spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තලාක් දික්කසාද ක්‍රමය තහනම්..

Must read

DH5ZbePV0AALgyvඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතාමත් වැදගත් මෙන්ම ආන්දෝලනයට තුඩු දෙන තීන්දුවක් ප්‍රතාශයට පත්කොට තිබෙනවා. ඒ සුන්නි මුස්ලිම්වරුන් විසින් සිදුකරන “තලාක් දික්කසාද” ක්‍රමය ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්. තලාක් දික්කසාද ක්‍රමයේදී ඕනෑම ස්වාමිපුරුෂයෙකුට තුන්වරක් “තලාක්” යන වචනය උච්චාරණය කිරීමේන් දික්කසාද කිරීමේ හැකියාව පවතිනවා.

පස්දෙනෙකුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඉදිරිපත් කල පිටු 395කින් සමන්විත නඩු තීන්දුවට අනුව තලාක් දික්කසාද ක්‍රමය ව්‍යවස්ථා විරෝධී,හිතුවක්කාර හා අහේතුක බවට 3:2 කින් අනුමත වී තිබෙනවා. තලාක් දික්කසාද ක්‍රමය අනුව අසාධාරණයට ලක්වූ කාන්තාවන් විසින් දිගින් දිගටම ඉදිරිපත් කල පෙත්සම් මගින් කියා ඇත්තේ එමගින් තමන්ගේ සමාන අයිතීන් වලට දැඩිලපෑමක් වන බවයි.

මෙම නඩු තීන්දුව ලබාදුන් විනිසුරු මඩුල්ලේ විනිශ්චයකාරුවෙකු වන නරිමාන් මහතා පවසන්නේ කුරානය මගින් අනුමත කරඇති දෙයක් නොවන බවයි. මෙවැනි දෙයක් කුරාණයේ සදහන් වන බව සිතුවත් කිසිදු අවස්ථාවක ඒ සදහා බලකිරීමක් කුරාණයේ නොවන බවත් ඒ මහතා සදහන් කර ඇත.

නමුත් මෙම දික්කසාද ක්‍රමයට පක්ෂව තීන්දුව ලබාදුන් විනිසුරුවන්ගේ අදහස වී ඇත්තේ වසර 1400ක් තිස්සේ පැවැති දෙයක් වෙනස් කිරීමට හෝ නොසලකා හැරීමට නීතියෙන් බලපෑම් කල නොහැකි බවයි.DH2FEdYUIAE5kHnnew DH5EkWgXsAA0EaH


https://thewire.in ඇසුරෙන් මිතිලායා ගමගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article