spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අසීරු දිවියක් ගෙවන කුසුම් නිවාස පුරයේ මිනිස්සු….

Must read

DSC_1273

මීගමුව  බස්නැවතුම්  පලෙන්   හැරී  තලාදූව  පාර  දිගේ   එනවිට  හමුවන කෝවිල  අසල   පිහිටා  ඇති  මෙම  නිවාසවල  ජීවත්වන  ජනතාව  පවුල්  110 කින්  පමණ  සමන්විතය.  විවිධ වූ  රැකියාවන්හි  යෙදෙන   මෙම  ජනතාවගෙන්  වැඩි  පිරිසක්    මීගමු  නගරයේ  නගරසභාව  යටතේ   කම්කරු  සේවාවන්වල
යෙදෙති.  මෙම  පවුල්  110  න්   පවුල්  18ක්  වෙනම  කොටසක්  ලෙස ජීවත් වෙමින්   කුඩාවට  හදාගත්  නිවාස යැයි  කිව  නොහැකි  මට්ටමේ  නිවාස  වල
පදිංචිවී  සිටිති.

මෙම  පවුල්  18 න්  වැසිකිලි  නිවස  ඇතුලේම  තනාගෙන  සිටින  තිදෙනෙක්  හැර  අනික්  අයට  වැසිකිලි  නැත.  මොවුන්  එම  කර්තව්‍ය  කර  ගන්නේ
තමන්ගේ  ඥාතියෙකුගේ   නිවසට  ගොසින්ය.  මල්ලිකා  මහත්මිය  ඒගැන  මෙසේ පවසයි.  “  අපි  පවුල්  18ක්   ඉන්නවා.  පළවෙනි  ප්‍රශ්ණෙ  තමයි  ටොයිලට්
නැති එක.  ඒ  එක්කම  කරන්ට්  එක  නෑ.  වතුර  නෑ.  අපේ  මහත්තය  නගරසභාවෙ  කම්කරුවෙක්.   අපිට  ඡන්ද කාලෙනම්  පොරොන්දු  දුන්න  අරව මේව කරල   දෙනව
කියල.  ඒ වුනාට   තවමත්  කිසිදෙයක්  කෙරිල නෑ ”
වැසිකිලි  සදහා   ඉඩ කඩක්   නැති  නමුත්  ඔවුන්  ඉල්ලන්නේ  තමන්ගේ  කුඩා  ස්ථානය  ඇතුලේ  තම  පවුලට
අවශ්‍ය  වැසිකිලිය  තනාගැනීමට  උදව්  කරන  ලෙසය.

ඔවුන්ගේ   අසරණකම  නිසාම  තමන්ගේ  ප්‍රශ්ණ   වෙනත්  අයෙකුට  ප්‍රකාශ  කිරීමට  පවා  බියක්  දක්වයි.  ඒනිසා  හැකි  පමණින්  මොනවා   හෝ  දෙයක්
කර  ජීවිතය  ගැට  ගසාගන්නවා  හැර  කරන්නට  වෙන  දෙයක්  නැතිබව  ඔවුන්  දරන  අදහසයි.  දරුවන්ගේ  අධ්‍යාපනය  ගැන  ඇසූවිට  සුනිල්   පැවසුවේ
මෙවන්  අදහසක්.- අපි  අපේ  ළමයින්ව  යවන්නෙ  ලගම  තියෙන  තිල්ලන්දූව  ඉස්කෝලෙට.   අපිට  ළමයින්ව  දුරකට  යවන්න  වත්කමක්  නෑ.  මේ  ඉස්කෝලෙට
යවනඑක  ලේසියි.

මේ  අන්දමින්   සරල  සහ  අසීරු   පැවැත්මටකට  හුරුවූ  මේ  ජනතාවට අදාලවූ  ප්‍රශ්ණ  විසදා  ගැනීමට  වගකිවයුතු  අයගේ  අවධානය  යොමුවන්නේ
නම්    අත්‍යාවශ්‍ය  දේවල්  ටිකවත්  කරගැනීමට    හැකිවනු  ඇත.DSC_1274 DSC_1275 DSC_1286


සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article