spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පවතින අර්බුදය හමුවේ රෝහල් රසයානාගාර සේවා ඇණ හිටින ලකුණු ?

Must read

ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය රටේ රෝහල්  කීපයක  සේවාවන්ට දැඩි ලෙස බලපා ඇත. කොළඹ ජාතික රෝහල (NHSL) සතුව සීමිත සාමාන්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා ඇතැත් අද සිට සාමාන්‍ය රසායනාගාර පරීක්ෂණ සේවා සීමා කරන ලෙස රෝහලට උපදෙස් දී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසු බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතික්‍රියාකාරක සැපයුම් හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබුණි.

මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහල ද අද සිට ජීවිතයට තර්ජනයක් නොවන සැත්කම් අත්හිටුවා ඇති අතර  රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ ඖෂධ හිඟයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. අත්‍යාවශ්‍ය ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල ඊයේ දිනයේ නියමිත ශල්‍යකර්ම අත්හිටුවනු ලැබ තිබුණි.

කෙසේ වෙතත්, රෝහලට අවශ්‍ය ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය තොගය ලැබෙන බවට සහතික වීමත් සමඟ එම තීරණය වෙනස් කර ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය අද වාර්තා කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article