spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළතුරු සහ තැඹිලි කපා – දිවි මඟ යයි සිනහා පපා

Must read

කුසුම්  නිවාස  පුරයට  පළතුරු  කඩයක්   විවෘත  කෙරින.  ඒ  මෙම  නිවාස පුරයේ  අයෙකු  විසිනි.
ඔහු  නමින්   සුනිල්ය.  දරුවන්  4දෙනක්   සිටි  නමුත්  ඉන්  එක්  දරුවෙක්.  බාල  වියේදීම  නැතිවෙයි.
දැනට  සිටින  දරුවන්  තිදෙනාම  දූවරුන්ය.  වැඩිමලා   ඉස්කෝලෙ  ගමන  නතර  කර  ගෙදරට  වී  සිටියි.  අනෙක්  දෙදෙනා   8 වසර  සහ  9  වසරේ  ඉගෙන  ගනියි.  ඒ තිල්ලන්දූව විදුහලෙහිය.
සුනිල් උපතින්ම  පෝලියෝ   රෝගියෙක්  වන  නමුත්     සිනාමුසු  මුහුනින්   යුතුව තම  වෙළඳාමේ  යෙදෙයි.  ඔහු   තම   වෙළඳාම  ගැන   පවසන්නේ   මෙවැනි  අදහසකි.  –  මම  පළතුරු වලට ඉස්සෙල්ල  රොටි ,  ඉදිආප්ප,  වගේ  කෑම  හදල  විකුණුව.  ඒ  කාලෙ  භූමිතෙල්
ලිපෙන්  තමයි  කෑම  ජාති  සේරම  හැදුවෙ.  ඒවුනාට  ඒක  හරි  කරදයි.  එකඑක හදාගන්න ඕන.  ඊට  පස්සෙ  මම  අළුත්  පාරෙ   පළමුවෙන්ම  පළතුරු  වෙළදාම
පටන්  ගත්ත.  අවුරුදු  5ක්  විතර  කරපු  ඒ  රස්සාවෙන්  තමයි  පවුල නඩත්තු  කළේ.  එතනින්  ආවට පස්සෙ  පෙරේද  මෙතන  කඩේ  පටන්  ගත්ත.අළුතින්  වෙළදාම  පටන් ගන්න  වියදම  සහ  ආදායම  ගැන..මම  හදන  එක්කෙනෙකුට  කියවල  තමයි  හදා ගත්තෙ.  කඩේ  හදන්න   රු.  35000/ විතර  වියදම්  වුනා.  දවසකට  රු. 3000/ ක්  විතර  වියදම්  වෙනව
පළතුරු  ගන්න.  ආදායම  හරියට  කියන්න  අමාරුයි.  ඊයෙ  රු.  800/  ක විතර වෙළදාමක්  තමයි  වුනේ.  පොලෙන්  පළතුරු  ගේනවා.  හොඳ පළතුරු  තමයි
ගන්නෙ.  නැත්නම්  මිනිස්සු  ගන්නෙ  නෑනෙ.  තැඹිලි  වලින්  තමයි   වැඩි ආදායමක්  ලැබෙන්නෙ.ඔහු  මේ  අතර  දරුවන්ගේ  අධ්‍යාපනය  ගැනත්  කතාකරයි.  තිල්ලන්දූව  ඉස්කෝලෙට   දරුවන්ව  යවන්නෙ.   ඒකත්  ලොකු දෙයක් .  අපට  බෑනෙ  දුර
ඉස්කෝලවලට  දරුවන්ව  යවන්න.  ඉතින්  ඒගොල්ලන්ටත්  වියදම්  කරන්න  ඔනනෙ.ඔහු  රාක්කවල   අලිගැටපේර,  අන්නාසි,  ආනමාළු,  ඇඹුල්  කෙසෙල්,  වැලි අනෝදා  සහ  තැඹිලි  වෙනම  තබා  තිබින.  සල්ලි   තියෙනවනම්   මේවා
දියුණුකරල  ගන්න  පුළුවන්.  එහෙම  පුළුවන්  උනොත්  මම  ඉස්සර  කරා  වගේ රොටි,  ඉදිආප්ප ,  ආප්ප  වගේ  දේවල්  අපහු   පටන්  ගන්නව.සුනිල් වගේ එදිනෙදා වේල සොයා ගන්නා  පුද්ගලයන්ට   ලොකු  අරමුණු  නොමැත.  කොහොමහරි  සාධාරණ  වැඩක්  කරල එදිනෙදා  දේවල්  ටික  කරගැනීමට ඔවුන් උත්සාහ දරන බව පෙනේ.
සුනිල්  තමන්ගෙ  ශාරීරික  දුබලතා  තිබියදීත්  සියල්ල  තනියම  තමයි කරගන්නෙ.  අනවශ්‍ය  දේවල් වලට  දහස්  ගණන්  සල්ලි  වීසි කරන  මහතවරුන්ට
අපි  ආරාධනා  කරනව  පුළුවන්නම්   සාධාරණ  වෙළදාමකින්  ජීවිතය  ගැටගහ ගන්න උත්සාහ  කරන    මේ  වගේ  අයට  උදව්වක්  කරන්න  කියල.DSC_1281 DSC_1279
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article