spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පළාත් සභා මන්ත්‍රීවරු චෝදනා කරන හැඩකාර ගණන්කාරයා කවුද ?

Must read

වෙන්නප්පුව ප්‍රදේශයේ පුද්ගලික පන්ති පැවැත්වූ පුද්ගලයින් දෙදෙනෙකුගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස වයඹ පළාත් සභා මන්ත්‍රීවරු තිදෙනෙක් වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිඛේ.
වයඹ පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලැබූ  10 සහ 11 යන ශ්‍රෙණි වල  දෙවෙනි වාර විභාග වලදී ඉතිහාසය හා ගණිතය ප්‍රශ්න පත්තර වලට සමාන ඉලක්ක ප්‍රශ්න පත්තර දෙකක්  පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඔවුන් විසින් පැවැත්වූ  පන්ති වලදී  සිසුන්ට ලබාදී ඇති බවට මතුවී ඇති සැකයක් මත මේ සම්බන්ධව මෙම පැමිණිල්ල කර තිඛේ. වෙන්නප්පුව පොලීසියට සිදුකළ පැමිණිල්ල තවමත් විභාග කර නොමැති අතර, මෙම පන්ති පැවැත්වූ දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් වන දක්ෂි සදකැලුම් මහතා සාන්ත ආනාපුර කනිෂ්ඨ විද්‍යාලයේ  කාර්යාල සහයක තනතුර දරමින් සිටි අතර මෙම සිදුවීමෙන් පසු   ඔහුව මේ වනවිට  ආරච්චිකට්ටුව ආනවිලුන්දාව කනිෂ්ඨ විද්‍යාලයට මාරුකර යවා තිඛේ.
පාසල් ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට දක්ෂිණ සදකැලුම් මහතා මේ වනවිට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂකයෙක් වන අතර  එම පාසලේ සා.පෙළ සිසු සිසුවියන්ගේ ගණිත විෂයට සම්බන්ධ දැනුම ඉහළ අගයක් දක්වා ගෙන ඒම සදහා කැපවී ක්‍රියාකළ නිලධාරියෙකි.maths teacherL
නමුත්  පාසල තුලදී දරුවන්ට ඉගැන්වීමට ඔහුට හැකියාවක් ඇතත් බාහිර පන්ති පැවැත්වීමට  සදාචාරාත්මක අයිතිය උපාධිය අවසන් වන තුරු ඔහුට නොමැති බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ  විද්වතුන්ගේ මතයයි.
මේ සම්බන්ධව දක්ෂිණ සදකැලුම් මහතාගේ අදහස පිළිබදව විමසූ විට ඔහුගේ අදහස වූයේ  ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබාදී ඇති පෙරහුරු ප්‍රශ්න පත්තර පොතේ ඇති ප්‍රශ්න හා පිළිතුරු තමන් සිසු සිසුවියන්ට ඉගැන්වූ බවත්  කිසිදු ආකාරයකින් තමන් විභාග ප්‍රශ්න පත්තරය අනුමාන කර  කොපි කිරීමක් සිදුනොකළ බවයි.
නමුත් පෙරහුරු ප්‍රශ්න පත්තරයේ ඇති ප්‍රශ්න රටා යම්කිසි ආකාරයකට මෙවර 10 -11 වසර වල වාර විභාගයට  ඉදිරිපත් කර ඇති නිසාත් එම ප්‍රශ්න කලින් සම්මන්ත්‍රණ වලදී ළමුන්ට ඉගැන්වීම නිසාත් මෙම ගැටළුව  මතුවී  ඇති බව ඔහු පැහැදිලි කරන ලදී.  කසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් තමන්ව විමර්ශනයකට තවමත් කැදවා නැති බැවින් විමර්ශනයේදී එම කරුණු පැහැදිලි කිරීමට තමන් බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම මෙම සිදුවීම පිටුපස දේශපාලන පලිගැනීමක් ද තිඛෙන බව සදහන් කරන දක්ෂින සදකැලුම් මහතා පැවසූවේ තමන් වයඹ පළාත් සභා අධ්‍යාපන ඇමති සන්ධ්‍ය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෙක් බවයි.20769935_154755005102363_8069820176861227886_n
පහත උපුටා දක්වා ඇත්තේ වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාගේ ෆේස් බුක් අඩවියේ ඒ පිළිබදව පලකළ ඇති සටහනකි.

වයඹ පළාත තුල සියලු පාසැල් වලට වාරවිභාග සදහා ලබා දෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයකි. මෙවර වාර විභාගයේ 10 වසර සහ 11 වසර ගණිතය සහ ඉතිහිහාසය ප්‍රශ්න පත්‍ර දෙකට බොහෝ සෙයින් සමාන නිබන්ධන දෙකක් විභාගයට දින දෙකකට පෙර සාකච්ඡා කල, පළාත් දේශපාලනඥයෙක්ට සම්බන්ධ විශ්මකර්මයින් දෙදෙනෙක් අපට සොයාගැනීමට හැකිවුනා. මේ සම්බන්ධයෙන් අපට වැරදීමක් සිදුවීමට හැකි නිසා විශේෂඥයින්ගේ සහය ඇතිව සත්‍යය සොයා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට භාර දීමට අප කටයුතු කලා.
https://www.facebook.com/chithralfernando


සටහන – කුමාරි ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article