spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නවලෝක රෝහලට “ලේ” ගැන අවනඩුවක් !

Must read

 tube

Blood test එකක් කොළඹින් ලියා දුන්නම මීගමුවෙ නවලෝකෙට ඇවිත් ඉරිද ලේ දුන්න. Sample tube හතක් ගත්ත. Report අද හවස දෙන්නම් කිව්ව.
ඊයෙ උදේ call කරල නවලෝකෙන් අහනව තව blood sample දෙකක් ගන්න ඕනෙ. කීයටද එන්න පුළුවන් කියල. එන වෙලාව හරියට ඕනෙලු, courier කරන කෙනා ගෙන්න ගන්න. මොකද blood අරන් පැය දෙකක් ඇතුළත test කරන්න ඕනෙලු.
ඒ කියන්නෙ lab එකේ ඉන්න අය test එක මොකක්ද දන්නෙ නෑ. සතියෙ දවස්වල එන්න අපහසු නිසයි ඊයෙ ගියේ. ඊයෙ ආයෙ යන්න පැට්‍රල් වියදම් නවලෝකෙන් ගෙවනවද..කලින් ගත්තු blood සාම්පල් වල ලේ අපරාදෙ අහක ගිය එකට නවලෝකෙ වගකියනවද…
ලොකු දොස්තර එක්ක මේ ගැන ටිකක් දිගට කළ කතාවේ අවසානයේ දුන් උපදෙස වුණේ blood sample එකක් ප්‍රවාහනය කිරීමේ කාලයේදී කැටි ගැසීමට ඉඩ ඇති නිසා කොළඹටම ගොස් ලේ දීම සුදුසු බව හා එමගින් මෙවන් අපහසුතා ඇති නොවන බවයි. එහෙනම් ඒ බව ඊයේ නොකීවේ ඇයි ?
ඒත් මට හැඟෙන්නේ lab එකේ උන්න බබා මේ බව නොදැන පමා වී sample යැවීමෙන් මෙසේ වන්නට ඇති බවයි. නැත්තං ඊයේ යවන එකත් කැටි ගැහෙන්න එපැයි. (ඊයේ courier එකෙන් ඇවිත් උන්න නිසා අවුලක් වුණේ නෑ.)
ඔය test එක කරන විදිහ දන්නෙ නෑ කිව්ව නං අපිට කොළඹ යන්න තිබුණ..එහෙනම් මේ රස්තියාදුව නෑ. ඇඟේ ලේත් ඉතිරියි.
ප්‍රාදේශීයව වුණත් blood sample එකක් test කරන ක්‍රමවේදය නොදන්න බබාල lab එකට දාන්නෙ ඇයි…ලෙඩ්ඩු එක්ක සෙල්ලං කිරීම හොඳයිද…
(හෙන්රි වර්ණකුලසුරියගේ මුහුණු පොතෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article