංංංංංංං

මීගමුව, ආවේ මරියා බාලිකා විද්‍යාලයේ වසර 150 ජුබිලි සැමරුම් වැඩසටහන් පෙළගැස්ම පහත දක්වා ඇත. …

මැයි 16 දා
ක්‍රීඩා සැණකෙලිය
( sports carnival)
ආවේ මරියා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දැරියන් සඳහා සහභාගි විය හැකි ක්‍රීඩා තරගාවලියක් ලෙස මෙය පැවැත්වෙන අතර එම තරගාවලිය සඳහා ක්‍රීඩාවන් 09 ක් ඇතුළත් කර ඇත. එම තරඟ ජයග්‍රහණය කරන සිසු දැරියන් සඳහා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමක්ද එදින පැවැත්මට කටයුතු සංවිධානය කර ඇත.

සැප්තැම්බර් 18 දා
ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනි චරිතාපදාන වේදිකා නාට්‍යය.
( stage drama)
තාරුණ්‍යයේ මුනිවරයෙකු ලෙස ප්‍රකට ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමාගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය වූ වේදික නාට්‍යය මෙදින අවේ මරියා බාලිකා විද්‍යාලීය රංග ශාලාවේදී රඟ දැක්වේ. එහි පෙරවරු නාට්‍ය දර්ශනය විද්‍යාලීය සිසු දැරියන්ට හා අවට පාසල්වල සිසු දරු දැරියන්ට පමණක් සීමා වන අතර පස්වරු හෙවත් සවස නාට්‍ය දර්ශනය සියලු ප්‍රේක්ෂකයන් සඳහා විවෘත නාට්‍ය දර්ශනයක් ලෙස රඟදැක්වේ.

සැප්තැම්බර් 26 දා
වර්ෂ 150 සංවත්සරික ජුබිලි පා ගමන
( AMC walk)
මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයේ වසර 150 ක අභිමානවත් ප්‍රෞඩ ඉතිහාසය සනිටුහන් කෙරෙමින් එම විද්‍යාලීය ධජය පෙරටු කර ගනිමින් මෙම පා ගමන පැවැත්වෙන අතර ඒ සඳහා මෙරට සහ විදේශීය වෙසෙන විද්‍යාලීය ආදි සිසුවියන්ගේත් වර්තමාන සිසු දැරියන්ගේත් , විද්‍යාලීය ගරු විදුහල්පතිනීය ඇතුළු ගුරුභවතුන්ගේත් සහභාගීත්වයෙන් පැවැත්වේ.
එදින උදෑසන 7.00 ට විද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ වන මෙම සංවත්සරික පා ගමන පරණ හලාවත පාර, කොප්පරා හන්දිය, මීගමුව නගරය, සහ කෙලින් වීදිය ඔස්සේ නැවත ආවේ මරියා බාලිකා විද්‍යාලය වෙත ගමන් කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඔක්තෝබර් 08 දා
සංවත්සරික දේව මෙහෙය
( jubilee Mass )
මීගමුව, ආවේ මරියා බාලිකා විද්‍යාලයට වසර 150 ක් පිරීම නිමිති ගනිමින් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන ලෙස මෙම සංවත්සරික ජුබිලි දේව මෙහෙය එදින පෙරවරුවේ විද්‍යාලීය දේවස්ථානයේදී ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here