මිපුර අපි, අඛණ්ඩව කළ මැදිහත්විම ඵලදරයි.නගරාධිපති හීන්කෙන්ද තීන්දුවක් ගනියි!දේපල පවරා ගැනිම අරඹයි!

0
134

මීගමුව නගර මධ්‍යයේ පිහිටි, මීගමුව මහා නගර සභාවට අයත් විශාල වටිනාකමකින් යුත් ඉඩම් කැබිලි කිහිපයක් වෙනත් පාර්ශවයන්ට කිසිදු අය කිරීමකින් තොරව, නොමිලේ භුක්ති විඳීමට ලබා දී ඇතැයි යන කරුන පිලිබද විස්තරාත්මක හෙළිදරව්වක් පසුගිය නොවැම්බර් 20 වනදා මිපුර වෙබ් අඩවිය විසින් සිදුකරන්නට යෙදුණි.

Screenshot 20260513 123202

. බාල දක්ෂ සංගමය, සිංහ සමාජය, මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමය සහ රියදුරු පුහුණුව ලබා දෙන්නන්ගේ සංගමය වෙත මෙන්ම ලයන් බියර් සමාගමට  මෙලෙස මීගමුව නගර මධ්‍යයේ පිහිටි විශාල ආර්ථික වටිනාකමක් සහිත ඉඩම් කොටස් කිහිපයක් නොමිලේ භුක්ති විඳීමට ඉඩ ලබා දීි තිබිණ ආකාරය අප කරුණු සහතිවම මතුකර තිබුණි.

අපි එහිදි අවධාරණය කර සි⁣ටියේ නගරාධිපති හීන්කෙන්ද ඇතුළු මාලිමා පාලනය මේ දේපල පවරා ගැනිමට කටයුතු නොකරන්නේ මන්දැයි අවස්ථා ගණනාවකදිම ප්‍රශ්ණ කලෙමු.

ඒ අනුව එම ඉඩම් යලි මීගමුව මහා නගර සභාව භාරයට ගැනීමට මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා විසින් කටයුතු කරමින් සිටින බවට පසුගියදා වාර්තා විය

.  මෙම සියළු දේපල වලට අනවසරයෙන් ඇතුළුවීම තහනම් කරමින් සහ එම දේපල ” මීගමු මහා නගර සභාව සතු දේපලක් ” බව ට දැක්වෙන දැන්වීම් අලවා ඇති බවත් දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා එම ඉඩම් යළි නගර සභාව භාරයට ගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව දක්නට ලැබෙන බවය.

ඒ අනුව බාල දක්ෂ සංගමයට ලබා දී ඇති ඉඩම් කොටසේ ඉදිකර ඇති ගොඩනැගිල්ලට ඇතුළු වීම තහනම් කරමින් එම ගේට්ටුවට ඉබි අගුල් දමා මුද්‍රා තබමින් වසා දමා ඇති ආකාරය දැක ගත හැකි විය. එලෙසම සිංහ සමාජයේ සහ මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමය ගොඩනැගිල්ලේ එක් දොරකට පමණක් ඉබි අගුලක් දමා එය මුද්‍රා තබා වසා දමා ඇති ආකාරයද දැකගත හැකි විය. තවද රියදුරු පුහුණුව ලබා දෙන්නන්ගේ සංගමය සිදුකරන පුහුණුවීම් කටයුතු වෙනදා මෙන් එම ස්ථානයේ සිදුකරන බව දක්නට ලැබුණු අතර බොහෝ දෙනකු ප්‍රකාශ කලෙ එම ස්ථානය පිළිබඳවද නගරාධිපතිවරයා විසින් අවසන් තීන්දුවක් නුදුරේදීම ගනු ලැබීමට නියමිතව ඇති බවයි.
වැඩිදුරටත් වාර්තා වන පරිදි මහා කොළඹ ආර්ථික කොමිසම ( වර්තමානයේ එය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නමින් හඳුන්වයි.) සතුව තිබූ අක්කර 02 කුත්, රූඩ් 01ක් සහ පර්චස් 11ක් විශාල, මීගමුව නගර මධ්‍යයේ පිහිටි කඩොල්කැලේ පිහිටි මෙම ඉඩම 1993 වසරේ මාර්තු මස 26 වැනි දින රුපියල් විසි හතර ලක්ෂ විසි දහසක (2420000) මුදලක් ගෙවා මීගමුව මහා නගර සභාව මගින් මිලදී ගෙන ඇත.

අද වන විට, මෙහි විශාල වෙළඳපොළ වටිනාකමක් ඇති අතර එවන් ඉඩමක් කොටස් කර කිසිදු අයකිරීමක් නොමැතිව, නොමිලේ වෙනත් පාර්ශවයන් වෙත භුක්තියට ලබා දී ඇති බව මුලවරට සමාජ ගතකරමින් මාලිමා පාලනයට එරෙහිව කළ අභියෝගය දැන් දැන් මාලිමාව භාරගෙන ඇති බව පෙනේ.

ඡායාරූප -negombotoday.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here